English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


අතුරුදහන්වු මාධ්‍යවේදින් ගැනත් සොයනවා - අගමැති

පසුගිය කාලසීමාව තුළ පැවති වාතාවරණය හේතුකොට ගෙන අතුරුදහන්වු මාධ්‍යවේදින් පිළිබඳවත් සෙසු පුද්ගලයින් පිළිබඳවත් එසේ ඔවුන් අතුරුදහන්වීමට හේතු කවරේදැයි සොයාබැලීම අතුරුදහන්වුවන්ගේ කාර්යාලය මගින් සිදුකෙරෙන බව අගමැති රනිල් වික‍්‍රමසිංහ ප‍්‍රකාශ කළේය.

අතුරුදහන්වුවන් වෙනුවෙන් ඇති මෙම නව කාර්යාලයෙන් සත්‍යය සොයා ගැනීම සහ සංහිඳියාවට මාර්ගය ද සැළසෙන බව පැවසූ අග‍්‍රාමාත්‍යවරයා, පසුගිය කාලයේදි පැවති වාතාවරණය යටතේ මානව හිමිකම් කඩවීම් නිසා අතුරුදහන්වු ප‍්‍රගීත් එක්නැළිගොඩ ඇතුළු මාධ්‍යවේදින් හා සෙසු පිරිස එසේ අතුරුදහන්වීමට හේතු සොයා බැලිම සිදුකළ යුුතු බවත්  මානව හිමිකම් අනාගතයේ කොටසක් ලෙසට සළකා  ක‍්‍රියා කළ යුතු බවත් අගමැතිවරයා සඳහන් කළේය.

මෙම නව කාර්යාලයේ පරීක්‍ෂණ ඇතුළු සියලූ කටයුතු සිදුකරනු ලබන්නේ අපේ රටේ පවතින නීතිය යටතේ බවත් ශක්තිමත් නීති පද්ධතියක් අප රට සතු බවත් කීහ.

අගමැතිවරයා විසින් මෙසේ ප‍්‍රකාශකරනු ලැබුවේ, ඊයේ එනම් අගෝ 18 වෙනිදා කොළඹ නීති විද්‍යාලයේ පැවති උත්සවයකදීය.

සංවර්ධිත රටවල පවතින නීති පද්ධතිය මෙන් ශක්තිමත් නීති අප රටේ නීති පද්ධතියට ඇතුළත් කරන බව පැවසූ අග්‍රාමාත්‍යවරයා පසුගිය කාලවලදී නීති පද්ධතියේ ගැටලු පැවැතිබවත් පැවසීය. එම නිසා ස්ත්‍රී දූෂකයින්ට නිදහස ලැබුණු කාලයක්ද තිබූ බව සිහිපත් කළ අග්‍රාමාත්‍යවරයා, අතුරුදන්වූවන්ගේ සංඛ්‍යාව සහ තොරතුරු වාර්තා විය යුතු බවත්, සත්‍යය අහිමිරි වුවත්, සත්‍යය අනාවරණය කරගත යුතු බව ප්‍රකාශ කළේය.

-මෙලනි




2016-08-19
Advertisement

Find us on Facebook