English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


“ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ දිනා ගනිමු” .....කුරුණෑගලදී 20 දින !


මේ රටේ සියළුම ප්‍රගතිශීලී ජනතාව එකට එකතුවී බිහිකළ නව යහපාලන ආණ්ඩුව බලයට පත් කර අවුරුද්දක් ඉක්මවා ගොස් ඇති මේ මොහොතේ රජයේ ක්‍රියාවන් සම්බන්ධ පැසසුම් හා විවේචනයන් පිළිබඳ සංවාදයක් ගොඩනැගීම සඳහා “ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ දිනාගනිමු” යන මැයෙන් පුරවැසි සභාව අගෝස්තු 20 වන දින උදේ 9.30 ට වයඹ පළාත් සභාවේ ලිච්ඡවී ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නිදහසේ වේදිකාව හා වීදියේ විරෝධය සංවිධානය විසින් කටයුතු යොදා තිබේ.

රට තුළ දීර්ඝ කාලීන සාමය ඇති කිරීම, විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම, මානව හිමිකම් ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් තහවුරු කිරීම, දුෂණය හා අපරාධ වැලක්වීමට යාන්ත්‍රණයක් ඇතිකර නීතියේ ආධිපත්‍ය තහවුරු කිරීම, දුෂිතයින් හා අපරාධකරුවන් අල්ලා දඬුවම් පැමිණවීම හා කොල්ලකාරී ආර්ථික ක්‍රමය වෙනුවට සමාජ වෙළඳපොල යාන්ත්‍රණය තුළ ක්‍රියාත්මක වන ආර්ථික ක්‍රමයක් ගොඩනැගීම මෙම රජය ගොඩනැගීම සඳහා ප්‍රමුඛවූ කාරණා විය. මෙම කරුණු ඉටු කිරීම වෙනුවෙන් පැමිණි නව රජය බලයට පත්වී මේ වන විට අවරුදු 2 කට ආසන්නවී තිබේ.

මේ පිලිබඳ සංවාදය සඳහා අධිනීතිඥ ලාල් විජේනායක, ආචාර්ය වික්‍රමභාහු කරුණාරත්න, නීතිඥ සුදර්ශන ගුණවර්ධන, බ්‍රිටෝ ප්‍රනාන්දු හා පිලිප් දිසානායක යන මහතුන් අදහස් දැක්වීමට නියමිත අතර වයඹ පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක, නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ සහ පළාත් සභා මන්ත්‍රී නාමල් කරුණාරත්න යන අය සහභාගීවීමට නියමිතය.




                              උපුටා ගැනීම -  http://www.right2lifelanka.org

                                                                           
                                                                      -  මෙලනි






2016-08-19
Advertisement

Find us on Facebook