English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


ඔහු ලුහුබඳින්නෝ කාගේ සේවාදායකයෝ ද ? කුලීකරුවෝද ?




ශ‍්‍රි ලංකා නීතිඥ සංගමයේ සභාපති උපුල් ජයසූරිය මහතා පසුපස ලුහුබඳින ඔත්තුකරුවන් සිටින බවත් ඔවුන් කවුරුන්ගේ අවශ්‍යතාවයක් පිරිමසනවාද යන්නත් පිළිබඳව ප‍්‍රශ්නයක් පැනනගින බව ජනාධිපති නීතිඥ උපුල් ජයසූරීය මහතා පවසා ඇත.

ඉරිදා දිවයින පුවත්පතෙහි වාර්තාකරු අජිත් අලහකෝන් සමඟ
නීතිඥ උපුල් ජයසූරිය මහතා සිදුකළ සාකච්ඡාවකදි සිය ලුහුබඳින්නන් පිළිබඳව පළකල අදහස්වලින් උපුටාගනු ලැබු කොටසක් මෙසේය....

ඔහු පසුපස ලූහුබැඳ පැමිණි ආ පුද්ගලයින් පිළිබඳ තවමත් තොරතුරුක් නැද්දැයි  ඇසු විට ජයසූරිය මහතා ප‍්‍රකාශකර ඇත්තේ : පොලිසිය දක්‍ෂ ලෙස පරීක්‍ෂණ කටයුතු කරගෙන යන බව පෙනෙනවා. මම හිතනවා ඒ පරීක්‍ෂණවල යහපත් ප්‍රතිඵලයක්‌ ඉතා ඉක්‌මනින් දකින්න ලැබේවි කියා. විශේෂයෙන් කොළඹ අපරාධ විමර්ශන අංශය මෙතෙක්‌ කළ පරීක්‍ෂණවලට මගේ ප්‍රශංසාව හිමිවිය යුතුයි.


උපුල් ජයසූරිය මහතා පසුපස ලූහුබැඳ ආ යතුරු පැදියේ සහ ත‍්‍රිරෝද රථයේ අංක එකතු කළ විට දහතුනේ අගය ලැබෙන අතර එවැනි අංකයන් දෙපාර්තමේන්තුව නිකුත් නොකරන බවත් ඒවා ව්‍යාජ අංක බවත් සොයාගත්තේ ද ජයසූරිය මහතාම නොවෙදැයි ඇසු විට" මේ පිළිබඳ කිසිවකු දැන සිටියේ නෑ. පොලිසියවත්, විශේෂයෙන්ම අපරාධ විමර්ශන අංශයවත් එවැනි තීරණ මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව අරගෙන ඇති බව දැනුවත්ව සිටියේ නෑ. ඒ ගැන පොලිසිය, ජනතාව දැනුවත් කරන්න තිබුණා. කොළඹ නගරයේ මෝටර් රථ හැසිරවීම සඳහා පොලිස්‌ නිලධාරීන් සිය ගණනක්‌ මහා මාර්ගයේ කටයුතු කරනවා. ප්‍රශ්නය තමයි මෙවන් අංක තහඩු සහිත වාහන රටේ ප්‍රධානම මර්මස්‌ථානය වන ජනාධිපතිවරයාගේ කාර්යාලය ඉදිරිපිට සැරිසරන්න තරම් ශක්‌තියක්‌, ධෛර්යයක්‌ මේ අයට ලැබුණේ කොහොමද කියන එක.  මේ අය පිටුපස සිටින සෙවණැල්ල කවුද කියන එක.

ඔය සිද්ධිය වන අවස්ථාවේ එම ස්ථානයට යාබදව මෝටර් රථ හැසිරවීමට පොලිස් නිලධාරීන් හැත්තෑ පහක් විතර ඉන්න ඇති. ඒ අය නොදැනුවත්ව මොවුන් මෙසේ සැරිසැරීම තුළින් පෙනෙන්නේ මොවුන්ට කවුරුන් හෝ විසින් සහතිකයක් දී ඇති බවයි. ඒ නිසා මේ සිද්ධිය පිළිබඳ රජයේ වගකීම බලවත් ලෙස තීව්ර වෙනවා.

ඔහුව ඝාතනය කිරිමට / හිරිහැරයක් කිරීමට සාමාන්‍ය පුරවැසියෙකුට කිසිසේත් අවශ්‍යතාවයක් නැති අතර මෙය කාගේ අවශ්‍යතාවයක් ද සහ ඊට හේතුව කුමක් දැයි ඇසු විට  ඔව්... "මේකට ආසන්නතම හේතුව තමයි පසුගියදා අප නිකුත් කළ පුවත්පත් නිවේදනය. රාජ්ය නොවන සංවිධානවලට මාධ්ය සාකච්ඡා පැවැත්වීම, මාධ්ය නිවේදන නිකුත් කිරීම තහනම් කර ආරක්ෂක අමාත්යාංශය විසින් නියෝගයක් කළා. ඒ නියෝගය සම්බන්ධව ශ්රී ලංකා නීතිඥ සංගමයේ විධායක සභාව ජුලි 11 දා පුවත්පත් නිවේදනයක් නිකුත් කළා. ආරක්ෂක අමාත්යාංශයේ අදාළ නියෝගය නිර්දය ලෙස විවේචනය කරමින් තමයි අපි මේ පුවත්පත් නිවේදනය නිකුත් කළේ. එය 13 දා පුවත්පත්වල පළවුණා. මා පසුපස යතුරුපැදිකරු සහ ත්රිරෝද රථය ලුහුබැන්දේ 15 දා. දෙවනුව මගේ නිවස අසල සැකකරුවන් ගැවසුණේ 16 හා 17 යන දිනවල. මේ හැම සිදුවීමකටම ඉතා කිට්ටු සම්බන්ධතාවක් තිබෙන බව පැහැදිලියි. ආරක්ෂක අමාත්යාංශ ය වගකීමක් මේ සිද්ධිය පිළිබඳ පරීක්ෂා කර ඒ පිළිබඳව පියවර ගැනීම. එපමණයි මට මේ අවස්ථාවේදී කිව හැක්කේ." යනුවෙන්
ජයසූරිය මහතා ප‍්‍රකාශකර ඇත.




2014-08-03
Advertisement

Find us on Facebook