English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


සමාන හා සාමකාමී ශ‍්‍රී ලංකාවක් වෙනුවෙන් හෙට හවස !


"අපිට අවශ්‍ය වන්නේ රජය, විශේෂයෙන්ම අධිකරණය හා නීතිය බලාත්මක කිරීමේ නිලධාරීන් විසින් සමානාත්මතාව හා විවිධත්වය තුළ සමඟිය ප‍්‍රවර්ධනය කිරීම, වෛරය පෙළඹවීමට වගකිවයුතු අයට විරුද්ධව කි‍්‍රයා කිරීම,  සහ අනාගතයේදී මෙවන් කි‍්‍රයාවන් නැවත ඇතිවීම වැළැක්වීමට නිසි ක‍්‍රියාමාර්ග ගැනීමයි. ඒ සඳහා ඔබේ සහයෝගය පෙන්වීමට ඔබේ මිතුරන්, පවුලේ සාමාජිකයින් සහ අනෙක් අය සමඟ පැමිණ අප හා එක්වන්න." යැයි විවිධවු ජනවාර්ගික , සංස්කෘතික හා ආගමීක අනන්‍යතාවයන් සමානව සැමරිය හැකි සමාජයක් ගොඩනැගීමට කැපවුණු සැලකිළිමත් වගකීමකින් යුතු පුරවැසියන් වශයෙන් නියෝජනය කරන කණ්ඩායමක් ප‍්‍රකාශ කරනු ලබයි.

සියලූදෙනාම එක සමාන බව සහ බහුජන හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී ශ‍්‍රී ලංකාවක් තුළ සමාන තැනක් ඇති බවත් සියලූදෙනාටම මෙය යථාර්ථයක්වීම සඳහා අපට දායක විය හැකිය සහ එය කළ යුතුය යන්නත් විශ්වාස කරන බව ඔව්හු පවසති.

එමෙන්ම, "කුමන හෝ කණ්ඩායමක් හෝ තනි පුද්ගලයෙක් විසින් සිදු කරන ජාතික හෝ ජනවාර්ගික වෛරය පෙළෙඹවීම, බොහෝදුරට ලිංගික ස්වාභාවයක් ගන්නා සහ සමලිංගිකත්වය කෙරෙහි අනියත වෛරයක් හෝ බියක් පෙන්නුම් කරන ආකාරයෙන්, අපි හෙලාදකින්නෙමු. එසේ ඉලක්ක කරන්නා වු සියලූදෙනා සමඟ සහෝදරත්වයෙන් අපි එක්වන්නෙමු." යැයි ද කියති.

මෙරට තුළ ගරුත්වය, සුවපත් කිරීම හා සංහිඳියාව සඳහා හිතකර වු පරිසරයක් නිර්මාණයට ඔවුන් සැම දෙනා මෙන්ම, දේශපාලනඥයින් හා දේශපාලන පක්ෂ, ආගමික හා අධ්‍යාපනික අධිකාරීන් හා ආයතන, සහ මාධ්‍යය වගකීම භාරගත යුතු බව අවධාරණය කරතිි.

"සියලූම අනන්‍යතාවන් සහිත වු පුද්ගලයින් ලෙස සමඟිය, සමානාත්මතාව හා සාමයේ ශක්තියෙන් එකට එක්වී අපගේ සහෝදරත්වය පෙන්වීමටත් අනෙක් පුද්ගලයින්ට හෝ ප‍්‍රජාවන්ට එරෙහිව බියගැන්වීම්, වෛරය හා ප‍්‍රචණ්ඩත්වය පොළඹවන ආකාරයෙන් තනි පුද්ගලයෙක් හෝ ප‍්‍රජාවක් විසින් සිදු කරනු ලබන ප‍්‍රකාශන හෙලා දැකීමටත් සියලූදෙනාටම සාධාරණ හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී ශ‍්‍රී ලංකාවක් ගොඩනැගීම උදෙසා සහෝදරත්වය සහ හොඳහිත වැඩි දියුණු කිරීමටත්" යන ප‍්‍රමුඛතා වෙනුවෙන්  පෙනීසිටින්නට හෙට එනම් අගෝස්තු මස 15 වෙනිදා පස්වරු 4 30 ට කොළඹ බෞද්ධාලෝක මාවතේ පිහිටි ආකේඞ් උද්‍යානය පසුකර නිදහස් චතුරශ‍්‍රය දෙසට ඇති මාවතෙහි පිහිටි විදුලි සංඥා අසළට පැමිණෙන ලෙසට ඔවුන් ආරාධනා කරති.


ඔවුන්ගේ දැන්වීමේ මෙසේද සඳහන්කර ඇත.

සමාන හා සාමකාමී ශ‍්‍රී ලංකාවක් සඳහා ඔබේ සහයෝගය පෙන්වීමට ඔබේ මිතුරන්, පවුලේ සාමාජිකයින් සහ අනෙක් අය සමඟ පැමිණෙන්න.

කරුණාකර අපගේ ෆෙස්බුක් පිටුවට ප‍්‍රතිචාර දක්වන්න හා එහි අන්තර්ගතයන් බෙදාගන්න. අනාගත කි‍්‍රයාකාරීත්වයන් පිළිබඳ වැඩි විස්තර සඳහා මෙම පිටුව බලන්න.https://www.facebook.com/DifferentYetEqual2016/
අපගේ පිටුවෙන්  ඕනෑම සටන් පාඨයක් උපුටාගන්න, ඔබට කැමැති පෝස්ටර් නිර්මාණයකර රැගෙන එන්න!

-    මෙලනි



2016-08-14
Advertisement

Find us on Facebook