English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


දුෂණයකට යුක්තිය ඉටුවුණු මොහොතක් !
වසර 2005, 10 වෙනි මාසේ 10 වෙනිදා ,  කටුණායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල තුළදී දුෂණය වු කාන්තාවකට ලක්‍ෂ 4ක වන්දියක් තීන්දු වු අතර විත්තිකරුට වසර 20 ක සිර දඬුවමක් තීන්දු විය.

මෙම සිද්ධියට අදාළ කාන්තාව, මෙපමණ කාලසීමාවක් තුළ දී අනේක විධ දුෂ්කරතාවන්ට මුහුණ දෙමින් ජීවිතය ගත කළ අතර, ඇගේ ස්වාමියා ද ඇය අතහැර ගොස් සිටියි.



පුරා වසර 11ක් තුළ විභාග වු මෙම නඩුව සඳහා තම ආයතනයේ නීති අංශයෙන් සැලකිය යුතු මැදිහත්වීමක් සිදුකළ බව ද ඇය වෙනුවෙන් අරමුදලක් ද ගොඩනැගීමට දායකවු බව රයිට් ටු ලයිෆ් මානව හිමිකම් සංවිධානය ප‍්‍රකාශ කරයි.

එම සිද්ධියට මුහුණ කාන්තාවගේ කථා පුවත රයිට් ටු ලයිෆ් මානව හිමිකම් සංවිධානයේ රිෆෝම් වෙබ් අඩවිය මෙසේ වාර්තාකරයි.

2005.10.10 දින කටුනායක ගුවන් තොටුපලේදී ගුවන්තොටුපල ආරක්ෂකයකු විසින් 23 හැවිරිදි කාන්තාවක් බරපතළ ලිංගික අතවර කිරීමේ සිද්ධියට අදාළ නඩුව වසර 11 ක් තිස්සේ මීගමු මහා අධිකරණයේ විභාග විය. පසුගියදා මීගමුව මහා අධිකරණ විනිසුරු පියසීලි වික්‍රමසිංහ මහත්මිය විසින් අදල විත්තිකරු වූ ගුවන්තොටුපල ආරක්ෂක නිලධාරියාට උපරිම සිර දඬුවම් ලබා දෙමින්, වසර 20 ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් හා දුෂණයට ලක්වූ නිලුකා මහත්මියට රු. ලක්ෂ 4 ක වන්දියක් විත්තිකරැ විසින් ගෙවිය යුතු බවට අධිකරණය විසින් නියෝග කළේය.

එක් දරු මවක් වූ කුරැණෑගල, බණ්නක්ගම පදිංචි නිලුකා මහත්මිය කුවේට් දේශයේ රැකියාවකට පිටත් වීම සඳහා කටුනායක ගුවන් තොටුපොලට පැමිණි අවස්ථාවේ එහි සිටි ආරක්ෂක නිලධාරීන් කීප දෙනෙකු විසින් ඇයව රැගෙනගොස් බලහත්කාරයෙන් දියර වර්ගයක් පොවා සිහිය නැතිකර දුෂණය කර ඇති බවට ඇය විසින් කටුනායක පොලිසියේ කල පැමිණිල්ලේ සඳහන් විය. පසුව කටුනායක පොලිසිය විසින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් 05 දෙනෙකු අත්අඩංගුවට ගත් අතර හඳුනාගැනීමේ පෙරට්ටුවක් මඟින් ඇය විසින් එක් ගුවන් තොටුපල ආරක්ෂක නිලධාරියෙකු හදුනාගෙන තිබුනි.

තවද ඇයව දුෂණය කිරීමේ සිද්ධිට අදාළව ඇය විසින් වන්දි ඉල්ලා ඉදිරිපත් කර තිබු අංක 12242M දරණ  නඩුව මීගමුව දිසා අධිකරණයේ දී තවමත් විභාග වෙමින් පවතී.

                                                    ඡායාරූපය - reform 

-    මෙලනි  



2016-08-12
Advertisement

Find us on Facebook