English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


CSN‬ නාලිකාවේ මිලියන 157.5ක් + මල්වානේ සහ මාතර ඉඩම් රාජසන්තකයි

CSN‬ නාලිකාව නීති විරෝධීව ආයෝජනය කළ බව කියන රුපියල් මිලියන 157.5ක මුදලක් රාජසන්තක කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය අද (10) අවසර දුන්නේ ය.

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුව අධිකරණය මෙම නියෝගය නිකුත් කර තිබේ.

පෞද්ගලික බැංකුවක වෙනත් සමාගමක නමකින් මෙම මුදල් තැන්පත් කර තිබී ඇතැයි පරීක්ෂණවලදී හෙළිවී තිබේ.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසූයේ C.S.N නාලිකාවට නීතිවිරෝධීව ආයෝජන කර තිබූ රුපියල් මිලියන 157.5ක මුදලක් ශ්‍රී ලංකා මහබැංකුවේ තැන්පත් කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයෙන් අද දිනයේ අවසර ලැබී ඇති බවයි.

මල්වානේ සහ මාතර ඉඩම්

මේ අතර හිමිකරුවෙක් ඉදිරිපත් නොවන මාතර ප්‍රදේශයේ ඉඩම සංචාරක පුහුණු පාසලක් සඳහා වෙන් කිරීමට රජයේ අවධානය යොමු වී ඇති බවයි ඔහු පවසන්නේ.

දිවි නැඟුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රාග්ධන මුදල් පසුගිය ජනාධිපතිවරණයේ ප්‍රචාරණ කටයුතු සඳහා යොදා ගත් බවට හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට එරෙහිව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය එල්ල කරන චෝදනා නිවැරදි නොවන බව එස්.බී දිසානායක අමාත්‍යවරයා අඟහරුවාදා පැවසීය.

එස්.බී දිසානායක අමාත්‍යවරයා විසින් සිදු කරන ලද ඉහත කී ප්‍රකාශය සම්බන්ධයෙන් විමසා සිටි අවස්ථාවේ අමාත්‍ය රාජිත සේනාරත්න කියා සිටියේ එස්.බී දිසානායක අමාත්‍යවරයා කෙසේ පැවසුවත් එහි මූල්‍ය වංචාවක් සිදු වී ඇති බව ඕනෑම අයකුට පෙනෙන බවයි.


-  මෙලනි




2016-08-10
Advertisement

Find us on Facebook