English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


“අවරුදු 68 ක් තිස්සේ කර ගැනීමට නොහැකි වූ දේවල් කරගැනීමට හොඳම කාලය දැන් උදාවී ඇත ”
පිලිප් දිසානායක

"යහපාලනයේ අනාගතය” මැයෙන්  වූ සම්මන්ත්‍රණ මාලාවේ තවත් එක සම්මන්ත්‍රණයක් පසුගිය 5 වැනිදා හක්මනදී පැවැත්විය එහිදී පිලිප් දිසානායක මහතා විසින් දැක්වූ අදහස් කීපයක් මෙසේය.

“මේ යහපාලන ආණ්ඩුව අපට නැවුම් අත්දැකීමක්, හැබැයි මෙයම තමයි අපට අවස්ථාව අවරුදු 68 ක් තිස්සේ කරගැනීමට නොහැකි වූ දේවල් කර ගන්න තියෙන හොඳම අවස්ථාව. මේ අවස්ථාව අපි සිහි බුද්දියෙන් පාවිච්චි නොකලොත් මේක ගිලිහෙන්න පුළුවන්”.

“1968 පස්සේ පළමුවෙන්ම කැරළි ඇති වුනේ උතුරේ නොව දකුණේය, ඒ 1971 දී. දෙවනුව තමයි එය උතුරට ගියේ. දකුණේ කැරළි දෙකක් සිද්ධ වුනා, උතුරේ අවරුදු 30 ක යුද්දයක් තිබුනා. මෙම කාරණාවල් සොයා බලන්න පත් කරපු රජයේ කොමිෂන් සභා ඇතුළු කමිටු වල නිර්දේශය වුනේ මෙම කැරළි වලට ප්‍රධාන හේතුව මෙම පාලන ක්‍රමයේ ඇති වැරැද්ද. විශේෂයෙන්ම මේ රටේ තරුණයින්ට රාජ්‍ය පාලන ක්‍රමයට සම්බන්ධ වීමට තිබෙන නොහැකියාව නිසා ඇතිවුන පීඩනයේ ප්‍රතිපල තමයි මේ සන්නද්ධ අරගලයන්. ඒ නිසා මෙම පාලන ක්‍රමය හැමෝටම සහභාගී විය හැකි ක්‍රමයකට ප්‍රජාතන්ත්‍රවාදී විය යුතුයි කියන කාරණාවල් එම කොමිෂන් සභා හරහා නිර්දේශ වුණා.”

“නමුත් ඒ නිර්දේශ වූ යෝජනාවන් පැවති රජයන් කිසිකෙනෙක් තඹ සතයකට මායිම් කලේ නෑ. සිදු වුනේ තිබුණු යම් කිසි ඉඩකඩත්, තිබුණු ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයත් එන්න එන්න අවහිර කිරීමයි. 1978 ව්‍යවස්ථාවෙනුත් සිද්ධ වුනේ එකමයි. එක්සත් ජාතික පක්ෂය එකට සහයෝගය දැක්වුවා වුනත්, දැන්  එක්සත් ජාතික පක්ෂය ඇතුළු සියලුම පක්ෂ කියනවා මේ ව්‍යවස්ථාව දැන් වෙනස් කරන්න ඕන කියල.”

“දැන් අපි සිවිල් සංවිධාන විදියට බලාපොරොත්තු වෙන්නේ මේ තියෙන යතාර්ථය හරියාකාරව තේරුම් ගැනීමයි. ඒ තේරුම් ගැනීම තුළ පමණයි අපට පුළුවන් වන්නේ ජනවාරී 8 ප්‍රාර්ථනා කරපු ඒ අරමුණු කරා යන්න. නැත්නම් අපි ජනවාරී 8 පරාජය කරපු ඒ බලවේග වල න්‍යාය පත්‍රයට යන්න ගියොත් අපි ආපස්සට යන එක වලක්වා ගන්න බෑ. අපි ආපස්සට යන එක වලක්වා ගන්නනම් එම බලවේග මතවාදී වශයෙනුත් පරාජය කරන්න ඕන. ඒ බලවේග තමයි පාරේ දඟලන්නේ. අපි නිශ්ශබ්දව බලා ඉන්නවා බොහොම කලකිරීමෙන් මොකද වෙන්නේ කියල.”



“කිසිම ආණ්ඩුවකට කරගන්න නොහැකි වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා ස්වාධීන කොමිෂන් සභා ඇතුළු කාරණා රාශියක් මේ වෙනකොට මේ ආණ්ඩුව ඉටුකරලා තියෙනවා. ස්වාධීන කොමිෂන් සභා හරහා දැන් දැනෙන්න පටන් අරන් තියෙනවා මේ රටේ තිබුණු ප්‍රධාන ආයතන යමිකිසි ස්වාධීනත්වයකින්  කටයුතු කරන බව. විශේෂයෙන්ම පොලිසිය, අනෙකුත් රාජ්‍ය අංශ හා අධිකරණය වැනි ආයතන ස්වාධීනත්වයකින් කටයුතු කරන්න ආරම්භ කරලා තියෙනවා. මේවා එක පාරට ඇඟට දැනෙන්නේ නෑ. ඇඟට දැනෙන්න තව ටික දවසක් යයි. නමුත් අපට දැනෙනවා ප්‍රධාන වෙනස් කම් මේ මොහොතේ ඇතිවෙමින් තියෙනවා කියල.”

“තවත් එක වැදගත් කාරණාවක් තමයි රජය ගෙනාපු තොරතුරු දැනගැනීමේ පනත,එක හරහා අපට පුළුවන් මේ රට තුළ සිද්ධ කරන දේවල් සම්බන්ධව ඍජුවම නිල තොරතුරු ලබාගන්න. ඒ පනතට පසුගියදා කතානායක තුමන් අත්සන් කළා. එම පනත ක්‍රියාත්මක වෙද්දී අපට  පුළුවන් රජය විසින් කරන්නාවූ විවිධ ක්‍රියාකාරකම්, කොන්ත්‍රාත්, මිලදීගැනීම්, ප්‍රාදේශීයව සිදුකරන දේවල්  හා රාජ්‍ය විසින් කරන්නාවූ සංවර්ධන ව්‍යාපෘති වල නිවැරදි තොරතුරු ලබාගන්න. මෙම තොරතුරු ලබාගැනීමට ඇති හැකියාව තුළ දුෂණය හා වංචාවන් සිදුකිරීම් බොහෝ දුරට මඟ හැරෙන්නටද ඉඩ තිබෙනවා.”


උපුටා ගැනීම - http://www.right2lifelanka.org/new/newsview.php?id=1916

-  මෙලනි






2016-08-10
Advertisement

Find us on Facebook