English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


දේශපාලන සිරකරුවන් නිදහස් කරනු !

සිය නිදහස උදෙසා සටන් වැදි දමිළ දේශපාලන සිරකරුවන් දෙදෙනෙකු වු නිමලරාජන් සහ දිල්රුක්ෂාන් මරාදමා අගෝස්තු මස 08 වෙනිදාට වසර හතරක් සම්පුර්ණ විය. එය නිමිත්තකොට ගෙන, තවමත් ලංකාව පුරා සිරමැදිරි 13ක චෝදනා සහිතව සහ කිසිදු චෝදනාවක් නොමැතිව දේශපාලන සිරකරුවන් ලෙසට ජීවත්වන සියලූම සිරකරුවන් නිදහස්කරන මෙන් ඉල්ලා සිටිමින් වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිටදී උද්ඝෝෂණයක් පැවැත්විණි.

එළියේ පවත්වනු ලබන උද්ඝෝෂණයට සමගාමීව බන්ධනාගාර තුළ ද දේශපාලන සිරකරුවන් විසින් එදින උද්ඝෝෂණයක නිරත විය. ඒ අගෝස්තු 08 වනදා දින ආහාර තුන්වේල වර්ජනය කරමින්ය. කොළඹ මෙන්ම යාපනයේ බස්නැවතුම් පොලේදිද එකම වේලාවට දේශපාලන සිරකරුවන් නිදහස්කරනු යන සටන් පාඨය ඔස්සේ උද්ඝෝෂණයක් පැවත්වු බව දේශපාලන සිරකරුවන් නිදහස්කර ගැනිමේ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු ගරු ෂත්‍යවේල් පියතුමා අයිතියට ප‍්‍රකාශ කළේය.





යුද්ධය නිමවී වසර 07ක් ගතවී ඇතත් දෙමළ දේශපාලන සිරකරුවන් කිසිදු චෝදනාවකට හෝ යටත් නොවී එසේ රඳවා තබාගැනීම කෙතරම් සාධාරණ දැයි ආණ්ඩුව සිතා බැලිය යුතුයැයි ප‍්‍රකාශ කළ ෂත්‍යවේල් පියතුමා දේශපාලන සිරකරුවන් වෙනුවෙන් තීන්දුව ගැනීම සම්බන්ධයෙන් ඉතාම ඇල්මැරුණු පියවරක් අනුගමනය කරන බවට චෝදනා කළේය.

මේ වසර ගණනාව තුළ දේ්ශපාලන සිරකරුවන් තමන්ගේ නිදහස්විම සඳහා නොයෙක් අවස්ථාවලදි උපවාස මාරාන්තික උපවාස සිදුකළා ඒ සෑම අවස්ථාවකදීම ආණ්ඩුව පිළිතුරු දුන්නේ ඉතාම ඉක්මනින් ඔවුන් නිදහස්කරන බව ප‍්‍රකාශ කරමින්. නමුත්  ඉතාම ස්වල්ප දෙනෙක් සහ විශේෂ ජනාධිපති සමාවක් යටතේ නිදහස්වු සිරකරුවා හැරුණු කොට සියයට වැඩි සිරකරුවන් පිරිසක් තවමත් බන්ධනාගාරතව සිටිනවා. කෙසේවෙතත් උපවාසකරන සෑම අවස්ථාවකදීම ආණ්ඩුව බොරු පොරොන්දු දෙමින්  දේශපාලන සිරකරුවන් මුලාකොට ඇතැයි ද කීහ.


වර්තමාන ආණ්ඩුව යම් යම් පියවර ගනු ලැබුවද දේශපාලන සිරකරුවන් එකසිය ගණනක් තවමත් සිරභාරයේ සිටින බව උද්ඝෝෂණයට සහභාගිවෙමින් සිටි නව සමසමාජ පක්‍ෂයේ නායක වික‍්‍රමබාහු කරුණාරත්න පැවසු අතර, ” ඔවුන්ව යහමගට ගන්නවා කියා තියාගෙන සිට එළියට දැම්මට පස්සේ සැකයක් මතුවී තිබෙනවා ඔවුන්ට වස විස දමා එළියට දමනවාද කියා. මොකද යම් අය අනුභූතිකව පිළිගන්න බැරි විධියට මැරීගෙන මැරීගෙන යනවා. මේක තමයි සැකය මතුවෙලා තිබෙන. එවැනි අපරාධයක් මේ සිරගෙවල්වල ඉන්න මේ සිරකරුවන්ට කරනවාද කියා සොයාබැලීම යහපාලන ආණ්ඩුවේ පැහැදිළි යුතුකමක් වෙනවා.” යැයි ද ප‍්‍රකාශ කළේය.

මෙම උද්ඝෝෂණයට සහය දැක්වීම පිණිස මහනුවර මානව හිමිකම් මධ්‍යස්ථානය විසින් සහය දක්වන දමිළ දේශපාලන සිරකරුවන්ගේ ඥාතින් ද පැමිණි සිටියහ.

කිසිම වරදක් නොමැතිව අත්අඩංගුවට ගෙන පසුව බන්ධනාගාරගත කරසිටන  සිය පුතා සහෝදරයෙක් හා ස්වාමිපුරුෂයෙක් පිළිබඳව අදහස් දැක්වු කේ. රාජේශ්වරි, කෙලෙයි චෙල්වි සහ ආර් යෝගේෂ්වරි කියා සිටියේ වසර අටක් නවක් තිසේසේ් තමන්ගේ ඥාතින් නිරපරාදේ අත්අඩංගුවට පත්වි සිටින බවත්  සියලූම දේශපාලන සිරකරුවන් වෙනුවෙන් සහය දැක්වීමට ඔවුන් මෙම උද්ඝෝෂණයට සහභාගවූ බවත්ය.  



"මේ ආණ්ඩුව ජිනීවා සැසිවාර වලදී හෝ මානව හිමිකම් පිළිබඳව කවුරුන් හෝ පැමිණියාම පමණයි දේශපාලන සිරකරුවන් ගැන කථාකරන්නේ. ඉන්පසුව ඔවුන් ගැන කල්පනාවක් නැහැ. අපි මේ ආණ්ඩුව බලයට ගෙනාවේ රටේ තිබෙන බරපතල ප‍්‍රශ්න විසදාගන්න. ඒ නිසා අපි මෛත‍්‍රි රනිල් ආණ්ඩුවට බලකර සිටිනවා යුද්ධය අවසාන වෙලා වසර හතකුත් ගෙවිලා ගිහිං තියෙන අවස්ථාවේදි දැන්වත් මේ දෙමිළ දේශපාලන සිරකරුවන්ව නිදහස් කරන්න කියලා.” යනුවෙන් උද්ඝෝෂණයට සහභාගවූ ශ‍්‍රි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාර්ලින් ප‍්‍රකාශ කළේය.

මෙම උද්ඝෝෂණය දේශපාලන සිරකරුවන් නිදහස්කර ගැනිමේ ජාතික ව්‍යාපාරය විසින් සංවිධානය කරතිබු අතර ඒ සඳහා දෙමිළ දේශපාලන සිරකරුවන්ගේ පවුල්වල ඥාතීන් ද මානව හිමිකම් ක‍්‍රියාධරයින් ද බොදුණු කිතුණු ආගමික නායකයින් හා වෘත්තීය සමිති නායකයින් ද සහභාගි වුහ.



ඡායාරූප සහ සටහන  - මෙලනි



2016-08-10
Advertisement

Find us on Facebook