English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


සාක්‍ෂියක් මරා දමති !



පළාත් සභා මන්ත‍්‍රිවරයෙකු විසින් සිදුකරන ලද යම් කිසි ක‍්‍රියාවක් ඔප්පු කිරීමට සිටී ප‍්‍රබලම සාක්‍ෂියක් ඊයේ (අගෝස්තු 01දා) මරා දමා, පාළු ළිඳක දමා තිබියදී සොයාගෙන තිබේ.
 
මෙසේ අභිරහස් ලෙස මරා දමා ඇත්තේ්, මෑතදී මහත් ආන්දෝලනයකට පසුබිම සැකසු පුත්තලම දිස්ත‍්‍රික්කයේ ආණමඩුව නවගත්තේගම නවෝද්‍යා පාසැලේ ගුරුවරියක් දණ ගැස්සු සිද්ධිය ඇසින් දුටු ප‍්‍රධාන සාක්‍ෂිකරුවකු වන පුඤ්ඤසෝම බණ්ඩාර යන අයයි.

ඔහු අදාළ පාසැල ආසන්නයේ පිහිටා ඇති නිවෙසක ජිවත්වන පුද්ගලයෙකු වන අතර මීට දින කිහිපයකට පෙර අතුරුදහන්වී ඇති බව ද පැවසේ.

මෙම අභිරහස් ඝාතනය සම්බන්ධයෙන් සැක මතුවන බැවින් මේ පිළිබඳව පරික්‍ෂණයක් පවත්වා රටට කරුණු හෙළිකළ යුතු යැයි ශ‍්‍රි ලංකා ගුරු සේවා සංගමය ප‍්‍රකාශ කරයි.

මහේස්ත‍්‍රාත් පරීක්‍ෂණ කඩිනම්ව ආරම්භ වීමට නියමිත බව ද වාර්තා වෙයි.

සිද්ධියට අදාළ ගුරුවරිය දණගැස්සවීම සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ එවකට පළාත් සභා මන්ත‍්‍රිවරයෙකු වු ආනන්ද සරත් කුමාර යන අය අධිකරණය හමුවේ වරදකරු වීමෙන් සිය මන්ත‍්‍රි ධූරය අහිමි විය.

පිංතුර  -  ඬේලිමිරර් වෙබ්අඩවිය




2014-08-02
Advertisement

Find us on Facebook