English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


තවමත් යුක්තිය ඉටුවී නැති 17 දෙනෙක් - අදට වසර 10 යි !

මරාදමනු ලබනු ඇක්ෂන් ෆේම් ආධාර ආයාතනයේ කාර්ය මණ්ඩලයෙන් කිහිප දෙනෙකු


ත‍්‍රිකුණාමලයේ මුත්තූර් හී සමූහ ඝාතනය එවකට රජයේ හමුදාවන් සහ දමිළ කොටි සටන්කාමින් අතර උග‍්‍ර සටන් පැවැති සමයක සිදුවුණු දරුණුතම ම්ලේඡ්ච ඝාතනවලින් එකක් ලෙසට වාර්තා විය. එය සැබවින්ම ඛේදවාකයක් වු අතර අද එනම් අගෝස්තු 04 වෙනිදාට ඊට දස වසරක් විය. එහෙත් දස වසරක් පුරාවට, එදා කෲර ඝාතනයකට මුහුණ දුන් මුත්තුර් ඇක්ෂන් ෆේම් ආධාර ආයතනයේ සේවකයින් හට සිදුවුණු සාධාරණයක් යුක්තියක් නැතැයි ඔවුන්ගේ ඥාතින් ප‍්‍රකාශ කරති.

සමූහ ඝාතනය එදා සිදුකළේ රජයේ හමුදාව බව සනාථකළ හැකි සාක්‍ෂි මත පිහිටා දැඩිසේ ඉල්ලා සිටී ජාත්‍යන්තර පරික්‍ෂණය පුස්සක් යැයි එම ඥාතීහු ප‍්‍රකාශ කරතිි.

"ජීවිතවල හොඳ කාල පරිච්ඡ්දයකදි ඔවුන් සමූහයක් ලෙසට ජීවිත පරිත්‍යාග කළා. එය බලහත්කාර මරා දැමීමක්. දස වසරක් පුරා කිසිම නායකයෙකුට, බලධාරියෙකුට බැරිවුණා අපිට යුක්තිය ඉටුකරන්නට." යැයි ඔව්හු කියා සිටිති.

සිය කාර්ය මණ්ඩල ඝාතකයින් කවුරුන්ද යන්න පිළිබඳව ඇසින් දුටුවන් , රහසිගත ලිපි සහ රාජ්‍යතාන්ත‍්‍රික මාර්ගවලින් සාක්‍ෂි ලැබුණු බව මීට පෙර ඇක්ෂන් ෆේම් ආධාර ආයාතනය විසින් ප‍්‍රකාශයට පත්කළ වාර්තාවක සඳහන් කළේය.

සටන් උග‍්‍රවන විට උතුරු නැගෙනහිර පළාත්වල විවිධ ආකාරයේ කාර්යයන් හි නිරතව සිටි රාජ්‍ය නොවන සංවිධාන, ජාත්‍යන්තර සංවිධාන, සහන ආධාර සපයන කණ්ඩායම් යනාදි සියලූම සංවිධාන කණ්ඩායම්වලට ඉවත්වන ලෙසට නියෝග ලැබිණි.

ඒ අනුව සියලූ සංවිධාන කණ්ඩායම් ඉවත්වී ගිය ද ඇක්ෂන් ෆේම් ආධාර ආයතනය පමණක් එහි රැදි සිටියේය. කාන්තාවන් සිව් දෙනෙකු ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලය 17 දෙනෙකු පෝලිම් ගසා , දණ ගසන ලෙසට නියෝගකර ආරක්‍ෂක හමුදාව විසින් ඔවුන්ට වෙඩි තබා ඝාතනය කළ බවට ඇක්ෂන් ෆේම් ආයාතනය එවකට චෝදනා කළේය. එමෙන්ම ශ‍්‍රි ලංකා ආණ්ඩුව සිය කාර්ය මණ්ඩලය ඝාතනය කළ ඝාතකයින් ආරක්‍ෂා කරන බවට ද ඔවුන් චෝදනා කළේය.


ඡායාරූපය  -  අන්තර්ජාලයෙන්
-    මෙලනි



2016-08-04
Advertisement

Find us on Facebook