English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


අසන්ත ගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇති බව පිළිගෙන ලක්ෂ දෙකක වන්දියක් පිරිණමයි




ගාල්ල, බද්දෙගම පාර, මඩවලමුල පදිංචි සංචාරක හොටල් අරක්කැමියෙකු ලෙස සේවය කරන තිස් දෙහැවිරිදි හැවිරිදි අසන්ත අරවින්දගේ මූලික අයිතිවාසික් කඩවී ඇති බව පිළිගත් ශ්‍රේෂ්ඨාධිකරණය රුපියල් ලක්ෂ දෙකක වන්දියක් පිරිනැමීමට ඊයේ (2) තීරණය කරන ලදී. 2008 වසරේ දී පිටබැද්දර පොලීසියේ නිළධාරීන් 12 දෙනෙකුට එරෙහිව මෙම මූලික අයිතිවාසිකම් නඩුව රයිට් ටු ලයිෆ් මානව හිමිකම් සංවිධානයේ උපදෙස් මත නීතිඥ උපුල් කුමරප්පෙරුම මහතා විසින් ගොනු කරනු ලැබීය. 

2008 පෙබරවාරි 28 වන දින අසන්ත ඔහුගේ මිත‍්‍රයෙකු සමග යතුරු පැදියකින් පිටබැද්දර ප‍්‍රදේශයේ පදිංචි ඥතියෙකුගේ නිවසට යෑමට පිටත්ව යන අතර මගදී පිටබැද්දර ප‍්‍රදේශයේ හිනිදුම පාරේ නවතා තිබූ ලොරි රථයකින් බැස පාර හරහා මාරුවූ එහි රියදුරුගේ අත මොවුන් පැද ආ යතුරු පැදියේ පැති කණ්නාඩියේ යාන්තමින් වැදීම නිසා දෙපාර්ශවය අතර බහින්බස් වීමක් සිදුවී ඇත. පසුව ඔවුන් විසිරී ගොස් ඇති නමුත් ටික වේලාවකින් ඉහත ට‍්‍රක් රථය වේගයෙන් පසු පසින් පැමිණ මෙම තරුණයන් ප`දවාගෙන ගිය යතුරුපැදිය යට කරගෙන ගොස් තිබුනි. මෙම අනතුරෙන් යතුරුපැදියේ පිටුපසින් ගිය තැනැත්තාට සහ යතුරුපැදියට බරපතල හානි සිදුවී තිබුනි. මේ අවස්ථාවේ ට‍්‍රක් රථයේ රියදුරු එම ස්ථානයෙන් බියවී පැනගොස් පසුව පොලීසිය සමග පැමිණ අනතුරින් තුවාල ලබා සිටි මෙම තරුණයන් දෙදෙනාට ඉතා අමානුෂික පහර දී තිබුනි.

පොලිස් අත්අඩගුවට පත්වීමෙන් පසුව අසන්ත අරවින්ද වතුර ඉල්ලා සිටි අවස්ථාවේ එහි පැමිණි ඉහත ට‍්‍රක් රථයේ රියදුරු බෝතලයක තිබෙන ද්‍රව්‍යයක් කොප්පයටක වත්කර කටට වත්කර තිබේ. එවා ඇසිඞ් බව දැනගෙන වහා එ්වා කටින් එලියට විසිකර දැමූ විට කොප්පයේ ඉතිරි වී තිබූ ඇසිඞ් අසන්තගේ මුහුණ ප‍්‍රදේශයට රියදුරු විසින් විසිකර තිබේ. මෙම ඇසිඞ් ප‍්‍රහාරය නිසා අසන්තගේ වම් ඇස සහ මුහුණේ වම් පැත්ත පිච්චිගොස් ඇත.

පසුව ඔහු පිටබැද්දර පොලීසියට ගෙන ගොස් එහි දී එල්ලා පහර දී ඇත. එදින රාතී‍්‍ර කාලයේ ට‍්‍රක් රථයේ රියදුරු නැවත පොලිස් ස්ථානය වෙත අරක්කු බෝතල් කිහිපයක් ගෙන ඇවිත් ටික වේලාවකින් බීමත්ව ස්ථානාධිපති සමග පොලිස් සිර මැදිරිය තුලට පැමිණ නැවතත් කෲර ලෙස පහරදී තුවාල වලට අරක්කු වක්කර තිබේ.

ඉන් නොනවතුනු පිටබැද්දර පොලීසියේ ස්ථානාධිපති අසන්ත අරවින්ද නම ගිය අපරාධකාරයන් බවට හංවඩු ගසා ප‍්‍රදේශීය මාධ්‍යවේදීන්ද ගෙන්වා මාධ්‍ය සාකච්ඡුාවක්ද පවත්වා ඔහුට විරුද්ධව බොරු නඩු 6 ක් පවරා තම ප‍්‍රාදේශීය මාධ්‍ය සගයන් ලවා ඒවා මාධ්‍යවල පලකර තිබුනි. පිටබැද්දර පොලීසිය විසින් පැවරූ බොරු නඩු හයෙන් 5ක් මේ වන විට අසන්ත අරවින්දව නිෙදාස්කොට නිදහස් කර ඇති අතර, ඔහුට එරෙහිව ගිනි අවි සහ බෝම්බ ලග තබා ගැනීම සම්බන්ධව දැමු බොරු නඩු මේ වන විට බහා තිබේ.

දින දෙකක් කිසිදු ප‍්‍රථිකාරයක් හෝ ආහාරයක් ලබා නොදී පොලිස් සිරමැදිරියේ තබා ගෙන ඇති අතර පසුව අසාධ්‍ය තත්ත්වයේ පසුවූ අසන්තව මොරවක රෝහලටත්, ඉන් පසුව මාතර මහ රෝහලටත්, ඉන් ටික දවසකින් කොළඹ ඇස් වාටුටවටත් ඇතුලත් කර මාස 4 ක් තිස්සේ කොළඹ ඇස් වාට්ටුවේ නේවාසිකව ප‍්‍රතිකාර ලබා ගෙන ඇතත් ඔහුගේ වම් ඇසට සිදුවූ හානියා නිසා එම ඇස මේ වන විට සම්පුර්ණයෙන් ඉවත්කර තිබේ. විශේෂඥ වෛද්‍යවරුන් පවසා තිබෙන්නේ ප‍්‍රතිකාර ලබාදීම ප‍්‍රමාද වීම නිසා ඇස බේරාගැනීමට නොහැකිවූ බවයි. අසන්ත අරවින්ද රයිට් ටු ලයිෆ් සංවිධානයට මුණගැසෙන්නේ 2008 වසරේ අපේ‍්‍රල් මාසයේ දී ඔහු කොළඹ මහ රෝහලේ ප‍්‍රතිකාර ගනිමින් සිටිය දීය.

පොලිස් ස්ථානාධිපති හා මෙම ට‍්‍රක්රථයේ රියදුරුගේ සම්බන්ධතාවය ගැන සෙවීමේ දැනගැනීමට ලැබුනේ ඔහු එ් ප‍්‍රදේශයේ ලී ජාවාරම් කරුවෙකු බවත් ස්ථානාධිපතිගේ නිවසේ ගොඩනැගීමේ කටයුතු වලදි ඔහු විශාල දායකත්වයක් සපයා ඇති බවත්, ස්ථානාධිපතිගේ බිරිදගේ හදිසි වියෝව අවස්ථාවේදි මෙම රියදුරු ලෝස් නැතුව විය පැහැදැම් කර ඇති නිසා ස්ථානාධිපති සමග ඉතා මිත‍්‍ර සම්බන්ධයක් තිබෙන බවයි.

රයිට් ටු ලයිෆ් සංවිධානය මෙම සිද්ධිය සම්බන්ධව මැදිහත් වීමෙන් පසුව අසන්තගේ පියා විසින් මේ සිද්ධිය සම්බන්ධව පොලිස්පතිට කරන ලද පැමිණිල්ලකට අනුව මාතර සහකාර පොලිස් අධිකාරිවරයෙකු යටතේ මේ පිළිබදව පරීක්ෂණයක් ආරම්භ කරනු ලැබීය. ඒ අනුව එවකට සිටි පිටබැද්දර පොලීසියේ ස්ථානාධිපතිගෙන් මේ සිද්ධිය සම්බන්ධව කට උත්තර ලබා ගනිමින් සිටියදී ඔහුට හදිසියේ හැදුනු හෘර්ධාබාදයක් මත අසාධ්‍යව රෝහලට ගෙන යමින් සිටියදි ස්ථානාධිපතිවරයා හදියේ මිය යන ලදී.

රයිට් ටු ලයිෆ් සංවිධානය, ආසියානු මානව හිමිකම් කොමිසම එක්ව දිගින් දිගටම සිදු කළ විවිධ බලපෑම් හමුවේ පිටබැද්දර පොලීසිය විසින් ට‍්‍රක් රථයේ රියදුරුට එරෙහිව රිය අනතුරක් වලක්වා නොගැනීම හා ඇසිඞ් ගැසීම සම්න්ධව නඩු දෙකක් මේ වන විට පවරා තිබේ.

මීට අමතරව අසන්ත අරවින්ද විසින් රුපියල් කෝටි 5 ක වන්දියක් ඉල්ලා පිටබැද්දර පොලීසියේ අදාල පොලිස් නිළධාරීන්ට එරෙහිව මාතර දිසා අධිකරණයේ වන්දි නඩුවක් ද පවරා තිබේ.

උපුටා ගැනීම - http://www.right2lifelanka.org



2016-08-03
Advertisement

Find us on Facebook