English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


අත්වැල කැඩුනොත් සුං ලූ .....!
                                                 

වර්ථමානයේ පවතින තත්ත්වයන් මුල්කරගෙන ශ‍්‍රි ලංකාව ඊශ‍්‍රායලය සමඟ තානාපති සබඳතා අත්හිටුවනු ලැබුවහොත් ශ‍්‍රි ලංකාවේ ත‍්‍රිවිධ හමුදාවම බරපතල දුෂ්කරතාවයකට මුහුණ දෙනු ඇතැයි ආරක්‍ෂක තොරතුරු, ආරංචි මාර්ග සඳහන් කරන පුවතක් වාර්තා කරයි.  

කෆීර් ප‍්‍රහාරක යානා, සුරනිමල සහ නන්දිමිත‍්‍ර යුධ නෞකා ද ඩෝව්රා නාවික යාත‍්‍රාවලට අවශ්‍යකරන අමතර කොටස් ලබාගැනීමට ද නොහැකි වන බව ජේශ්ඨ ආරක්‍ෂක නිළධාරියෙක් ප‍්‍රකාශකළ බව එම ආරක්‍ෂක තොරතුරු පුවත සඳහන් කරයි.

ඊශ‍්‍රායලය සමඟ පවත්වනු ලබන තානාපති සබඳතාවය නවතා දමන ලෙසට ස්විස්ටර්ලන්තයේ හිටපු ශ‍්‍රි ලංකා තානාපතිවරයෙක් සහ තානාපතිනියක් ශ‍්‍රි ලංකා රජයෙන් ඉල්ලීමක් කර ඇති බවත්, එහෙත් එම ඉල්ලීමට ප‍්‍රථිචාර දැක්වීමට රජය අපොහොසත් වනු ඇති බවත්, එසේ වන්නේ, එකල එල් ටී ටී ඊ ත‍්‍රස්තවාදීන්ගේ අවි නැව් විනාශ කිරීම සඳහා යොදා ගනු ලැබුවේ ඊශ‍්‍රායලය සැපයු නන්දිමිත‍්‍ර සහ සුරනිමල යුධ නෞකා නිසා බැව් හෙතෙම ප‍්‍රකාශකර ඇත.



2014-08-02
Advertisement

Find us on Facebook