English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


"යහපාලන ආණ්ඩවේ අනාගතය" - හෙට !
ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ක‍්‍රියාවලිය, සංහිදියාව ගොඩනැගීමේ ක‍්‍රියාමාර්ග සහ යහපාලන ආණ්ඩුවේ ඉදිරි ගමන හමුවේ ඇති අභියෝග යන කාරණා සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් කිරීමේ අරමුණින් පවත්වන්නට සැළසුම්කර ඇති වැඩසටහන් මාලාවක එක් පියවරක් හෙට එනම් ජූලි මස 31 වෙනිදා හලාවත දී පැවැත්වෙන බව රයිට් ටු ලයිෆ් මානව හිමිකම් සංවිධානයේ විධායක ලේකම් පිලිප් දිසානායක අයිතියට ප‍්‍රකාශ කළේය.

යහපාලන ආණ්ඩුව බිහිකර ගැනීමෙහිලා අභියෝග මෙන්ම තර්ජන ගර්ජන මරණ තර්ජන හමුවේ සැළකිය යුතු මෙහෙවරක් කරමින් දිස්ත‍්‍රික්ක ගණනාවක වීදීයේ යමින් මහජනයා දැනුවත් කළ විදියේ විරෝධය කණ්ඩායම සහ වීදියට නොපැමිණියත් සැළකිය යුතු කාර්ය භාරයක් ඉටුකරමින් යහපාලන ආණ්ඩුව බිහිකරලීමේ කාර්යෙහි නියැලූණු නිදහසේ වේදිකාව යන කණ්ඩායම් දෙක විසින් මෙසේ පුරවැසියන් දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාව සංවිධානය කරනු ලබයි.

"යහපාලන ආණ්ඩවේ අනාගතය" සම්මන්ත‍්‍රණය හෙට පෙරවරුවේදි හලාවත සුදසුන ශ‍්‍රවණාගාරයේදි පැවැත්වෙන අතර, රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ සභාපති සහ අතුරුදහන්වුවන්ගේ පවුල් එකතුවේ සභාපති බි‍්‍රටෝ ප‍්‍රනාන්දු සහ එහි විධායක ලේකම් පිලිප් දිසානායක ඇතුළු කථිකයින් 08 දෙනෙකු මහජන දැනුවත් කිරීම සිදුකරනු ලබන බව සඳහන් වෙයිි.



- මෙලනි



2016-07-30
Advertisement

Find us on Facebook