English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


වන දිවි රකින විරුවන් සමරන්නට ආරාධනා !

මාතෘ භූමිය ගහකොළ සතා සිව්පාවා ඇතුලූ සොබාදහමේ උරුමයන් රකින්නට ගොස් සටන් වදින්නට සිදුව, සිය ජීවිත අහිමි වු සහා තුවාල ලබා ආබාධිත තත්ත්වයන්ට පත්වු වනජීවී සංරක්‍ෂණ විරුවන් සිහිකර පින් පැමිණවීම සඳහා ආගමීක වැඩසටහනක් සංවිධානය කර ඇතැයි සමස්ත ලංකා වනජීවි නියාමක නිළධාරීන්ගේ සංගමය පවසයි.

මෙම පුණ්‍ය කටයුත්ත, වනජීවි සංරක්‍ෂණ විරුවන් සැමරීමේ අන්තර්ජාතික දිනය යෙදී තිබෙන ජුලි මස 31 වෙනිදා, ඉරිදා එනම් හෙට, පස්වරු 4.00 ට ඓතිහාසික කැළණිය රජමහා විහාරයේදි පැවැත්වෙන බව එම සංගමය ප‍්‍රකාශ කරයි.

සොබාදහමට ආදර කරන සියලූම දෙනාට සුදු වතින් සැරසී පහණක් ද රැගෙන මෙම පුණ්‍ය කටයුත්තට සහභාගි වන ලෙසට සමස්ත ලංකා වනජීවි නියාමක නිළධාරීන්ගේ සංගමය ආරාධනා කරයි.

-  මෙලනි 




2016-07-30
Advertisement

Find us on Facebook