English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


ගෝඨාභය තාමත් එළියේ ඇයි ?

චමීර පෙරේරා

පැවති ආණ්ඩුවේ ආරක්‍ෂක ලේකම් ධූරය හොබවමින් මහත් ආන්දෝලනාත්මක නමක් දරාගෙන සිටී ගෝඨාභය රාජපක්‍ෂව වර්තමාන ආණ්ඩුව අත්අඩංගුවට නොගන්නේ ඔහුට ඇති බිය නිසාදැයි ප‍්‍රශ්න නඟන වමේ කේන්ද්‍රයේ සමකැඳවුම්කරු චමීර පෙරේරා, ගෝඨාභයගේ දේශපාලන ආගමනය මේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට එල්ලවන මරු පහරක් යැයි ද ප‍්‍රකාශ කළේය.

ඔහු මෙසේ ප‍්‍රකාශ කළේ ඊයේ එනම් ජුලි 27 වෙනිදා මරදාන සමාජීය හා සාමයික කේන්ද්‍රයේ පැවති ඒකාබද්ධ විපක්‍ෂයේ පාගමන සම්බන්ධයෙන් අදහස් දැක්වීමේ මාධ්‍ය හමුවකදීය.  

මෙහිදි අදහස් දැක්වු චමීර පෙරේරා තවදුරටත් මෙසේ ද පැවසීය.

“පසුගිය වසරේ ජනවාරි 08 වැනිදා ඇති කරන ලද ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පරිවර්තනය අද වෙනකොට අභියෝගයකට ලක් වී තිබෙනවා. ඒකාබද්ධ විපක්ෂය පැවැත්වීමට යන පාද යාත්‍රාව හිටපු ජනාධිපති රාජපක්ෂ මහතා ආරූඪ කරගත් බැතිමතුන් විසින් පවත්වන්නක්. එහි යම් දේශපාලන කුමන්ත්‍රණයක් තිබෙනවාදැයි සැකයක් තිබෙනවා."

"මහින්ද රාජපක්ෂ මහතාගේ මුහුණ පෙන්වා ඒකාබද්ධ විපක්ෂය නටන්න හදන නාඩගම මොකක්ද? මහින්ද රාජපක්ෂ මහතාගේ මුහුණ පෙන්වා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට වළපල්ලට යැවීමට ප්‍රමුඛත්වය ගත් ගෝඨාභය රාජපක්ෂ රාජකීයත්වයට ගෙන යෑමටයි මොවුන් උත්සාහ කරන්නේ.   එදා ගෝඨාභය ගැන කාටුන් අඳින්න කෙනෙක් හිටියේ නැහැ. ඔහු ගැන ලියන්න කෙනෙක් හිටියේ.   එවැනි පුද්ගලයන් නැවත කරළියට ගෙන ඒමට ඒකාබද්ධ විපක්ෂය උත්සාහ කරනවා. එය පරාජයට පත් කළ යුතුයි. එදා ජනවාරි 8 වැනිදා අපි පරාජයට පත් කළේ එයයි."

"ආණ්ඩුව ඔහුට එරෙහිව පියවර නොගන්නා නිසා ඔහු රාජකීයත්වය සඳහා සටන් කරනවා. ඔහු මාධ්‍යය ඉදිරියේ විවිධ ප්‍රකාශ කරනවා. ඇයි මේ ආණ්ඩුව ගෝඨාභයගේ ක්‍රියාකාරකම් ඉවසන්නේ. ආණ්ඩුව ගෝඨාභයට බය ද ? මීට එරෙහිව ආණ්ඩුව පියවර ගත නොගතහොත් එහි බරපතල ප්‍රතිවිපාක විඳීමට සිදුවන්නෙත් ආණ්ඩුවට.   අපට ලක්ෂ 62ක ජනතාවගේ ජීවිත අනතුරේ හෙළන්න බැහැ. ඔහුගේ ආගමනය ප්‍රජාතන්ත්‍රවාදයේ මළගමයි."  

සටහන හා ඡයාරූපය  -   මෙලනි 






2016-07-28
Advertisement

Find us on Facebook