English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


ඒකාබද්ධ විපක්ෂයේ චේතනාව පිරිසිදු නෑ - පුරවැසි හඬ

ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කරන පාගමන ජනතා අපේක්ෂා ඉටුකිරීම වෙනුවෙන් කරන කටයුත්තක් නොවන බව සාධාරණ සමාජයක් සඳහා පුරවැසි හඬ සංවිධානය පවසයි. අද (27) කොළඹදී එම සංවිධානය පැවැත්වූ මාධ්‍ය හමුවකදී හිටපු අමාත්‍ය චන්ද්‍රෙස්න විජේසිංහ මහතා මේ බව ප්‍රකාශ කළේය.

ඒකාබද්ධ විපක්ෂය ජනතාව වෙනුවෙන්, ජනතා අපේක්ෂා වෙනුවෙන් පිරිසිදු චේතනාවෙන් සිදුකරන කටයුත්තක් නොවන නිසා පුරවැසි හඬ සංවිධානය පාගමන සඳහා එක් නොවන බව ඔහු සඳහන් කළේය.


පසුගිය ජනාධිපතිවරණ පරාජයෙන් පසු එවකට පැවති රජයේ ප්‍රධානියෙකු වූ ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රකාශ කළේ , "තමන් එතෙක් කල් සිටියේ කවුරුන් සමගද යන්න පැහැදිලි වූයේ ඇඳුම්වල සිටි මැක්කන් දැකීමෙන්" යනුවෙන් බවත් අද ඩලස්ලා පාගමන් යන්නේ තමන් ලැගසිටි බල්ලන් සමගම බවද විජේසිංහ මහතා පැවසීය.

 
සංජීව මලවිආරච්චි

උපුටා ගැනීම - ශ‍්‍රි ලංකා නිවුස් වෙබ්



2016-07-27
Advertisement

Find us on Facebook