English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


මුත්තුර් නඩුව නිමයි - 101 චෝදනා ලැබ සිටී කෝප්ප‍්‍රල්වරුන් නිදහස් !
1996 වසරේදි දමිළ ගම්මානයකට කඩාවැදි සිදුකරනු ලැබු ඝාතනයන්ට චෝදනා ලැබ සිටි යුධහමුදා සෙබළුන් විසි වසරකට පසුව, අද (2016 ජුලි 27) අනුරාධපුර මහාධිකරණය විසින් නිදොස් කොට නිදහස්කර ඇත.


 
1996 වසරේ පෙබරවාරි 11 වෙනිදා, ත‍්‍රිකුණාමලයේ මුත්තුර් හි කිළිවෙඞ්ඩි කුමාරපුරම් ගම්මානයට ආයුධ සන්නද්ධ පිරිසක් කඩාවැදුණූ බවත් ඔවුන් විසින් ගම්මානයේ පුද්ගලයින් 24 දෙනෙකු ඝාතනය කළ බවත් තවත් පුද්ගලයින් 26 දෙනෙකුට බරපතළ තුවාල සිදුකළ බවත් එවකට වාර්තා වු අතර එම ඝාතන හා සිදුකළ කලබලයට එවකට යුධහමුදාවේ සෙබළුන් පිරිසක් චෝදනා ලැබු බවද වාර්තා විය.

මෙම සිද්ධියට අදාළව දමිළ වැසියන් 24 දෙනෙකු ඝාතනය කිරීම සහ තවත් වැසියන් 26 දෙනෙකුට බරපතළ තුවාල සිදුකිරීම හේතුවෙන් චෝදනා ලැබ සිටී යුධහමුදාවේ කෝපප‍්‍රල්වරුන් 06 දෙනෙකු නිදොස්කොට නිදහස් කිරිමට අනුරාධපුර මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න විසින් අද, 27 තීන්දු කළේය.

එවකට යුධහමුදාවේ සේවය කළ මෙකී චූදිතයින් 06 දෙනා වෙත චෝදනා 101 ක් එල්ලවී තිබු අතර වසර විස්සකට පසුව මෙකී නඩුව ජූරි සභාවක් ඉදිරියේ අඛණ්ඩව මාසයක් පුරාවට විභාග විය.

අනතුරුව ජූරියේ සභාපතිවරයා ඇතුළු අනෙකුත් ජූරි සභිකයින් විසින් චෝදනා ලැබ සිටින කෝප්ප‍්‍රල්වරුන් සයදෙනා ඔවුන් වෙත එල්ලවී තිබු චෝදනා 101 කට නිවරැදිකරුවන් බවට එ්කමතිකව තීන්දුකරමින් ඔවුන් නිදොස්කොට නිදහස් කරන්නට තීන්දු කළේය.  

මෙම ඝාතන සිද්ධියට සෘජුව ම සම්බන්ධවු බව කියන ත්‍රිකුණාමලය දෙහිවත්ත යුද හමුදා කදවුරට අනියුක්තව සක්‍රීය සේවයේ නිරතව සිටි කොප්‍රල්වරුන් දෙදෙනෙකු චෝදනා 101ක් යටතේ අධිචෝදනා ලැබ සිටියද නඩුව විභාග වන කාල සීමාව තුළ එක් චූදිතයෙක් වෙඩි ප්‍රහාරයකින් ඝාතනය කිරීමත්, තවත් චූදිතයෙක් මිය යාමත් නිසා ඔවුන් දෙදෙනා විත්තිකරුවන්ගේ ලැයිස්තුවෙන් ඉවත්කර තිබුණි යැයි ශ‍්‍රි ලංකා මිරර් වෙබ් අඩවිය වාර්තා කරයි.

ඡයාරූපය  -  ශ‍්‍රි ලංකා මිරර්
-මෙලනි




2016-07-27
Advertisement

Find us on Facebook