English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


ලසන්ත වික‍්‍රමතුංගගේ ඝාතකයා හදුනා ගැනේ

සන්ඬේ ලීඩර් පුවත්පතෙහි හිටපු ප‍්‍රධාන කතෘ ලසන්ත වික‍්‍රමතුංග 2009 ජනවාරි මස 08 වෙනිදා ඝාතනය කරනු ලැබු අතර , ඉන් වසර 07 1/2 කට පසුව ඔහුගේ ඝාතකයා කවුරුන්ද යන්න සොයාගැනීමට හැකි වී ඇත.

ලසන්ත වික‍්‍රමතුංග ගේ ඝාතනය සම්බන්ධයෙන් පසුගියදා සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ හමුදා බුද්ධි අංශයේ සාජන්ට් මේජර්වරයෙකු වු පේමානන්ද උදලාගම අද එනම් ජුලි 27 දින ගල්කිස්ස මහේස්ත‍්‍රාත් උසාවියේ පැවති හදුනා ගැනීමේ පෙරට්ටුවේදි ලසන්තගේ හිටපු රියදුරු විසින් හදුනාගෙන ඇත.  ගල්කිස්ස අතිරේක මහේස්ත‍්‍රාත් ලෝචනා වීරසිංහ ඉදිරියේ මෙම හදුනාගැනීමේ පෙරට්ටුව පවත්වා ඇත.

මීට පෙර ලසන්තගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට පැමිණෙව් කිසිවෙකුත් රාජපක්‍ෂ යාන්ත‍්‍රණය තුළින් හදුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කළේ නැතැයි ද වාර්තා වන අතර ඔවුන් සියලූ දෙනාගේ සාක්‍ෂි පරස්පර යැයි රාජ්‍ය බුද්ධි අංශයේ ප‍්‍රධානියා වු විශ‍්‍රාමික නියෝජ්‍ය පොලිස්පති සි එන් වාකිෂ්ට ගේ උපදෙස් මත මුදාහරිනු ලැබ ඇත.

අද හදුනාගනු ලැබු හමුදා නිළධාරියා හිටපු පුවත්පත් කතුවරයෙකු වන උපාලි තෙන්නකෝන් මහතාට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ද චෝදනා ලැබුවෙකි.

-මෙලනි



2016-07-27
Advertisement

Find us on Facebook