English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


වධහිංසාව තුරන් කිරී්මට ව්‍යූහාත්මක වෙනස මෙන්ම ප‍්‍රතිපත්ති සහ ආකල්පමය වෙනසක් සිදුවිය යුතුයි - ආචාර්ය දීපිකා උඩුගම
වධ හිංසාවන්ට පාත‍්‍රවුවන්ට සහය දැක්වීමේ දිනය වෙනුවෙන් "රයිට් ටූ ලයිෆ් " මානව හිමිකම් මධ්‍යස්ථානය විසින් 2016 ජුනි මස 24 වනදා, කොළඹ දී පවත්වන්නට යෙදුණු වැඩසටහනේ දි මානව හිමිකම් කොමිසන් සභාවේ සභාපතිනි ආචාර්ය දීපිකා උඩුගම විසින් 2016 ජුනි මස 24 වනදා පවත්වන්නට යෙදුණු සම්පුර්ණ දේශයන මෙසේය.
 


ආචාර්ය දීපිකා උඩුගම

අභියෝග මෙන්ම අවකාශ ගැනත් කථා කළ යුතුයි. ජනතා අපේක්‍ෂාවන් ඉහළයි. ආයතන පරිපාලනයේදි අභියෝග රැසකට මුහුණ දෙන්නට සිදුවනවා.

ප‍්‍රථමයෙන් ම, මෙම දිනය සැමරීම සඳහා අර්ථවත් ආකාරයට කලාවත් බද්ධ කරගෙන මේ ගන්නා ලද උත්සාහයට "රයිට් ටූ ලයිෆ් " මානව හිමිකම් මධ්‍යස්ථානයට ස්තූතිවන්ත වෙනවා. මට එවූ ආරාධනා ලිපියේ සඳහන් වුණේ එක්සත් ජාතී්නගේ වධහිංසා විෂය සම්බන්ධ රපෝර්තුකාරවරයාගේ දැනට නිකුත්ව ඇති වාර්තාවේ නිර්දේශ මොන ආකාරයටද ශී‍්‍ර ලංකාවේ මනාව හිමිකම් කොමිසම් සභාව තමන්ගේ වැඩකටයුතුවලට ආඳා ගෙන ඇත්තේ යන්න ගැන කථා කරන්නයි. ලංකාවේ මානව හිමිකම් කොමිසම් සභාව ගැන හැඳින්වීමක් කරන්න මම යන්නේ නැහැ. නමුත් 19වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු මානව හිමිකම් කොමිසම පිහිටවූ පසු අපි අරගෙන ඇති පියවර ගැන දැනුවත් කරන්නම්. අපි සිවිල් සංවිධානවල බොහෝ දෙනකු මුණ ගැසී මේ ගැන සාකච්ඡ කළා. විශේෂයෙන් ම අපිට වැඩ කරන්න තිබෙන අභියෝග සහ අවකාශ සම්බන්ධයෙන්. අපි හැම තිස්සෙම අභියෝග පමණක් නොවෙයි අවශකාශත් කථා කළ යුතුයි. ස්වාධීන කොමිසන් සභා ගමු. මේවාට අපි පත්වෙන විට අපිට වැටහුණේ ජනතා අපේක්ෂාවන් ඉතා ඉහළයි. අපිත් මේ කොමිසම්වලින් එහා සාමාන්‍ය සමාජයේ හිටියා නම් අපේ අපේක්ෂාවනුත් එලෙසම වෙනවා. නමත් මම හිතනනවා අපිට පෙනෙනවා මේ ආයතන පරිපාලනයේ දී කෙතරම් අභියෝග තිබෙද යන්න. අනිත් අතට බොහෝම වෙනස් ආකාරයට කටයුතු කරන්න අවකාශත් උදා වෙලා තිබෙනවා.

හුවාන් මෙන්ඩෙස් වාර්තාවේ මූලික ම නිර්දේශය වෙලා තිබෙන්නෙ ශී‍්‍ර ලංකාවෙන් වධහිංසාව තුරන් කිරී්මට මූලිකවම ව්‍යූහාත්මක වෙනසක් සිදුවිය යුතුයි කියලා. ඒ කියන්නේ ආයතනික මට්ටමින් වෙනසක් සිදු විය යුතුයි කියන එකයි. අයතන මට්ටමින් යනු හැමෝගේම සිත්වල වෙනසක් ඇති කිරීමයි. මම හිතන්නේ මේක කරන්න තව දීර්ග කාලයක් යයි. නායක මට්ටමේ වෙනසක් වුණාට මේ ආයතන හැමදාම ප‍්‍රතිපත්ති ක‍්‍රියාවට නංවන නිලධාරීන්ගේ ආකල්ප මත රැඳිලා තිබෙනවා.

මානව හිමිකම් කොමිසම අරගත් විට අපි අපේ වැඩ ආරම්භ කළේ පසුගිය නොවැම්බරයේ දී. මානව හිමිකම් කොමිසම මූලිකව ම කටයුතු කරන්නේ ඒක පුද්ගල පැමිණිලි මත නැත්නම් කණ්ඩායම් ගේන පැමිණිලි මත ක‍්‍රියාත්මක වීමයි. ඒක සාධාරණයි. නමුත් මානව හිමිකම් කොමිසමේ කාර්ය මීට වඩා පුළුල්. පැමිණිලි විභාග කිරීම එහි එක් කාර්යක් පමණයි. අනෙක් බලතලය තමයි ප‍්‍රතිපත්තිමය කරුණු ගැන රජයට උපදෙස් දීම. තුන්වන එක මානව හිමිකම් පිළිබඳ දැනුවත් සංස්කෘතියක් හැදීම. අපේ කොමිසමට එන පැමිණිලි දිහා බැලූ විට අපිට පැහැදිළියි 50%කට වඩා පරිපාලනමය ගැටලු ආශි‍්‍රත ඒවායි. රැකියා ස්ථානයේ දී පසැල්වල අධ්‍යාපනික ස්ථානවල ඇති වන නොයෙකුත් ගැටලු සම්බන්ධ ඒවායි. මේවා හොදින් අධ්‍යනය කිරීමේ දී මේවායින් විශාල සංඛ්‍යාවක් අපිට ආ යුතු ඒවා නොවන බව පේනවා.


පසු ගිය කාලයේ වධහිංසා පිළිබඳ නැත්නම් අතුරුදහන් කරවීම් සම්බන්ධ පැමිණිලිවලට ප‍්‍රමුඛත්වයක් නොදුන් බවට චෝදනාවක් තිබුණා. ඒක අපිට පිළිගන්න වෙනවා. විශේෂයෙන් ම අපිත් සිවිල් ක‍්‍රියාකාරීන් විදියට කටයුතු කරලා තිබෙන නිසා. ඒවාට ප‍්‍රමුඛ තාවයක් දී සලකා බැලීමට නම් අවශ්‍ය පිරිස් බලයක් තිබෙනවා. දිනපතා අපි වෙත එන පරිපාලන අසාධාරණකම් පිළිබඳ පැමිණිලි අදාළ නියමිත ආයතනවලට යොමු කිරීම අතිශයින් වැදගත් වෙනවා. අප සතු සීමිත සම්පත් ඒවාට යෙදීමට සිදු වෙනවා. ඔය කියන Structural changes එක බොහොම බරපතළ වචනයක් තමයි. නමුත් ඒක කි‍්‍රයාත්මක කිරීමේ දී වන විශාලම ගැටලුව තමයි ඔය කියන Orientation එක වෙනස් කරන එක. එනම් යම් කිසි ආයතනයක තිබෙන මානසිකත්වය හා නැඹුරුව වෙනස් කරන එක. අපිට දැනටමත් සැලකිය යුතු කාලයක් වැය කළේ මානව හිමිකම් කොමිසම ප‍්‍රතිව්‍යූහගත කරනවාට වඩා දිශාභිමුඛ කිරීමට නැත්නම් යමි කිසි Orientation එකක් ලබා දීමට යි. ඉදිරියට වැඩ කටයුතු කළ යුත්තේ කෙසේද? ප‍්‍රමුඛතාවන් කෙසේ ද? යන්නට යි.

අද මේ සභාවට වැදගත් වන අපේ කාර්ය මණ්ඩල කොටස තමයි Investigations and inquiry යන්න. මේ Investigations and inquiry සම්බන්ධ ශාඛාව ගත් විට අපි ප‍්‍රබල ප‍්‍රයත්නයක යෙදුණා ඉතා ප‍්‍රබල වෙනසකට ලක් කිරීමට. ඒ තමයි අපිට ලැබෙන පැමිණිලි නැවත වරක් ප‍්‍රමුඛතා ලැයිස්තුවක් අනුව සැකසීමට. දෙවැනි එක අපි උත්සාහ කළේ  Competencies දියුණු කිරීමට. මම හිතන්නේ හැකියා කුසලතා ආදිය මෙහි නැඹුරුව සමග දියණු කරන එක. එළියේ ඉන්න විට තිබෙන අපේ අදහසුයි, ඒ අදාළ ආයතන තුළට ගියාම ඒ තබෙන අභියෝග අතරෙයි විශාල වෙනසක් තිබෙනවා. එළියේ දී අපි ඉතා ඉහළ මට්ටමේ performance එකක් බලාපොරොත්තු වුණත් ඇතුළේ දී අපිට පෙනෙනවා මේ කියන කාරණා ජනතාවට ඇඟට දැනෙන විදියට ක‍්‍රියාත්මක කරන්න තිබෙන අපහසුතාවය. නමුත් ඒ වැඩපිළිවෙළ කරගෙන යනවා. කොමිසමේ අපේ මතය නම් හුවාන් මෙන්ඩෙස් මහත්මා පෙන්වා දී ඇති ආකාරයට,  බොහොමයක් කාලය ගත කළ යුත්තේ රජයට ප‍්‍රතිපත්ති සම්පාදනයට උපදෙස් දීමටයි. දැන් වධහිංසා සම්බන්ධයෙනුත් එය එසේ ම වෙනවා යන්න අපේ මතයයි. නමුත් මේ හැම දේම කිව්වට අපි මතක තබා ගත යුතුයි අපි මේ වෙනස්කම් සමාජයෙන් විසන්ධි කරලා කරන්න බෑ. මෙතන ඉන්න හැමෝම වධහිංසාවට විරුද්ධයි. නමුත් අපි ශී‍්‍ර ලංකේය සමාජය දිහා බැලූ විට අපි කොොහමද ප‍්‍රචණ්ඩත්වයට එක්ක ගනුදෙනු කරන්නේ යන්න බොහොම වැදගත්. අපි වධහිංසාව නරකයි කියනවා. නිදසුනක් ලෙස නවක වධය වැරදියි. ඒත් little bit a Torture is not bad කියන ගොඩාක් අයත් ඉන්නවා. ඒ වගේම නවක වධය ගත් විට එය බොහෝ ම රොමෑන්තිතකරණය කරන්න යන  අයත් ඉන්නවා. මේක ශිෂ්‍ය ප‍්‍රජාවේ උපසංස්කෘතියයි. මේක අත්‍යවශ්‍යයි කියල හිතන අයත් ඉන්නවා.  අපි ප‍්‍රතිපත්තිමය ව්‍යුහාත්මක වෙනසක් වෙනසක් ඇති කරන ගමන් විශාල සමාජමය පෙරලියකටත් යන්න  ඕන. විශාල සමාජ පෙළගැස්මක් නැත්නම් අපේ ආයතනවලටත් මේක කරන්න බෑ. නිදසුනක් ලෙස මානව හිමිකම් කොමිසම ජනවාරි පළමු වෙනිදා සංකේතාත්මකව නිර්දේශයක් නිකුත් කළා මරණ ඳඩුවම අහෝසි කරන්න කියලා. අපිට මිශ‍්‍ර  ප‍්‍රතිචාර ලැබුණා. තවමත් බොහෝ පිරිසක් මරණ ඳඩුවම පක්ෂව ඉන්නවා කියලා අපි දන්නවා. නමුත් වැදගත් වෙන්නේ ආයතනයක් මෙවැන්නක් ඉදිරිපත් කරන කොට එය ජනතාව හරහා රටපුරා ව්‍යාප්ත කිරීම සඳහා ජනතා පෙළගැස්මක් තිබිය යුතු වීම යි. මම හිතන්නේ අපේ නායකත්වය ස්වාධීනව කටයුතු කරන්න, අදාළ වන ප‍්‍රතිපත්ති යෝජනා කිරීමට 100%ක් කැප වී සිටිනවා. ඒත් අපිට තිබෙන අභියෝගය අර කී පසුබිම සකසා ගැනීම යි.

දැන් අපි යෝජනා ලෙස ඉදිරිපත් කර තිබෙනවා අත්අඩංගුවට ගැනීම් හා රඳවා ගැනීම සම්බන්ධයෙන් නව නිර්දේශමාලාවක් (Guide line on Arrest and detention) සිවිල් සමාජය ආයතනවලටත් නිකුත් කළා. අපි ගොඩාත් සතුටු වුණා ජනාධිපතිතුමා සිය නිර්දේශ ලෙසින් ඒවා ඉදිරිපත් කරලා තිබුණා. ඒක අතිශය වැදගත් වෙනවා. ඒ වගේ ම අපි වධහිංසාවට හදිසි නීතිය හා ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත අතිශයින් බලපාන නිසා ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කීරීමට යේජනා කළා. රජයත් එය පකාශයට පත් කළා. අපි ඒකට සම්පූර්ණයෙන් ම සහයෝගය දෙනවා. ඒ වගේ ම අපි රජයට ප‍්‍රකාශ කළා ත‍්‍රස්ත වාදය වැළැක්වීමේ පනත වෙනුවෙන් වෙන යම් නීති රාජ්‍යයේ ආරක්ෂාවට National security Law ගේනවා නම් ඒ පනත සම්පූර්ණයෙන් ම මානව හිමිකම්වලට ගරු කරන ප‍්‍රතිපාදනවලින් යුතු ජාත්‍යන්තර මිනුම් දඩු අන්තර්ග‍්‍රහනය කරගෙන හැදිය යුතු බවට. සැබවින් ම විශ්ව විද්‍යාල ආචාරිනියක් විදියට මට මෙවන් මත දැරිය හැකියි. ඒත් සමාජයේ මතය වෙනස් කිරීමයි අත්‍යවශ්‍ය. ආකල්පමය වෙනසක් කරා යාමයි. අපි කොහොමද අති මහත් ජනතාවගේ අදහස් වෙනස් කරන්නේ.

"මේ බ‍්‍රහස්පතින්දා මානව හිමිකම් කොමිසම වැඩසටහනක් ක‍්‍රියාත්මක කරනවා ‘වධහිංසාවට තිත’ කියලා. අපි සිවිල් සංවිධාන බොහොමයකට මේ සඳහා ආරාධනා කළා. එය දියත් කරන්නේ පා ගමනකින්. ඔබටත් සහභාගි විය හැකියි. අපේ මූලස්ථානයෙන් පිටත් වී නිදහස් චතුරස‍්‍රයට පැමිණෙනවා. මේක මානව හිමිකම් කොමිසමේ ව්‍යාපාරයක් පමණක් නොවෙයි. මේක ජාතික ව්‍යාපාරයක්. ජනතා පෙළගැස්මක් සෑදීම වගේම නිල වශයෙන් පවතින වධහිංසාව සම්පූර්ණයෙන් නැවැත්වීම මෙහි අරමුණයි." යැයි ආචාර්ය දීපිකා උඩුගම ප‍්‍රකාශ කළේ පසුගිය ජුනි මස 30 වෙනිදා පවත්වන්නට යෙදුණු පාගමන පිළිබඳව මෙදින දේශනයේදි පුර්ව දැනුම්දීමක් ලෙසින්ය.

නමුත් අපි බොහොමයක් දුරට සමාජයට පෙන්නුම් කරන්න හදන්නේ, අපි අවම මට්ටමෙන් හරි ප‍්‍රචණ්ඩත්වටය අනුබල දෙනවා නම් එවන් සමාජයක නිල වශයෙන් වන වධහිංසාව වැළැක්විය නොහැකි බව යි. තමන් වධහිංසාවට යම් කිසි ප‍්‍රමාණයකින් අනුබල දේ නම් එය තමා කරා ද ආ හැකි බව. ඒත් අපේ සමාජය තවම මේකට සූදානම් නැති බව අපි දන්නවා. අපි, අපේ ශ‍්‍රි ලංකා සමාජය කොතරම් ලිබරල්වාදී දැයි ඔබ සිතා තිබෙනවා ද? මානව නිදහස, මානව ස්වාධිපත්‍යට කොතරම් ගරු කරනවා ද? මට පූර්ණ වශයෙන් ලිබරල් අධ්‍යාපනයක් ලැබුණා ලංකාව තුළ නීතිය ඉගෙන ගන්න පටන් ගත් විට. මගේ ශිෂ්‍යයෝ කියන විදියට අද අධ්‍යාපනය තුළ විශේෂයෙන් ම පසැල්, විශ්වවිද්‍යාල තුළ අපිට අයිතිවාසිකම් පිළිබඳව, මානව නිදහස පිළිබඳව අදහස් ලැබෙන්නේ නැහැ. අපි ඉහළ මට්ටමින් පොලිසියට කියනවා වධහිංසා කරන්න එපා කියලා. මේක සමාජයක් ම වෙනස් කරමින් කරන්න  ඕන දෙයක්. අවසන් කරන්නට පෙර එක් උදාහරණයක් ගැන කීවොත්,  පසුගිය දින දෙකකට පෙර තොරතුරු ලබා ගැනීමේ පනත සම්මත වුණා. පූර්ණ වශයෙන් ලිබරර්වාදි සමාජයක නම් ඒ පුවත ප‍්‍රථම පුවත ලෙස ලබා දිය යුතුයි. නමුත් මම නාලිකා කිහිපයකට ගිහින් රාත‍්‍රී පුවත් ප‍්‍රකාශන වල ඒ පුවත බැලුවා. බොහෝ පුවත් ප‍්‍රකාශනවල මෙයට ලැබුණේ 4වෙනි හෝ 5වෙනි ප‍්‍රවෘත්තියට හිමි තැනයි. තොරතුරු ලබා ගැනීමේ පනත කියන්නේ ඇත්ත වශයෙන් ම නිසියාකාරව ක‍්‍රියාත්මක කිරීමෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඉතාමත් හොඳින් සංස්ථාපනය කරන්න පුළුවන් නීතියක්. නමුත් එවැනි වැදගත්කමක් තිබෙන පුවතක් ප‍්‍රධාන පුවත නොවුණේ ඇයි? ජනතාවට දැනෙන වෙනසක් ඇති කරන එක ඉතාම වැදගත්. මම හිතන්නේ මේ පිළිබඳව ප‍්‍රබල කථිකාවතක් මේ සමාජයේ තිබිය යුතු යි.

දේශනය සටහන් කිරීම  -  මාලිංගා නදීෂානි  
ඡායාරූපය  -   මෙලනි මානෙල් පෙරේරා



2016-07-25
Advertisement

Find us on Facebook