English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


ජනපති සමග දිවා ආහාරය !

ජනාධිපතිවරයාගෙන් ලැබුණු ආරාධනාවක් පරිදි, වවුනියාව, මඩුකන්ද ජාතික පාසලේ දරුවන් පසුගිය 22 වැනිදා දහවල් ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති  මෛතී‍්‍රපාල සිරිසේන මහතා හමු වූහ.

පසුගියදා ජනාධිපතිවරයා වවුනියාවේ, බෝගස්වැව ප‍්‍රදේශයේ සිදුකළ සංචාරයකදී වවුනියාව මඩුකන්ද ජාතික පාසලේ තාරිකා මිහිරංගි දැරිය ජනාධිපතිවරයාගෙන් විශේෂ ඉල්ලීමක් කළාය, තම පාසලේ පවතින අඩුපාඩු පිළිබඳව ජනාධිපතිවරයා දැනුවත් කිරීමට අවස්ථාවක් ලබා දෙන ලෙසට.

කෙතරම් වැඩ රාජකාරී අතරතුර වුවද එම දැරියගේ ඉල්ලීම ජනාධිපතිවරයාගේ සිතින් බැහැර නොවූ අතර ඉන් දින දෙකකට පසුව ජනාධිපති කාර්යාලයෙන් මඩුකන්ද ජාතික පාසලට දුරකථන ඇමතුමක් ලැබුණේ ජනාධිපති මන්දිරය නැරඹීමට පැමිණෙන ලෙස එම දරුවන්ට ආරාධනා කරමිනි.

ඒ අනුව අද, 24 දහවල් ජනාධිපති මන්දිරය වෙත පැමිණි සිසු දරුවෝ ජනාධිපතිවරයා විසින් මහත් සෙනෙහසින් යුතුව පිළිගත්තේය.

ජනාධිපති මන්දිරය ද දැක බලා ගැනීමෙන් අනතුරුව ජනාධිපතිවරයා සමග සුහද කථා බහකට එක් වූ සිසු දරුවන් තම පාසලේ අඩු පාඩු කිහිපයක් පිළිබඳව ද ජනාධිපතිවරයා දැනුවත් කළහ.

පානීය ජල පහසුකම් ලබා ගැනීම, නව විද්‍යාගාරයක් ලබා ගැනීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් ඒ අතර විය.

එම ඉල්ලීම් පිළිබඳව කඩිනම් අවධානය යොමු කළ ජනාධිපතිවරයා ඒ පිළිබඳ අදාල අංශ දැනුවත් කළා පමණක් නොව ලබන මාසයේදී මඩුකන්ද ජාතික පාසලේ නිරික්ෂණ චාරිකාවකට එක්වන බවට ද දරුවන්ට පොරොන්දු විය.

සිසු දරුවන් වෙනුවෙන් දිවා ආහාරය ද ජනාධිපති මන්දිරයේ සූදානම්ව තිබූ අතර ජනාධිපතිවරයා ද ඔවුන් සමග දිවා ආහාරය සඳහා එක් විය.

කෙතරම් රාජකාරී බහුල තත්ත්වයක වුවද තමන්ට මෙම අවස්ථාව ලබාදීම පිළිබඳ සතුට පළ කළ සිසු දරුවෝ තම සිහින සැබෑ වීම පිළිබඳ අපමණ සතුටකින් යුතුව ජනාධිපති මන්දිරයෙන් නික්ම යනු දක්නට ලැබිණි.


උපුටා ගැනීම  -  ඒෂියන් මිරර්

-  මෙලනි 





2016-07-25
Advertisement

Find us on Facebook