English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


"අභියෝග භාරගන්නට සුදානම් - ජාතික ප‍්‍රතිපත්තියක් ගෙනෙනවා !"


අපි ජාතික ප‍්‍රතිපත්තියක් මත සිවිල් සංවිධාන සියලූම දේශපාලන පක්‍ෂවලට අභියෝග කරමින් ජාතික ප‍්‍රතිපත්තියක් ඉදිරිපත්කරනවා ඉතාමත් නුදුරේදි මේ රට ජාතින් අතර සාමය සමගිය ආගම් අතර සාමය සමගිය යහපාලනය ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳව  ඕනෑම පක්‍ෂයක් ආණ්ඩුවක් ඇතුළු අනුගමනය කළ යුතු ප‍්‍රතිපත්ති මාලාවක් අපි එළිදක්වන්න අපි සුදානම්.

සිවිල් සංවිධානවල ඉදිරි ක‍්‍රියාකාරීත්වය පිළිබඳව දිවයිනේ රාජ්‍ය නොවන සංවිධාන රාශියක් ඊයේ (ජුලි 31) කොළඹ දී සාකච්ඡුාවක් පැවැත්වු අතර, සාකච්ඡව අවසානයේ දි මාධ්‍ය හමුවක් පැවැත්විණි.   ඕනෑම දේශපාලන පක්‍ෂයක්, ආණ්ඩුවක් අනුගමනය කළ යුතු ජාතික ප‍්‍රතිපත්තියක් එළිදක්වන්නට පියවර ගන්නට එහිදි තීරණය කළ බව මාධ්‍ය හමුව කැඳවු සිවිල් සංවිධාන එකතුව ප‍්‍රකාශ කළේය.

මරදාන සමාජය හා සාමයීක කේන්ද්‍රයේදි ඊයේ පස්වරුවේදි පැවති මාධ්‍ය හමුවේදි අදහස් දැක්වමින් සිවිල් සංවිධාන ප‍්‍රධානීන් සියලූම දෙනා ප‍්‍රකාශ කළේ කිසිඳු බලපෑමක් මත තම සංවිධාන දිර්ඝකාලීනව කරගෙන ආ සාමාජ කාර්ය භාරය අත්නොහරින බවය. "යහපාලනයක් වෙනුවෙන් වන අපගේ කාර්ය ඉටුකරන්නට අපි කැපවී සිටිනවා". ඔව්හු ප‍්‍රකාශ කළහ.

මාධ්‍ය අමතමින් අතුරුදහන්වුවන්ගේ පවුල් එකතුවේ සභාපති බි‍්‍රටෝ ප‍්‍රනාන්දු, ඉමාර්ඩා ආයතනයේ ප‍්‍රධානි ආචාර්ය නිමල්කා ප‍්‍රනාන්දු , ජාතික ධිවර සහයෝගිතා ව්‍යාපාරයේ ජාතික කැඳවුම්කරු හර්මන් කුමාර , රයිට්ස් නව් ආයතනයේ විධායක අධ්‍යක්‍ෂක නීතිඥ සුදර්ශන ගුණවර්ධන , පරිසර යුක්ති කේන්ද්‍රයේ අධ්‍යක්‍ෂක තිලක් කාරියවසම් යන ආයතන ප‍්‍රධානින් අදහස් දැක්වුහ.  

අතුරුදහන්වුවන්ගේ පවුල් එකතුවේ සභාපති බි‍්‍රටෝ ප‍්‍රනාන්දු:


"මහජනතාවත් සමඟ සිවිල් සංවිධානත් සමඟ අපි ඉතා පැහැදිළිව මහින්ද රාජපක්‍ෂට සහ ගෝඨාභය රාජපක්‍ෂට කියනවා අපි සුදානම් අභියෝගය භාරගන්න, පුළුවන්නම් චක‍්‍රලේඛණ නෙවෙයි ඔිනෑම එකක් ගෙනල්ල සිවිල් සංවිධානවල ක‍්‍රියාකාරිත්වය නවත්වන්න කියලා, විදේශවලින් අපිට එන සල්ලි නවත්වන්න පුළුවන් , අපේ සංවිධාන නීතිවිරෝධි යැයි ප‍්‍රකාශකරන්න පුළුවන් , අපිව අත්අඩංගුවට ගන්න පුළුවන් , ඒත් අපිට කිසි භාධාවක් නැහැ, මේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් , ජාතින් අතර සමගිය වෙනුවෙන් ,ආගම් අතර හා සංහිදියාව වෙනුවෙන් සහ යහපාලනය වෙනුවෙන් අපි කරන ක‍්‍රියාකාරිත්වය නවත්වන්න කිසිසේත් උවමනාවක් නැහැ. එහෙම කරන්නෙත් නැහැ."

"අද ලංකාව පුරා සිටින සිවිල් සංවිධාන විශාල සංඛ්‍යාවක් එකතුවෙලා පුළුල් සාකච්ඡුාවක් සිදුකළා. අපි පැහැදිළිව ප‍්‍රතිපත්තියක් තුළ ඉදිරියට ඇවිල්ලා අපි මෙය අභියෝග කරන අතරේ අපේ අයට සිදුවන සියලූම කරදරවලට මුහුණ දෙන අතරේ අපි ජාතික ප‍්‍රතිපත්තියක් මත සිවිල් සංවිධාන සියලූම දේශපාලන පක්‍ෂවලට අභියෝග කරමින් ජාතික ප‍්‍රතිපත්තියක් ඉදිරිපත්කරනවා ඉතාමත් නුදුරේදි මේ රට ජාතින් අතර සාමය සමගිය ආගම් අතර සාමය සමගිය යහපාලනය ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳව  ඕනෑම පක්‍ෂයක් ආණ්ඩුවක් ඇතුළු අනුගමනය කළ යුතු ප‍්‍රතිපත්ති මාලාවක් අපි එළිදක්වන්න අපි සුදානම්. මාධ්‍යවේදීන් පිළිබඳවත් අපිට කථාකරන්න වෙලා තිබෙනවා. උතුරේ මාධ්‍යවේදීන්ට දකුණට එන්න බැහැ. ඒ එනකොට මගදී අල්ලනවා. ගංජා පැකට් දාන්න උත්සාහා කරනවා. සිංහල මාධ්‍යවේදින් එක්ක එකට සාකච්ජාවක් සභාවක් පවත්වන්න බැහැ. ඒ නිසා මේ ආණ්ඩුවට පිස්සි හැදිලා කියලයි අපි හිතන්නේ. මේක සුව කරන්න නම් සිවිල් සංවිධානවල ක‍්‍රියාකාරීත්වය ඉදිරියට ගෙන එනවා."
 
ඉමාර්ඩා ආයතනයේ ප‍්‍රධානි ආචාර්ය නිමල්කා ප‍්‍රනාන්දු :



"රාජ්‍ය නොවන සංවිධාන ලේකම් කාර්යංශය විසින් ලිපියකින් දැනුම්දී තිබෙනවා තමන්ගේ විෂය පථයට අදාලව රාජ්‍ය නොවන සංවිධාන කටයුතු කල යුතුයි කියලා. මේ කාර්යංශය කුමන කාරනාවක් මත පිහිටෙව්වාද කියන එක අපිට දැනගන්න අවශ්‍යයි. ඒ වගේම එම ලිපිය අපිට අදාල නැහැ. මන්ද රාජ්‍ය නොවන සංවිධානයන්ගේ විෂය පථය ගොඩ නැගෙන්නේ රාජ්‍ය නොවන සංවිධානයන්ගේ ව්‍යවස්ථාව අනුව සහ අපි විසින් තෝරා ගනු ලබන විෂය පථයන් අනුකූලවයි. එය විශ්ව මානවහිමිකම් ප්‍රකාශණයේ කරුණු කාරනා මත පදනම්ව තමයි හැම රාජ්‍ය නොවන සංවිධානයක්ම පදනම් වෙන්නේ. කවදාවත් රාජ්‍ය නොවන සංවිධානයක් ජනතාවගේ මානව හිමිකම් උල්ලංඝණය කරන රාජ්‍යයක් බේරා ගැනීම අපේ විෂය පථය නොවෙයි. ඒ අනුව තමයි රාජ්‍ය නොවන සංවිධාන සහ ජාතික ආරක්ෂක අමාත්‍යංශයත් අතර ගැටුම ඇරඹෙන්නේ. රාජ්‍ය නොවන සංවිධාන පිහිටුවලා තිබෙන්නේ රාජ්‍යක අතකොළුවක් වෙන්න නොවෙයි. විවේචනාත්මක ජනමතය ගොඩනැගීම තමයි සිවිල් සංවිධානයන්ගේ කාර්යභාරය."

"පසුගිය දා උතුරේ මාධ්‍යවේදීන් අත්අඩංගුවට ගැනීම මගින් එල්එල්ආර්සී වාර්තාවේ කරුණු උල්ලංඝනය කර තිබෙනවා. එහි කියවෙනවා උතුරේ සිට එන මාධ්‍යවේදීන්ට ඔබ මොබ යෑමේ නිදහස ඇත කියලා. නමුත් එය උල්ලංඝණය වෙලා තිබෙනවා. අපි මේ දේවල් බය නැතුව කියනවා ඒ නිසා තමයි ආණ්ඩුව අපේ කටවල් වහන්න උත්සහ කරන්නේ."

රයිට්ස් නව් ආයතනයේ විධායක අධ්‍යක්‍ෂක නීතිඥ සුදර්ශන ගුණවර්ධන:


"පසුගිය දා රාජ්‍ය නොවන සංවිධාන කාර්යංශ ලේකම් විසින් ප්‍රකාශ කරනු ලැබුවා රාජ්‍ය නොව සංවිධානවලට පුවත්පත් නිවේදන සහ පුවත්පත් සාකච්ඡා තියන්න බෑ, මාධ්‍ය වැඩමුළු තියන්න බෑ කියලා. එ් අනුව අපි අභියෝග කරනවා එසේ ප්‍රකාශ කිරීම කිසිදු පදනමක් නැහැ කියලා. මේ රට තුල විකල්ප මතය කියන එක ඉවත් කලොත් එය ඒකාධිපති පාලනයක් වෙනවා. අද මේ ආණ්ඩුව ගමන් කරමින් සිටින්නේ සියළු දේවල් අතට මිටි කර ගනිමින්, මේ රටේ මාධ්‍ය ආණ්ඩුව විසින් ඝෘජුව හෝ වක්‍රව පාලනය කරනවා. ඒ වගේම සියළුම බැංකු ආණ්ඩුව විසින් පාලනය කරනවා. ඇමති මණ්ඩලයටවත් මේ පිළිබද කතා කරන්න බැරිවෙලා තිබෙනවා. රාජ්‍ය නොවන සංවිධාන පමණයි රටේ මානව අයිතිවාසිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබද කතාකලේ. ඒ මොකද, රාජ්‍ය නොවන සංවිධාන ස්වාධීනව කටයුතු කරන නිසා. ඒ නිසා අපි ප්‍රකාශ කරනවා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් අපි භුක්ති විදින්නේ, ඒ අයිතිය උදුරාගන්න අපි ආණ්ඩුවට ඉඩ දෙන්නෙ නැහැ. සෘජුව හෝ වක‍්‍රව ගනුලබන තීරණවලට අපි එකඟ නැහැ. ඒ වෙනුවෙන් විපක්ෂය, වෘත්තීය සමිති සහ සියළුම සංවිධාන එකතු වෙලා මේ සටන ඉදිරියට ගෙනියනවා."





2014-08-01
Advertisement

Find us on Facebook