English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


88 – 89 අඳුරු මතකයන් ......!

බොහෝ  කාලෙකට පසු දකුණේ 89  භීෂනයට ගොදුරු උන පිරිසක් මුණගැසුන. ඒ කාර්ය සාදක බලකාය, අතුරුදහන් වූවන්ගේ මත විමසීමකදී.

ජිනීවා, මානව කොමිසමේ යෝජනා සහ ආන්ඩුවේ පොරොන්දු ගැන කෙටියෙන් විස්තර කරලා කායර්ය සාධක බලකායේ උවමනාව විස්තර කලාට පසු ඒ අය කථා කරන්න පටන් ගත්තා.

හැම කෙනාටම උවමනා උනේ  තමාගේ  ආදරවන්තයට උන දේ ගැන කියන්න.මොන තරම්  කිව්වත්,  යාන්ත්‍රණය මොන වගේ විය  යුතුද කියල අදහස් කියන්න කිව්වත්,  නැවත නැවතත්  විපත්තියේම කතන්දරයම තමයි කියවෙන්න පටන් ගත්තෙ.

හැම කෙනාම සිදු වූන දේ ගැන සත්‍යය දැනගැනීමට  තමුන්ගේ උනන්දුව ප්‍රකාශ කලා. නිවසෙන් පිටතදි පැහැර  ගැනීම් තිබුණේ දෙකක් පමණ. අනිත් ඔක්කෝම නිවෙස් වලට ඇවිල්ල කල පැහර ගැනීම්. බිල්ලො ගැන හමුදාව ගැන කියඋනා.

මාස තුනක් වයසැති  අලුත උපන් දරුවාව උකුලේ තියන් ඉද්දි ගෙට ආපු   ඒ පිරිස දරුවාව තල්ලු කරලා ඒ තාත්තාව ඇදගෙන ගිය හැටි, ඒ පස්සෙන් දුවන්න පුළුවන් උපරිම දුර  දුවපු හැටි, තමුන්ගේ  දරුවො දෙන්නම පැහැරගෙන යද්දි ඒ ජීප් එක පස්සෙ දුවද්දී තමුන්ට වෙඩි තියනව කියල කුණු හරුපෙන්  තර්ජනය කරපු හැටි, බිල්ලො එක්ක ඇවිත් ඇදගෙන ගිය  හැටි, ඒ අය විස්තර කලේ ඇඬු කඳුලින්.  තම ස්වාමියාව පැහැරගෙන ගිහිල්ල  බෙල්ල කපලා, කද වෙන තැනක දාලා  තියෙදදි, ඒ බෙල්ල  දැකල  එයාගේ  දරුවා  අර අපේ තාත්තා, බෙල්ල ගෙදර ගෙනියමු කියල  අඩපු හැටි විස්තර උනා.

විවිධ ආකාරයට සිදු වූන මේ  දේවල්  නැවත නැවත කියවූනේ කදුළුත් සමගයි.

අබේසේකර කියල පොලිස් නිලදාරියකුගේ නමක් ( අපරාධ වලට ), ප්ලටූන් කියන කණ්ඩායමක් මේ  අපරාධ වලට  වගකිවයුතු බවට කියවුනා. බොහෝ පොලීසි තමුන්ගේ පැමිණිලි ලියා නොගත් බවට චෝදනා නැගුනා. බිල්ලො ගැන, පුද්ගලික අමනාපකම්  නිසා ඔත්තු දුන් අය ගැනත් කියවුනා. හැබයි  තිබෙන  සාක්ෂි ඉදිරිපත් කරන්න සූදානම්ද කියල විමසුවම බහුතරයක් එකග උනත්,  සමහරෙක් ඇහුවේ එහෙම කලොත්  ඉදිරියේදී තම දරුවන්ට ඒවායේ ප්‍රතිඵල වලට මූණ දෙන්න වෙයිද කියලයි?  එක අම්ම කෙනෙක් කිව්වා , ගෙදරින් එද්දිම  දුව කිව්වලු “ ඕනැවට  වඩා දොඩවන්නේ නැතිව කට පරිස්සම් කර ගන්න. ඕව  කියලා අන්තිමේදී අපිට විදින්න වෙයි කියල” . 

ඒ කියන්නේ නැවත භීෂණයක් එයි කියන බය තවම එයාලගේ හිතේ  තියෙනව.

ඒ පළාතේ පොලීසියේ හිටපු මනුස්සකම් තිබුණ නිළධාරියෙක් ගැනත් කියවුනා.  ඔහු මේ අයට කිව්වලු “ පරිස්සම් වෙන්න. උස්සන්ඩම  ප්ලැටූන් එකක් ඇවිල්ල  ඉන්නේ. ඒ අය  බලවත්. ඒ අය ගත්තොත් මටත් මොකුත් කරන්න බැ “. තවමත්    මනුස්ස කම ගැන මේ අය කතා කරනව.



එක අම්ම කෙනෙක් ඇහුවේ    හරි හම්බ කරන්න හිටපු  මනුස්සය නැතුව ගිය නිසා දරුවන්ට රටේ හැටියට උගන්වන්න බැරිව ඔවුන්ගේ මුළු අධ්‍යාපනයම කඩා කප්පල් වෙලා අද ඔවුන් කරන්නේ කුලී වැඩ.  ඔවුන් හරියට ඉගෙන ගත්තනම් අද තත්වේ වෙනස් වෙන්න තිබුන. ඒ ගැන වග කියන්නේ කවුද”. තවත් අම්ම කෙනෙක් කිව්වේ “ අපි අමාරුවෙන් දරුවො හැදුවේ. කලේ කොහොමද කියල දැන් හිතා ගන්නත් බැ. එත් දරුවො සලකන්නෙත් නැ. උන්ට, අපට  සලකන්න විදියකුත් නෑ. අපි අසනීප කාරයෝ. අසනීප උනේ විශේෂයෙන්  මේ විපත්ති  නිසා. රජය අපි ගැන  වගකිව යුතුයි”.

ඉදිරිපත් වූ  යෝජනා මෙහෙමයි.

·        විශේෂයෙන්  අද එම පවුල් වල අය මැදි වයසේ ඉන්න නිසා  එකවර ලැබෙන සාධාරණ වන්දියක් ( රුපියල් ලක්ෂ 5ක් විතර) සහ මාසිකව අඩුම ගානේ රුපියල් 5000 ක දීමනාවක්.

·         සිදුවූ දේ පිළිබඳව සත්‍ය එළිකිරීම.

·         තොරතුරු ලබාදෙන අයට ආරක්ෂාව.

·         ඉඩම්, නිවාස  නැති පවුල් වලට මූලිකත්වයක්.

·         කුමන හෝ රජයේ රැකියාවක් එම පවුලේ එක් අයෙකුට.

·   හැදුනුම්පතක්, නිදහස් ගමන් ගාස්තු, රජයේ රෝහල් සහ රජයේ  ආයතනවලදී ප්‍රමුඛතාවය.

·         සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක අතුරුදහන් අය වෙනුවෙන්ම නිලධාරියෙක්.

·         අලුතින් පැමිණිලි කිරීමටත් , පරණ පැමිණිලි යාවත්කාලීන කිරීමටත් නිදහස.

·      “අතුරුදහන් වූවන්ගේ කායර්යාලය” ආරම්භ කර මාස 3ක් ඇතුළත එක් එක්කෙනාගේ  පැමිණිල්ල  කායර්යාලය සතු බවට නිල වශයෙන් ලිඛිතව එම අදාල  අයට දැනුම් දීම.  

 අතුරුදහන්  පවුල් වල අය තාම, තමුන්ගේ ආදරවන්තයින් ගැන හිතලා වැලපෙනවා. එක පැත්තකින්  ආණ්ඩුව. ජිනීවා යෝජනා වලදී,  2002 සිට 2011 දක්වා සොයා බලන්න එකග වූවත්,  ඉන් එහා  සිදුවූ අතුරුදහන් වීම් පිළිබඳවත් සොයා බලන්න තීන්දුකිරීම, වැදගත්. ඒ නිසාම  ඒ පවුල් වලට අලුත්  බලාපොරොත්තුවක්  ඇති කරන්න පුලුවන්. නමුත් තවමත්  මේ ගැන ක්‍රියාකරන්න ගිහිල්ල  නැවතත් කරදර වලට මූණ දෙන්න වෙයි කියන, ඒ පවුල්වල බිය තවම පහ වෙලා  නෑ. දකුණ එහෙම බිය නම් උතුර ගැන අලුතින් කිවයුතු නැහැ.

ආණ්ඩුව මේ කරන උත්සහාය පිළිබඳව දකුණට පණිවිඩය යන්නෙ නැති එක  ප්‍රධාන ප්‍රශ්නයක්. ආණ්‌ඩුවේ නිශ්ෂබ්ද තාවයනම් ප්‍රශ්නයක්. දකුණේ ජාතිවාදීන්  සංහිදියා වැඩ පිළිවෙල,  හමුදාවට  විරුද්ධව කරන කුමන්ත්‍රනයක් ලෙස කරන චෝදනාව,  පරාජය කල හැක්කේ දකුණේ සංහිදියා වැඩපිළිවෙලට ලබාගන්නා සහය මත පමණි.

                                                                                                                    

          බ්‍රිටෝ ප්‍රනාන්දු  

          සභාපති - අතුරුදහන්වුවන්ගේ පවුල් එකතුව

                                    තොරතුරු මුලාශ‍්‍රය හා සිලු ඡායාරූප - Right to Life


                                                                    -  මෙලනි 





2016-07-25
Advertisement

Find us on Facebook