English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


ජාතික සම්මේලනය හෙට කොළඹ දී



සිවිල් සංවිධානවල ඉදිරිය පිළිබඳව කථිකාවතකට මුල පුරමින් හෙට එනම් ජුලි 31 වෙනිදා පෙරවරුවේදි සිවිල් සංවිධාන හමුවක් පැවැත්වීමට කටයුතු සංවිධානයකර ඇතැයි සිවිල් සංවිධාන එකතුව පවසයි.  

කොළඹදී පවත්වන්නට සැළසුම්කර ඇති මෙම සම්මේලනයේදි සිවිල් සංවිධානවලට එල්ලවන තර්ජන හා බාධාකිරිම් සම්භන්ධයෙන් ද ඊට මුහුණදීම සඳහා සාමුහික ප‍්‍රයත්නයක් ගොඩනැංවීමෙහිලා කෙසේ පෙළගැසිය යුතුද යන්න සාකච්ඡාවට ලක් කරන බැව් සංවිධායකයෝ පවසති.

සිවිල් සංවිධානවල ක‍්‍රියාකාරිත්වයට අභියෝග කරමින්, රාජ්‍ය ආරක්‍ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ පවතින රාජ්‍ය නොවන සංවිධාන මහ ලේඛම් කාර්යාලයේ රෙජිස්ටාර් විසින් සියලූම රාජ්‍ය නොවන සංවිධානවලට ජුලි මස පළමු සතියේදි තර්ජනාත්මක චක‍්‍රලේඛණයක් නිකුත් කරමින් මාධ්‍ය සාකච්ඡා පැවැත්වීම වැඩමුළු පැවැත්වීම සහ මාධ්‍ය ප‍්‍රකාශ  නිකුත් කිරීම වහා නවතා දමන ලෙසට දැන්වීය.

රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යංශය හෙවත් එම්  ඕ ඞී (MOD) නිවේදනයට ප‍්‍රථිචාර දැක්වු සිවිල් සංවිධාන විසින් පසුගිය 17 වෙනිදා එහි පිටපත් කොටුව දුම්රියපොල ඉදිරිපිට පැවති උද්ඝෝෂණයේදි සංඛේතාත්මකව පුච්චා දමන ලදි.

"ගෝඨභයගේ හෝ මහින්ද රාජපක්‍ෂගේ නීතිවිරෝධි නිතිවලට අපි යටත් වෙන්නේ නැහැ. එම නියෝග තඹ පයිසෙකට අපි තකන්නේ නැහැ. මෙපමණ කාලයක් කරගෙන ආ වැඩකටයුතු අපි ඉදිරියටත් කරනවා." යැයි එදින උද්ඝෝෂණයට උරදුන් සිවිල් සංවිධානවල මතය විය.

එමෙන්ම, ඔවුන් කියා සිිටියේ, එන් ජී  ඕ වල කරේ නැගී බලයට ආ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා, ඔබට හැකිනම් අපිව මට්ටු කරන්න කියා ය.

හෙට පවත්වනු ලබන සිවිල් සංවිධාන එකතුවේ කැඳවුම්කරුවන් ලෙසට ආචාර්ය පාකි්‍යසෝති සරවණමුත්තු, ආචාර්ය නිමල්කා ප‍්‍රනාන්දු, නීතීවේදි ජේ සී වැලිඅමුණ , නීතිවේදි සුදර්ශණ ගුණවර්ධන සහ බි‍්‍රටෝ ප‍්‍රනාන්දු යන මහත්ම මහත්මීන් වෙති.  




2014-07-30
Advertisement

Find us on Facebook