English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


ද‍්‍රවිඩ මන්ත‍්‍රි ඝාතන සැකකරුවන්ට දස වසරකට පසුව නඩු

මීට දස වසරකට පෙර කොළඹ දිස්ත‍්‍රික්කයේ දමිළ පාර්ලිමේන්තු මන්ත‍්‍රිවරයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරනු ලැබු විත්තිකරුවන් සත්දෙනෙකුට එරෙහිව ඊයේ එනම් 2016 ජුලී මස 21 වෙනිදා නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණයේදි අධිචෝදනා ගොණුකර තිබේ.

වසර 2006 නොවැම්බර් මස 10 වෙනිදා, දෙමළ ජාතික සන්ධානයේ(ටී එන් එ්) කොළඹ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රි නඩරාජා රවිරාජ් සිය නිවසේ සිට කාර්යාලයට යමින් සිටියදී නාදුනන තුවක්කුකරුවන් විසින් වෙඩි තබා ඝාතනය කරනු ලැබිණි. එම අවස්ථාවේදි ඔහුගේ ආරක්‍ෂක සේ්වයෙහි නිරතවු පොලිස් කොස්තාපල් ලක්‍ෂමන් ලොකුවැල්ල යන අයද වෙඩි ප‍්‍රහාරයෙන් ඝාතනයට ලක්විය.

ඇප ලබාගැනීම සඳහා අධිකරණය ඉදිරියට ගෙනා විත්තිකරුවන් තිදෙනෙකුට එම අවස්ථාවේදිම අධිචෝදනා පත‍්‍ර භාරදීමට අධිකරණය කි‍්‍රයාකර ඇත.

අධිචෝදනා පත‍්‍රභාර දී ඇති විත්තිකරුවන් වනුයේ චන්දන කුමාර , ගාමිණි සෙනෙවිරත්න සහ ප‍්‍රදීප් චමින්ද යන නාවික හමුදා සෙබළුන් තිදෙනාය.

මොවුන් තිදෙනා නඩු විභාගය අවසන්වන තෙක් රිමාන්ඞ් භාරයට පත්කර ඇති අතර වේ සෙසු විත්තිකරුවන් සිව්දෙනා හට අධිකරණයේ පෙනී සිටින ලෙසට දැනුම් දෙමින් සිතාසි නිකුත් කර ඇත.

රවිරාජ් මන්ත‍්‍රිවරයාගේ ඝාතනය පිළිබඳව නිහඩ ප‍්‍රතිපත්තියක් ක‍්‍රියාත්මක වු වකවානුවක , එක්සත් ජාතින්ගේ සංවිධානය හා විදෙස් මානව හිමිකම් මධ්‍යස්ථාන විසින් දිගින් දිගටම ශ‍්‍රි ලංකා රජයට බලපෑම් එල්ලවු බව ද වාර්තා වෙයි.
 


යාපනයේ හිටපු නගරාධිපතිවරායක්ද වු රවිරාජ් මන්ත‍්‍රිවරයා, සිංහල භාෂාවෙන් ජනතාව ඇමතීමට හැකියාව තිබුණු ද්‍රවිඩ මන්ත‍්‍රිවරු අතලොස්සකින් එක් මන්ත‍්‍රිවරයෙකු මෙන්ම සෘජුව අදහස් ප‍්‍රකාශකරන්නෙක් ලෙසට ද ප‍්‍රසිද්ධියක් ඉසිලීය.

-     මෙලනි




2016-07-22
Advertisement

Find us on Facebook