English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


තාජුඞීන් ඝාතනය සහ ජනාධිපති ආරක්‍ෂකයෝ


ඊයේ එනම් ජුලි මස 20 දා වසිම් තාජුඞීන් ඝාතන නඩු විභාගය කැඳවු අවස්ථාවේදි අදාළ ඝාතනය සම්බන්ධයෙන් විශේෂිත පුද්ගල කණ්ඩායමක් දෙසට අවධානය යොමුවු බවක් අධිකරණ ආරංචි මාර්ග සඳහන් කළේය.

ඒ අනුව, තාජුඩින්ගේ ඝාතනය සම්බන්ධයෙන් ජනාධිපති ආරක්‍ෂක බලකායේ ආරක්‍ෂකයින් සම්බන්ධයෙන් ද පරික්‍ෂණයක් ආරම්භකර ඇති බවට රහස් පොලිසිය විසින් ප‍්‍රකාශකර ඇත.

ජානාධිපති ආරක්‍ෂක අංශයේ මාණ්ඩලික යුධ හමුදා නිළධාරියෙකු වු උදය නන්දන නාගහවත්ත යන අය රහස් පොලිසියේ ප‍්‍රශ්න කිරීම්වලට යොමුකළ කළ බව අධිකරණයට දන්වා ඇති අතර මෙකී පුද්ගලයාට අමතරව ජනාධිපති ආරක්‍ෂක අංශයේ තවත් නිළධාරීන් සිව් දෙනෙකු වන සාජන්වරුන් වන රංජිත් පේ‍්‍රමලාල් , එම් දයානන්ද , පේ‍්‍රමකුමාර චන්ද්‍රතිලක, සහ ප‍්‍රදීප් රුවන්කුමාර යන අයගෙන් ද ප‍්‍රශ්න කර ඇති බවට රහස් පොලීසිය විසින් අධිකරණයට හෙළිකර ඇත.

ඝාතන සිදුවීම වු කාලවකවානුව තුළදී නාරහේන්පිට පොලීසියේ ස්ථානධිපතිවරයා ලෙසට කටයුතු කළ ඬේමියන් ප‍්‍රනාන්දුගේ ජංගම දුරකථනයට මොවුන්ගෙන් ලැබුණු දුරකථන ඇමතුම් මත මෙසේ ප‍්‍රශ්න කිරීම ආරම්භකර ඇත.  

වසීම් තාජුඞීන්ගේ සාහසික ඝාතනය සම්බන්ධයෙන්, සම්බන්ධ යැයි ප‍්‍රකාශිත මොවුන් සියලූමදෙනා ඒකාබද්ධ විපක්‍ෂයේ දේශපාලනඥයින් වන කුරුණෑගල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රි මෙන්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ, හම්බන්තොට දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රි නාමල් රාජපක්‍ෂ මෙන්ම යෝෂිත රාජපක්‍ෂ හට ද ආරක්‍ෂාව සැපයුවන් බව සඳහන්කර ඇත.

-මෙලනි



2016-07-21
Advertisement

Find us on Facebook