English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


අතුරුදහන් මධුෂ්කගේ බිරිඳට මරණ තර්ජන !


පසුගිය දිනෙක මධ්‍යම රාත‍්‍රියට ආසන්නයේදි කිසියම් පිරිසක් විසින් තමන් ජිවත්වන කුලී නිවසට පැමිණ තමන්ගේ නිදන කාමරයේ ජනේලය අසළ සිට තමන්ට තර්ජනාත්මක ප‍්‍රකාශයක් කළේ යැයි, පසුගිය වසරේ සැප්තැම්බර් 02වන දින පැහැරගෙන ගොස් අතුරුදහන්කර ඇති අනුරාධපුරයේ මධුෂ්ක හරිස් ද සිල්වා ගේ බිරිඳ වන මයුරි ඉනෝකා අයිතියට පැවසිය.

සුුුපුරුදු පරිදි, එදින රාත‍්‍රියේදිත් ඇඳ මත හිිදිමින් තමන්ගේ ජීවිතය පිළිබඳව හා මධුෂ්ක පිළිබඳව ලියමින් සිටියදි එක්වරම නිදන කාමරයේ ජනේලය අසළ සිටි පුද්ගලයෙක් තමන්ව ආමන්ත‍්‍රණය කරමින් ”කෑගැහුවොත් වෙඩි තියනවා. කලබල කරන්න එපා. තේරුනා ද ? තමන්ගේ මහත්තයාට වෙච්ච දේ දරුවෝ දෙන්නටත් වෙනවා දකින්න  ඕනේද ? තවදුරටත් මධුෂ්ක ගැන සොයන එක නවත්වනවා. ඒ දේ වෙන්න ඉඩතියන්න එපා! තේරුනාද ? ” කියා ඉතා සැරෙන් ප‍්‍රකාශ කළේ යැයි මයුරි ඉනෝකා කීහ.

එසේ පැමිණ තර්ජනය කළේ සැබෑ ලෙසටම කවුරුන්ද යන්න ගැන සැක සහිත යැයි කී මයුරි, කවර හේතුවක් නිසාවත් සිය සැමියා වන මධුෂ්කව සොයා කටයුතු කිරීම නවතා දමන්නේ නැතැයි කීවේය.

ජුලි මාසේ 02වෙනිදා අනුරාධපුර නගරයේදි ද පොලිස් ස්ථානය ඉදිරිපිටදී ද මානව හිමිකම් කාර්යාලය ඉදිරිපිටදී ද විශාල ජනතාවක් සමඟ මධුෂ්කව සොයා දෙනලෙසට ඉල්ලා සිටිමින් දැවැන්ත උද්ඝෝෂණයක් පැවැත්වු බව ද ඇය සඳහන් කළේය.

පසුගිය වසරේ සැප්තැම්බර් මස 02 වෙනි දා රාත‍්‍රි කෑම රැුගෙන නිවෙසට පැමිණෙමින් සිටි තම ස්වාමි පුරුෂයාව සහ ඔහුගේ යහළුවන් දෙදෙනෙකු ”අපි පොලීසියෙන්” යැයි පැවසූ කණ්ඩායමක් විසින් මංචු දමා පැහැරගෙන ගොස් අතුරුදහන්කර ඇති බව    මයුරි ඉනෝකා අයිතියට කීහ.

මෙලනි




2014-07-29
Advertisement

Find us on Facebook