English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


"අපිට එයාලා ගැන බයට වඩා ලැජ්ජයි" - ඇය කියන්නීය


යුද්ධයෙන් විපතට පත්වු කාන්තාවන් මුණගැසී කථාබහ කිරීම සඳහා උතුරේ සංචාරය කළ කන්‍යා සොයුරියන් පිරිසක් ඇතුළු කණ්ඩායමකට රජයේ හමුදාවන්ගෙන් බාදා එල්ල විය. දෙපාර්ශවයම සිංහලය. උච්චාරණය කළ භාෂාව හොඳින් වැටහිණ. එහෙත් භාෂාව පරයා හමුදා නිලධාරීන් දකුණෙන් පැමිණි පැවදි සොයුරියන් ඇතුළු කණ්ඩායම මර්ධනයකර සිය ආධිපත්‍ය පෙන්වු අවස්ථාවක් විය එය!

"සිස්ටර්ලා මොනවද මෙහෙ කරන්නේ? අපිට දැනගන්න ලැබුණා යුද්දෙන් ආබාධිත වෙච්ච අයත් එක්ක රැුස්වීම් පවත්වනවා කියලා?  ඒක ඇත්ත ද?" 

එසේ ඇසුවේ අප ගමන්කරමින් සිටි වාහනයට ඉදිරියට යන්නට නොහැකි වන සේ ඉදිරිපසින් පැමිණ හරස්කර නැවතු මෝටර් බයිසිකලයෙන් බැසගෙන වාහනය අසළට පැමිණි සිවිල් ඇදුමෙන් සිටි කණ්ඩායමක එක් පුද්ගලයෙකි. නිල ඇදුමින් සිටි පොලිසියේ නිලධාරියෙක් ද කණ්ඩායම අතර සිටිනු දක්නට ලැබුණි.

"අපි ආවේ කාන්තාවන් හමුවී කථාබස් කරන්නට. අපිට ඔවුන් වෙනුවෙන් මොනවද කරන්නට පුළුවන් කියා සොයා බලන්නට."

"ඇයි අපිට දන්වන්නේ නැතිව මේ වගේ වැඩ කරන්නේ? අපිට දැනුම්දෙන්නේ නැතිව මේ පළාතේ කිසිම කෙනෙකුට කිසිම දෙයක් කරන්න අවසර නැහැ."යැයි ඔහු කීය.

"කරුණාකරලා අපිට කියන්න ඔයාලා කවුද?" අපි ප‍්‍රශ්න කළෙමු එහෙත් ඔහු පිළිතුරු නොදුන්නේය. දෙවන වර ද යළිත් අපි එම ප‍්‍රශ්නයම ඇසුවෙමු.

එහෙත් ඔහු "අපි දන්නේ නැහැ මේ අය කවුද? මොනවද කරන්නෙ කියලා. ඇයි දැනුම් දුන්නේ නැතුව මේ ප‍්‍රදේශයේ ඇවිදින්නේ්" කියා, මඳ තර්ජනාත්මක ස්වරූපයකින් අපෙන් ඇසීය. එහෙත් අප ඔවුන් සමඟ සෘජුව කථාකිරිම තුළ අවසානයේදි, ඔවුන් හමුදා නිලධාරීන් වශයෙන් හඳුන්වා දෙනු ලැබීය. දිස්ත‍්‍රික්කයට ඇතුළුවු අවස්ථාවේ සිටම සිවිල් ඇඳුමින් සැරසුණු පාපැදි සහ යතුරුපැදි වලින් පැමිණ අප ගැන විමර්ශනකර ඇතැම් විටෙක අපගේ ඡයාරූප ද ගත් පුද්ගලයින් ආරක්‍ෂක අංශ වලට තොරතුරු සපයයි.

"ඔයාලා තොරතුරු හොයන්න යොදවලා ඉන්න අය ඔයාලාට දීලා තියෙන්නෙ බොරු තොරතුරක් මොකද අපි ආබාධිත පුද්ගලයින්ට කිසිම වෙලාවක රැස්වීම් පැවැත්වුයේ නැහැ. අපි කරන්නේ පවුල් බැහැදැකලා ඒ අය එක්ක කථා බහ කරලා කාන්තාවන්ට ජීවිතයට මුහුණ දෙන්න හැකි ශක්තියක් ලබා දෙන්න උත්සාහා කිරිම පමණයි." යැයි මා සමඟ සිටි එක් ගිහි සොහොයුරියක් කීවාය.

"ඔයාලට තොරතුරු දෙන අයට බැරි ඇයි අපිත් එක්ක කථාකරන්න? එහෙම වුනානම් ඔයාලට මේ බොරු ආරංචි දෙන්නේ නැහැ නේ?"

"ඒ අය ඔයාලා සමග කථා බහට ගියොත්, යම් විදියකින් ඒ කථාබහ දුරදිග ගියොත් ? ඒ නිසා අපි එයාලට කියල තියෙන්නේ එන යන අයගැන තොරතුරු දන්වන්න කියල විතරයි."
 
එය අපූරු උපදේශයකි. ඔත්තුකාරයෝ විමසීමකින් තොරව ලබාදෙන  ඕනෑම තොරතුරක් මත පොලීසියට හමුදාවට සහ බුද්ධි අංශවලට  ඕනෑම තීරණයකට තීන්දුවකට එළඹිය හැකි බවට මනාව ඔප්පු වුණු එක් අවස්ථාවකි එය. අප එහි ගිය කටයුත්තට පරිබාහිර වැරදි ඔත්තුවකි ඔවුන් සපයා ඇත්තේ. අපි සිංහල මිනිසුන් වී, දන්නා සිංහල බසින් පැහැදිළි කල ද, ප‍්‍රශ්න නැඟුව ද ඔවුන්ට අවශ්‍ය වුයේ අප නොදන්වා එම පළාතේ සංචාරය කිරිම වරදක් සේ උලූප්පවා අපිට වරද පටවන්නටත් බොරු චෝදනාවක් අප මත පටවන්නටත්ය. මෙම සිදුවීම තුළ අප සැමට දැනුණේ, කට පාවිච්චි කරලත් එවැනි තර්ක විතර්කවලට ආවානම්, සිංහල නොදන්න දෙමළ මිනිසුන් සමඟ කෙසේ ප‍්‍රශ්න විසඳාගන්නවා ඇත්ද? යන්නයි.

"අපි ආබාධිත අයට සහයවිම ඇයි ප‍්‍රශ්ණයක්  කරගන්නේ ඒ අය අසරණවෙලා ඉන්නේ" මම එහෙම ඇහුවම ඔවුන් අපට කියුවේ සකස් කරන ලද අපුරු පිළිතුරකි.
 
"එහෙම උනාම ඔවුන්ගේ මානසිකත්වය නැවත ගොඩනැගෙනවා. ඔවුන් නැවතත් සංවිධාන වෙන්න පටන් ගන්නවා. ඔවුන්ගේ මානසිකත්වය වෙනස් කරන්න ඉඩ දෙන්න බැහැ." ඔන්න ඔහොම පිළිතුරක් තමයි ලැබුනේ.

සැහෙන වෙලාවක් ඔවුන් අපව රඳවාගෙන කතා කලා. දෙමළ මිනිස්සු හමුදාවේ අයට කොතරම් නම් හිතවත් ද කියන්න බොහෝ වෙහෙසුනා.ඒ බව සනාථ කරන්න ඔවුන්ගේ කදවුරට අපට අරාධනා කලා, දමිළ ආචිචිලා සිංහල බි‍්‍රගේඩියර්ලව බදාගෙන සිපගන්නා පින්තුර පෙන්වන්නට. "අපේ දන්සැල්වල ඉන්නේ දෙමළ මිනිස්සු. මෙදා සැරේ මේ පළාතේ ඉන්න දෙමළ මිනිස්සු 3000 කට දන්සැලක් දුන්නා, අපි එක්ක දෙමළ මිනිස්සු හරිම හිතවත්"යනුවෙන් පුම්බගත් නැදැකමක් කියන්න ඔවුන් උත්සහ කලත් එහි තිබු ව්‍යාජ බව හොදින් පෙනී ගියා. මම තවත් ප‍්‍රශ්ණයක් ඇසුවෙමි. "අපි මේ ප‍්‍රදේශයට ආපු බව ඔබට දැනුම් දුන්නේ දෙමළ තරුණයන් නේද? ඒ කොහොමද එහෙම වෙන්නේ?"

"ඔවුන් එල්.ටී.ටී.ඊ. එකේ සමාජිකයෝ, ඔවුන්ව අපි පුනරුත්ථාපනය කරලා තියෙන්නේ, එයාලා දැන් ඉන්නේ අපේ පැත්තේ. මේ ප‍්‍රදේශයට පිටස්තර පුද්ගලයින්ගේ පැමිණිම පිළිබද සියලූ තොරතුරු හමුදාවට ලබා දෙන්නේ එයාල තමයි." යනුවෙන් සිවිල් ඇ`දුමින් සිටි හමුදාවේ නිළධාරියා කීය.

හමුදාවේ අය අප සමග තව බොහෝ දේ කතා කලා.

"ඔබගේ කඳවුරුවලට දෙමළ ජනතාවගේ ඉඩකඩම් බොහෝමයක් අරගෙන නේද? ඔවුන්ගේ ඉඩකඩම් ඔවුන්ට ලැබෙන්න  ඕනා නේද?" ඒ ප‍්‍රශ්ණයට ඔවුන්ගේ හඩ තරමක් වේගවත් වුනා. "අපි දෙමළ මිනිස්සුන්ගේ ඉඩකඩම් අනවසරයෙන් අරගෙන නැහැ, ගත්තු ඒවට ඉඩම් දිලා තියෙන්නේ. බොරු කතා පැතිරෙනවා දෙමළ මිනිස්සු අපිට හරිම ආදරේයි.අපි මේ ප‍්‍රදේශවල දුක්විදින්නේ ඔවුන් නිසාබව ඔවුන් හොදින් දන්නවා."

"ඔබලා මේ ප‍්‍රදේශය පුරාම විසිරිලා ඉන්නවා .බැලූ බැලූ තැන හමුදාව ඒත් කොහොමද නැවතත් එල්.ටි.ටි.ඊ. ය ප‍්‍රතිසංවිධාන වෙමින් පවතින බව කියන්නේ?" මම යළිත් ඇසුවෙමි.

"එල්.ටි.ටී.ඊ එකට ආයේ එන්න දෙන්නේ නැහැ එත් ඔවුන්ගේ මානසිකත්වය ගොඩනැගෙන්න තියෙන ඉඩකඩ අහුරන්න ඕනා. අපි ඔවුන්ව ඇපේ වැඩවලට සම්බන්ධකරගෙන ඉන්නේ.ඔවුන් අපට ඔත්තු සපයනවා අපි ඔවුන්ට ගෙවිමක් කරනවා.මෙවර අපේ දන්සැල්වල වැඩකලේ ඔවුන් ඒක හොද අවස්ථාවක් අපට."

සිවිල් ඇදුමෙන් සිටි හමුදාවේ පුද්ගලයන් ඒ වනවිට දන්සල් පෙරහැර ගැන මහා උජාරුවට කතාකරමින් දෙමළ මිනිස්සුන් ඔවුන්ට ඇති ආදරයේ තරම කියන්න මහත් සේ වැයම්කරද්දි නන්දිකඩාල් පැත්තෙන් ඇසුනේ  වෙනම කතාවක්ය.

"යුද්ධය ඉවරවුනා කියලා අපිට කිසිම නිදහසක් නැහැ.හමුදාව අපේ සිවිල් කටයුතුවලට පුදුම විධියට බලපෑම් කරනවා. වැඩිදෙයක් නෙමේ, පුංචි ළමයි ටිකක් එකතුකරලා රැස්වීමක් තියන්න බැහැ. ඒකටත් ඔවුන් බයයි. අපි ළමයින්ව එකතුකරලා උත්සාහා කරන්නේ ඔවුන්ව අධ්‍යාපනයට යොමුකරන්න. නිවැරදි දැනුම ලබාගෙන ඔවුන් ශක්තිමත් විය යුතුයි කියලා අපි විශ්වාස කරනවා. කි‍්‍රඩාව, විනෝදය තුළින් අධ්‍යාපනය තුළින්  අපි වටිනාකම් දියුණු කරගන්න වගේම අනාගත නායකත්වයකට අවශ්‍ය පසුබිම සකස් කිරිමට උත්සාහා කරන්න  ඕනෙ. එහෙම නැතුව නැතිවෙච්ච දේවල් දිහා නිකම් බලාගෙන ඉඳිම තේරුමක් නැහැ.මෙහෙ හැමදෙනාටම නැතිවුනු දේ බොහොමයි. ඊටත් වඩා නැතිවුනු ආදරණියවුවන් කිසි දාක නැවත මුණගැසෙන්නේ නැහැ. මේ ගැන හිතලා, හිතලා බොහෝ දෙනා මානසිකව ව්‍යාකූල තත්ත්වයකයි පසුවෙන්නේ්." එසේ කීවේ අපේ සංචාරයේදි අපිට හමුවුණු ධෛර්යවන්ත තරුණියකි.

"බොහෝ අය සියදිවි හානිකර ගන්නවා. තමන් හමුදාවට බාරදුන්නු දරුවෝ සහ ස්වාමියෝ නැවත එයි කියලා බොහෝ කාන්තාවෝ බලාපොරොත්තුවෙන් හිටියත් දැන් බලාපොරොත්තු බිදුනු බව නිසා ජිවිත නැතිකර ගන්න අය බොහෝමයි. ජිවත්වෙන්න බලාපොරොත්තුවක් ඇතිකරගන්න ඔවුන්ට හේතුවක් නැති තරමට බලාපොරොත්තු කඩවුණු තත්ත්වයක් තමයි දකින්න තියෙන්නේ." ඕ තවදුරටත් එසේ කීවාය.

අපට නිදහසේ වැඩක් කරන්න දෙන්නෙම නැහැ. දැන් කි වතාවක් අපේ අයගෙන් ප‍්‍රශ්න කළා ද? අපට ළමයින්ව මුහුදට ගෙනියන්න ඉඩ දෙන්නේ නැහැ. අපිට වෙන පාරවල් පෙන්නනවා. මුහුදට යන්න ළගම පාර තියෙද්දි. කෑලි කපන නැව බලන්න යන්න දුන්නේ නැහැ ළඟ පාරකින් අපේ පුංචි දරුවොත් එක්ක.මේක අපේ බිම. එයාලට වඩා අපේ දෙවල් අපි දන්නවා. අපේ වැල්ල, අපේ මුහුද, අපේ ගස්කොලන්. සිංහල මිනිස්සුන්ට කරන්නනේ නැති අරියාදු ඇයි අපට කරන්නේ. අපිට එයාලා ගැන බයට වඩා ලැජ්ජයි.

දීපා ප‍්‍රනාන්දු ශුද්ධවු පවුලේ පැවදි සොයුරිය



2014-07-29
Advertisement

Find us on Facebook