English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


උතුරේ ධීවරයෝ වීදී බැස්සේ ඇයි ?

සිය ජීවත්වීමට සහ රැකියාව කිරිමට ඇති අයිතිය වෙනත් පිරිසක් විසින් ඉතා නින්දිත ආකාරයෙන් උල්ලංඝණය කිරීම හෙළා දකිමින් සහ එය වහා නවතා දමන්නැයි ආණ්ඩුවට බල කරමින් උතුරේ ධිවරයින් ඊයේ විථී බැස ඇත. ඔවුන් සිය ඉල්ලීම් සහිත ලිපි තුනක් උතුරේ මහ ඇමති, ආණ්ඩුකාරවරයා සහ දිස්ත‍්‍රික් ලේකම් යන අය වෙතට ඔවුන්ගේ ලේකම්වරුන් මගින් භාර දී ඇත.

උතුරේ ධීවරයෝ යනු දමිළ ජාතිකයින් ය. අති බහුතරය යුද්ධයෙන් අනාථවු උතුරේ පුරවැසියන්ය. ඔවුන්ගේ ප‍්‍රධාන ජීවනෝපායන්ගෙන් එකක් වනුයේ දියඹේ ගොස් මසුන් මැරිමය. ඉන් අතිබහුතරය යෙදෙන්නේ සුළුපන්න ධීවර රැකියාවෙහිය. එහෙත් දීර්ඝ කාලයක සිට ශ‍්‍රී ලංකාවේ උතුරු මුහුදට, අනවසරයෙන් පැමිණෙන ඉන්දීය ට්‍රෝලර් යාත‍්‍රා විසින් මුහුද ආක‍්‍රමණය කරමින් නීති විරෝධි ලෙසට, උතුරේ ධීවරයා හට ජීවත්වීමට ඇති මත්ස්‍යය සම්පත දඩයම්කර ගනිමින් උතුරේ ධිවරයා ආර්ථික වශයෙන් අනාථ කර ඇත.

ඉන්දීය ට්‍රෝලර් ධීවරයින් විසින් මෙසේ සිදුකරනු ලබන මසුන් මැරීම නීති සහගත කරන ලෙසට ඉන්දීය රජය සහ ඉන්දීය ධීවර සමිති විසින් පසුගිය දා ශ‍්‍රි ලංකා රජයෙන් ඉල්ලීමක් කළේය.

එහෙත් එම ඉල්ලීමේ ඇති දරණු බව පෙන්වා දෙන උතුරේ ධීවරයින්, එම ඉල්ලීමට අවනත නොවන ලෙසට ශ‍්‍රි ලංකා රජයට බලකරමින් විථී බැස ඊයේ එනම් ජුලි 12 දා මෙම ධීවර උද්ඝෝෂණය පැවැත් වුයේ යැයි ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ උතුරු දකුණු සංවාදයේ සම්බන්ධිකාරක ඇන්තනි ජේසුදාසන් අයිතියට පැවසීය.

ඉන්දිය රජය සහ ඉන්දියානු ධීවර සමිති ඉල්ලා සිටින පරිදි වසරකට දින 75ක කාලයක් හෝ සතියකට දින 02ක කාලයක් ඉන්දීය ධීවරයින්ට කිසිඳු බාධාවකින් තොරව උතුරු මුහුදේ මසුන් මැරීමට අවශ්‍යය බව යැයි ඇන්තනි ජේසුදාසන් ප‍්‍රකාශ කළේය.  

එවැනි ඉල්ලීමකට කිසි සේත් ඉඩදිය නොහැකි බව ප‍්‍රකාශ කර ඇති උතුරේ ධීවර සමිති නායකයින් , මොනම හේතුවක් යටතේවත් ශ‍්‍රි ලංකා ආණ්ඩුවද මෙම ඉල්ලීමට එකඟ නොවිය යුතු යැයි අවධාරණයකර ඇත.



දෛනික සැසි වාරයන් ආරම්භ කිරීමට පෙර උතුරු පළාත් සභාව ඉදිරිපිටදී පවත්වන්නට යෙදුණු මෙම උද්ඝෝෂණය සඳහා ජාතික ධිවර සහයෝගිතාවය ද සහය පළකල බව ජේසුදාසන් වැඩිදුරටත් සඳහන් කළේය.

යාපනය, මන්නාරම, කිළිනොච්චිය සහ මුලතිව් ධිවරයින් මෙන්ම උතුරේ සිවිල් සංවිධාන ද මෙම උද්ඝෝෂණයට සහභාගි වු අතර උතුරු පළාතේ ධීවරයින්ගේ එකතුව විසින් උද්ඝෝෂණය සංවිධානය කර තිබුණි.  

-    මෙලනි  
පිංතුර  -  ඇන්තනි ජේසුදාසන්



2016-07-13
Advertisement

Find us on Facebook