English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


නාමල් රාජපක්‍ෂ රිමාන්ඞ් බන්ධනාගාරයට !

රුපියල් මිලියන 70ක මුදලක් අවභාවිතය සම්බන්ධයෙන් පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් අද (11) අත්අඩංගුවට ගනු ලැබු පාර්ලිමේන්තු මන්ත‍්‍රි මෙන්ම හිටපු ජනාධිපති රාජපක්‍ෂගේ පුත් නාමල් රාජපක්‍ෂ මේ මස 18 වෙනිදා තෙක් රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න නියෝග කළේය.

2013 වසරේදි ඉන්දියානු සමාගමක් වන ක‍්‍රිෂ් නැමැති සමාගමෙන් රුපියල් මිලියන 70ක මුදලක් ලබාගැනීම සම්බන්ධයෙන් මුදල් අවභාවිතය සහ මුදල් විශුද්ධීකරණය කිරීම යටතේ නාමල් රාජපක්‍ෂට චෝදනා නගා තිබුණි.


මේ සම්බන්ධව ප‍්‍රකාශයක් ලබාදීම සඳහා අද පෙරවරුවේදි කොළඹ මූල්‍ය අපරාධ කොට්ඨාශය වෙත පැමිණි නාමල් රාජපක්‍ෂව පස්වරුවේදි අත්අඩංගුවට ගෙන ඇත.

නාමල් රාජපක්‍ෂ හට ඇප ලබාදීම ද මහේස්ත‍්‍රාත්වරිය ප‍්‍රතික්‍ෂේප කළ බවට වාර්තා වෙයි.   
 
සිය පුත‍්‍රයා මෙසේ බන්ධනාගාරගත වීමත් සමගම හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ විසින් සිය මුහුණු පොතෙහි කළ සටහනක් මෙසේ අන්තර්ජාලය ඔස්සේ ප‍්‍රචාරය වෙයි.

 
"මට චෝදනා කරලා මගේ දරුවෝ හිරේ දාලා මේගොල්ලො හිතනවානම් මගේ දේශපාලන ගමන නවත්වන්න ඒක මිරිඟුවක් විතරයි. මුලූ පවුලම හිරකරත් මේ රටේ ජනතාව වෙනුවෙන් අපි දේශපාලනයේ නිරත වෙනවා."

ඡායාරූප -  අන්තර්ජාලයෙන්

-    මෙලනි



2016-07-11
Advertisement

Find us on Facebook