English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


මානව හිමිකම් ප‍්‍රථමාධාර මධ්‍යස්ථාන හෙට ඇරඹේ !
ප‍්‍රාදේශීය වශයෙන් ජනතාවට මුහුණ දෙන්නට සිදුවන මානව හිමිකම් ගැටළු සඳහා කඩිනමින් මැදිහත්වී, ඒවා විසඳා ගැනීම සඳහා අවශ්‍ය මගපෙන්වීම, සහයෝගය හා ආරක්‍ෂාව සැපයීමත් , ඔවුන් රජයේ මානව හිමිකම් ආරක්‍ෂා කිරීීමේ යාන්ත‍්‍රණය වෙත යොමුකිරිමත් නව මානව හිමිකම් ප‍්‍රථමාධාර මාධ්‍යස්ථාන ආරම්භ කරමින් අපේක්‍ෂා කරන බව රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මාධ්‍යස්ථානයේ විධායක ලේකම් පවසයි.
 


ඒ අනුව, හෙට එනම් ජුලී මස 09 වන දා පෙරවරු 9. 30 ට මාතර දිස්ත‍්‍රික් මානව හිමිකම් ප‍්‍රතමාධාර මධ්‍යස්ථානය කඹුරුගමුව ගැමිපියස මධ්‍යස්ථානයේදිත් , ජුලි 10 වෙනිදා පස්වරු 2.30 ට හම්බන්තොට දිස්ති‍්‍රක් මානව හිමිකම් ප‍්‍රථමාධාර මධ්‍යස්ථානය අම්බලන්තොට එක්කස්ස බහුකාර්ය මධ්‍යස්ථානයේදිත් විවෘත කරනු ඇත.




මාතර දිස්ත‍්‍රික් ලේකම් වී. ඒ. සි. විධානගමආරච්චි මිය ,මාතර මානව හිමිකම් කොමිසමේ දිස්ත‍්‍රික් සම්බන්ධීකාරක දිසානායක සහ මාතර ජේ්‍ය්ෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ ප‍්‍රධානත්වයෙන් මාතර මානව හිමිකම් ප‍්‍රථමාධාර කාර්යාලය ආරම්කරන බවත්, හම්බන්තොට කාර්යාලය හම්බන්තොට දිස්ත‍්‍රික් ලේකම්,  තංගල්ල - මාතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති සහ හම්බන්තොට සහකාර පොලිස් අධිකාරිවරයාගේ ප‍්‍රධානත්වයෙන් විවෘත කරන බවත්  රයිට් ටු ලයිෆ් සංවිධානයේ විධායක ලේකම් පිලිප් දිසානායක අයිතියට ප‍්‍රකාශ කළේය.

-මෙලනි



2016-07-08
Advertisement

Find us on Facebook