English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


ආයතන ආණ්ඩුව යටතේ ද ? ආණ්ඩුව ආයතන යටතේ ද ?

රටේ ජීවත් වු බහුතර ජනතාව පැවති ආණ්ඩුව පෙරළා නව ආණ්ඩුවක් පිහිටුවා ගත්තේ වෙනසක් භුක්ති විඳින්නටය. ඒ වෙනස සඳහා වන ආණ්ඩුව යහපාලන ආණ්ඩුව වෙයි. එහෙත් එම යහපාලන ආණ්ඩුව  යටතේ අයුක්තිය, අසාධාරණය, දුෂනය, වධහිංසාව, පැහැරගෙන යාම් හා ඝාතන සිදුවීම් ජනතාව නොපැතුහ. ඒ වෙනුවට, ශිෂ්ට සම්පන්න බවින් පිරුණු යුක්ති සාධාරණයට සියල්ල සිදුවන යහපත් පාලනයක් තුළ බියෙන් සැකෙන් තොරව නිදහසේ ජීවිත ගතකරන්නට පැතූහ. ඒ සඳහා දිවි නොතකා විවිධ වු වැඩ කළෝය. යහපාලන ආණ්ඩුව බිහිකර ගැනීමට දායකවුවන් ඒ සඳහා කිසිඳු සන්තෝසම් නොඉල්ලූ මුත් නිදහසේ සතුටින් ජීවත් වීමේ නිදහස පැතුහ.

එහෙත් යහපාලන ආණ්ඩුව බිහිකරගන්නට සක‍්‍රීයව දායකවු ඇතැම් පුද්ගලයින් හට නොයෙකුත් ආකාරයේ අධම වැඩ සිද්ධවෙමින් පවතින බවත් එවැනි අධම දේ සිදුවන්නට ඉඩදී එකී ආයතනවලට යහපාලන ආණ්ඩුව පාලනය කරන්නට ඉඩදී බලාසිටින්නේ මන්ද යන ප‍්‍රශ්නය ඔව්හු අසති. යම් යම් ආයතන ආණ්ඩු යටතේ තිබිය යුතු විනා ආණ්ඩුව ඒ ඒ ආයතන යටතේ තිබිය නොයුතුය.

යහපාලන ආණ්ඩුව බිහිකර ගැනීමට දායකවුයේ යැයි කියනා එක් ජනමාධ්‍යවේදියෙකු හට යහපාලන ආණ්ඩුව යටතේ පවතින සිය මාධ්‍ය ආයාතන පරිපාලනය මගින්  අත්විඳින්නට වුයේ යැයි කියනා මෙම සිද්ධිය නම් ජඩ ම ජඩ වැඩකි.   

ශ‍්‍රී ලංකා බි‍්‍රෆ් වාර්තා කරන ආකාරයට, සිද්ධිය මෙසේ්ය.

මහින්ද රාජපක්ෂ රෙජීමය බලයෙන් පහකොට යහපාලන රජය ස්ථාපිත කරගැනීම වෙනුවෙන් පෙරමුණ ගත් මාධ්‍යවේදීන් අතර මහේෂ් සේනානායක ද සිටියේය.

රාජපක්ෂ බලඇණිය මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට මඩ ගසමින් නිර්මාණය කර තිබූ පෝස්ටර් තොගයක් නීතිය අතට පත් කිරීම නිසා රාජපක්ෂ පාලනයේ අවසාන කාලය තුළ ඔහුට අයිටීඑන් නාළිකාවේ වැඩ තහනම් කරන ලදී.

ඔහුද මූලිකත්වයෙන් පත් කරගන්නා ලද යහපාලන රජයෙන්ද නැවත වතාවක් ඔහුගේ වැඩ තහනමකට ලක්කිරීමට පියවර ගෙන තිබේ.

ආයතනයේ ප්‍රධානියකු දුරකථන ඇමතුමක් ලබා දෙමින් ඔහුගේ සේවය අත්හිටවූ බවත් එම නිසා තවදුරටත් සේවයට වාර්තා කිරීම අනවශ්‍ය බවත් ප්‍රකාශ කළ බව ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත.

මෙසේ වැඩ තහනම් කිරීමට හේතුව ලෙස බලධාරීන් පෙන්වා දී ඇත්තේ පහු ගිය සඳුදා උදෑසන වැඩසටහනේදී මහ බැංකු අධිපතිවරයාගේ නම වැරදියට සඳහන් කිරීම බවයි.

නම වැරදීම ඇත්තක් නමුත් පසුව ඔහු එය නිවැරදි කළ බව මාධ්‍යවේදි මහේෂ් සේනානායක සඳහන් කරයි. කෙසේ නමුත් වර්තා වන අන්දමට වැඩ තහනමට ආසන්නම හේතුව එය වුවත් මෙය කාලයක පටන් පිඹුරුපත් සෑදුණු වැඩපිළිවෙලක එක් කොටසකි.

ඔහු පැවති රජය සමයේ මෙන්ම වර්තමාන ආණ්ඩුව යටතේද ස්වාධීන රූපවාහිනියේ බලධාරීන්ගේ අකටයුතු හමුවේ නිර්භයව අදහස් දැක්වීම මෙම තත්ත්වයට හේතුව බව වාර්තා වේ.

lankanewsroom

-  මෙලනි 



-    මෙලනි



2016-07-07
Advertisement

Find us on Facebook