English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


තාජුඞීන් ගැන හිටපු පොලිස් ලොකු මහතෙකුත් ඉලක්ක වෙයි !


රග්බි ක‍්‍රීඩක වසීම් තාජුඞීන්ගේ අභිරහස් මරණය පිළිබඳ සාක්‍ෂි වසන් කළ බවට සැක පිට කොළඹ පොලිස් අපරාධ කොට්ඨාශයේ හිටපු අධ්‍යක්‍ෂවරයෙකු ගැන පරීක්‍ෂණ ආරම්භකර ඇතැයි වාර්තා වෙයි.    

එකී අධක්‍ෂවරයා කවුරුන්ද යන්න හෙළි නොකළ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීිතිවේදියා මේ පිළිබඳව අද එනම් ජුලි 07 වෙනිදා කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණයට දන්වා සිටියේය.

තාජුඞීන් මරණයට පත්වු දිනම රාත‍්‍රීයේදි ඔහුගේ මිතුරන් දෙදෙනෙකුගේ ජංගම දුරකථන වලට ලැබුණු ඇමතුම් සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වන බව ද රජයේ නී’තිවේදියා විසින් අධිරකණයට දන්වා ඇත.

මේ අතර තාජුඞීන් සිද්ධිය සඳහා සැකපිට රිමාන්ඞ් භාරයේ සිටින හිටපු ජේ්‍යෂ්ඨ පොලිස්පති අනුර සේනානායක හා පොලිස් පරික්‍ෂක සුමිත් පෙරේරා ඇප පිට නිදහස් කරන්නැයි ඔවුන්ගේ නීතිවේදින් අද ඉල්ලා සිට ඇති මුත් අධිකරණය එම ඉල්ලීම් ඉවතලා ඇත. ඒ අනුව ඔවුන් නැවතත් මේ මස 20 වෙනිදා තෙක් යළි රිමාන්ඞ් භාරයේ තබන්නට නියෝග කෙරිණි.

මේ අතර තාජුඞීන් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් ගැනීමට කැඳවු පොලිස් ප‍්‍රධානියෙකු සිය බිරිඳට අසනීප බැව් දන්වා සිටිමින් ප‍්‍රකාශ ලබානොදි ගොස් ඇති බව රහස් පොලීසිය ප‍්‍රකාශ කළේ යැයි ද වාර්තා වෙයි.

-    මෙලනි



2016-07-07
Advertisement

Find us on Facebook