English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


"සත්‍යය සෙවීම" සැප්තැම්බරයේ සිට - විදේශ ඇමති

"සත්‍යය සෙවීමේ ආයතනය අපි සැප්තැම්බර් මාසය වනකොට පිහිටවනවා. ඉන්පසුව ඇත්ත වශයෙන්ම යම් වරදක් වුනානම් ඒ වැරදි කරපු අයට යම් විධියකට නීත්‍යානූකුල විධියකට පියවර ගැනීමටත් අවශ්‍ය ආයතන පිහිටුවන්නට අපි කටයුතු කරනවා. " යැයි විදේශ අමාත්‍ය මංගල සමරවීර අද ප‍්‍රකාශ කළේය.

අමාත්‍යවරයා මෙසේ ප‍්‍රකාශ කළේ පසුගියදා නිම වු එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 32 වැනි සැසිවාරයට සහභාගි වීමෙන් අනතුරුව එහි ප‍්‍රගතිය පිළිබඳව කරුණු දැක්වීම සඳහා අද (ජුලි 06) කොළඹ පැවති මාධ්‍ය හමුවේදිය.

"ඇතැමෙක් කියනවා හමුදාවට දඬුවම් කරන්න පොරොන්දු වෙලා ආවා කියලා. හමුදාවේ වේවා ආණ්ඩුවේ වේවා වෙන  ඕනෑම කෙනෙක් රටේ කීර්ති නාමයට හානි වෙන ආකාරයට කටයුතු කළොත්, ඒ සියලූ දෙනාගේම කීර්ති නාමය ආරක්‍ෂාකර ගැනීම වෙනුවෙන් ඒ වැරදිකරපු අයට දඬුවම් කිරීම ලංකාවේ අපිට අලූත් දෙයක් නෙවෙයි."



"කවුරුන් හෝ යම්කිසි චෝදනාවක් කළොත් ඇත්ත වේවා බොරු වේවා, ඒ චෝදනාකරුට විරුද්ධව කටයුතු නොකර, අපි  සිදුකරන පරීක්‍ෂණවලින් එවැනි දෙයක් සිදුවුණා ද නැද්ද කියා මේ ලෝකෙටම පෙන්වන්න අපිට පුළුවන් වෙන්න  ඕනෙ. එතකොට තමයි ඒ කියන දේට වලංගු භාවයක් ඇතිවෙන්නෙ. ඒ නිසා තමයි සත්‍ය සෙවීමේ යාන්ත‍්‍රණයක් අපිට අවශ්‍ය වෙන්නේ. එතකොට අපිට පුළුවනි කොන්ද කෙලින් තියාගෙන ලෝකෙට කියන්න මෙහෙම දෙයක් උනේ නැහැ කියලා."

"මම දන්න හමුදාව නම් මේ ලංකාවේ නිකම් බොරුවට අහිංසක පුරවැසියන් මරාගෙන මරාගෙන යන්න තරම් විකෘති මනසක් තියෙන අය නෙවෙයි. එහෙම දෙයක් සිදුවෙලා ඇත්නම්, සිදුවෙන්නෙ ඒ අයගේ උවමනාවට වඩා ඉහලින් ආව නියෝග නිසා. එහෙමනම් ඒ වගේ දේවල් සිදුවී ඇතැයි සත්‍ය සෙවිමේ ආයතනයෙන් ඔප්පු වුනොත් ඊට පස්සේ අපි හොයන්න  ඕනේ ඒවා කරපු අයට වඩා ඒවට අණ දුන්නු අයව. මේ කන්සල්ටේෂන් ක‍්‍රියාවලියට ප‍්‍රතිචාරය අරගෙන සියලූ දෙනාටම එකඟ විය හැකි පිළිගත හැකි යාන්ත‍්‍රණයක් අපි හදනවා. ජනවාරි පෙබරවාරි වන විට අඩුම තරමින් යාන්ත‍්‍රණයේ සැකිල්ල අපිට දැනගත හැකියි." යැයි විදේශ කටයුතු පිළිබඳ ඇමතිවරයා ප‍්‍රකාශ කළේය.

-    මෙලනි




2016-07-06
Advertisement

Find us on Facebook