English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


ලසන්ත ඝාතකයන්ගේ චිත්‍ර රුප දෙවනවරටත් මුදා හැරේ

ප්‍රවීණ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතන සිදුවීම පිළිබඳව කළ විමර්ශනයේදී අනාවරණය වූ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශ අනුව අපරාධකරුවන් බවට සැකකරනු ලබන පුද්ගලයන් දෙදෙනෙකුගේ පින්තූර අපරාධ වාර්තා කොට්ඨාසයේ පොලිස් චිත්‍ර ශිල්පීන් මාර්ගයෙන් සිතුවමට නගා ඇත.

ඉන් එක් අයෙකු වයස අවුරදු 35 ක පමණ පෙනුමැති, උස අඩි 05 අඟල් 08 ක් පමණ වන දුඹුරු පැහැ දිගටි ඇස් ඇත්තෙකු වන අතර, ඔහුට සුදු පැහැති පිරිපුන් ශරීරයක් හිමිය.

දෙවැන්නා උස අඩි 05 යි අඟල් 10 ක් පමණ වන, කළු පැහැති මහත සිරුරකින් යුත් අවුරුදු 45 ක පමණ තැනැත්තෙකි.

මෙම පුද්ගලයන් සම්බන්ධයෙන් කිසියම් තොරතුරක් දන්නේ නම්, 0718 591 753, 0718 591 770 යන දුරකථන අංකවලට හෝ 0112 440 158, 0112 380 380 යන ෆැක්ස් අංකවලට නොපමාව දැනුම්දෙන ලෙසද පොලීසිය මූලස්ථානය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

අදාළ ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු හඳුනා ගැනීම සඳහා පොලීසිය මහජනතාවගේ සහාය දෙවැනි වතාවටත් පතයි.

මීට පෙර පෙබරවාරි මාසයේදී ද පොලීසිය  විසින් එම චිත්‍ර රුප  මුදාහැර ජනතා සහාය ඉල්ලීම් කර තිබිණි.


                                            උපුටා ගැනීම -  ගග

                                            
                                                             -  මෙලනි 





2016-07-06
Advertisement

Find us on Facebook