English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


එක්ව නැගී සිටිමු , මරණ තර්ජන අපට බාධාවක් නොවෙයි ! නිදහස් මාධ්‍ය ව්‍යාපාරය


ශ‍්‍රි ලංකා පුවත්පත් ආයතනය විසින් පවත්වන්නට සැළසුම්කර තිබූ මාධ්‍ය වැඩමුළුවට යාපනයේ සිට පැමිණෙමින් සිටි දමිළ මාධ්‍යවේදින් හට රජයේ ආරක්‍ෂක අංශ විසින් අවස්ථා කිහිපයකදීම අනවශ්‍ය බලපෑම් හා අයුතු චෝදනා එල්ලකරමින් ඔවුන් හට සිදුකළ මානසීක වධහිංසාව ත් කොළඹට පැමිණි පසුව පුවත්පත් ආයතනය ඉදිරිපස හිඳිමින් එක්තරා සංවිධානාත්මක කණ්ඩායමක් විසින් විරෝධතාවක් දක්වමින් සිදුකළ බාධා කිරිම් පිළිබව ත් එම සිද්ධිය සම්බන්ධයෙන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් කඩිනම්ව සැළසුම් කළ මාධ්‍ය හමුව නොපවත්වන ලෙසටත් එසේ කළහොත් තමන්ට ජීවත් වීමට ඉඩ නොතබන බවට නාදුනන පුද්ගලයෙකු විසින් දුරකථනයෙන් සිදුකළ මරණ තර්ජනය ත් හෙළා දකින බවත් එවැනි මරණ තර්ජනවලින් තමන්ගේ කාර්ය භාරයයන් අඩපණකළ නොහැකි බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු සුනිල් ජයසේකර මාධ්‍ය හමුවක් පවත්වමින් ප‍්‍රකාශ කළේය.

මාධ්‍ය සාකච්ඡාව පිළිබඳව මාධ්‍ය ආයතනවලට දැනුම්දී පැයක් ඇතුලතදි අංකය සටහන් නොවන ලෙසට දුරකථන ඇමතුමක් ලැබී තමන්ගේ නම විමසා සිටි බවත්, එෆ් එම් එම් මගින් අදාළ මාධ්‍ය සාකච්ඡුාව සිදුකළහොත් තමන්ට ජීවත් විමට ඉඩ නොදෙන බවට තර්ජනාත්මකව ප‍්‍රකාශ කළේ යැයි සුනිල් ජයසේකර පැවසීය. ”එ් පැහැදිළි කටහඬ මට ප‍්‍රකාශ කළේ, මාව මරා දමන බවයි.”

”අපි දන්නවා මේ පවතින තත්ත්වය ඉතාම භායනකයි කියලා. එ්වගේම එ් තර්ජනයේ බැරැරුම්කමත් අපිට වැටහෙනවා. මේ සියල්ලක්ම දැනගෙන තමයි මේ මාධ්‍ය හමුව අපි අද පවත්වන්නේ. මම ඉපදුණේ මේ රටේ. මැරෙන්නෙත් මේ රටේම යි. අපි තර්ජන වලට මුහුණ දෙන්න සුදානම්.” යැයි නි. මා. ව්‍යපාරයේ කැඳවුම්කරු සුනිල් ජයසේකර පැවසීය.

මාධ්‍ය වැඩමුළුව ආරම්භ කරන්නට පෙර පුවත්පත් ආයතනය ඉදිරිපිටට පැමිණ 40කපමණ පිරිසක් විසින් පුහුණූවට එරෙහිව සහ සහභාගි වන ජනමාධ්‍යවේදින් වෙතට අසත්‍ය චෝදනා එල්ල කරමින් උද්ඝෝෂණක් පවත්වා ඇත.

”මෙම උත්සාහාය, මාධ්‍ය නිදහස මර්ධනය කිරීම ඉදිරියට ගෙනයාමක්. මේ බියගුළු ක‍්‍රියාවන් හෙළා දකිමින් අපි සියලූම දෙනා එක්ව නැගීසිටිය යුතුයි. දකුණේදි පවත්වනු ලබන මාධ්‍ය පුහුණු සඳහා සහභාගි විම වළක්වාලන්නට කඩාකප්පල්කාරීන් සමඟ ආරක්‍ෂක අංශ සම්බන්ධ වෙමින් දමිළ මාධ්‍යවේදින් හට මෑතදි සිදුකළ තෙවැනි බධා කිරිම හෝ කඩාකප්පල්කිරිම මේ අවස්ථාවයි.” බව නි. මා. ව්‍යපාරය සඳහන් කරයි.

”සාර්ථක පුවත්පත් කලාවක් සඳහා හොඳ පුහුණු අවශ්‍යයි. එසේනම් මෙම දමිළ මාධ්‍යවේදින් සඳහා ඔවුන්ගේ වෘත්තිය ඉතා හොඳින් ඉටුකිරීමට ලබාදෙන පුහුණු වලට බාධාකිරීම් එල්ල කරන්නේ මන්ද ? මෙසේ කඩාකප්පල්කාරි සිද්ධීන් පිටුපස සිටින්නේ කවුද ? අපි ආණ්ඩුවෙන් මීට පිළිතුරක් බලාපොරොත්තු වෙනවා. එසේනැතහොත් ආණ්ඩුව මෙහි වගකිම ගතයුතු වෙනවා. මෙය අපේ පළමුවෙනි පණිවුඩය ලෙසට නිකුත් කරන්නට කැමතියි.”

වැඩිදුරටත් අදහස් දක්වමින් සුනිල් ජයසේකර කියා සිටියේ, සිදුවෙමින් පවතින මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණයන් සම්බන්ධයෙන් අපි සියලූම දෙනා එක්ව විරුද්ධත්වය ප‍්‍රකාශ නොකළහොත්, සිදුවමින් පවතින මේ පරිහානියට අපි දු වගකියන්නට සිදුවන බවයි. ජනමාධ්‍යවේදින්ගේ අයිතින් ආරක්‍ෂා කළ යුතුව ඇති තොරතුරු දෙපාර්තමේන්තුව ද, ආරක්‍ෂක අමාත්‍යංශයේ රූකඩයක් වී ඇති බවත් වර්තමානයේදි මාධ්‍ය සහ ජනමාධ්‍යවේදීන් මුහුණ දෙමින් සිටින හිරිහැර සහ තර්ජන ගර්ජන හමුවේ මුනිවත රකිමින් සිටින බවත්ය.

”අපි රජයට සහ ආරක්‍ෂක අංශවලට කියනවා, ජනමාධ්‍යවේදින් ලෙසට අපේ අයිතින් උල්ලංඝණය කරන්න එපා කියලා. එ් වගේම ආරක්‍ෂක අංශවලට ඔවුන්ගේ රාජකාරි ඇතිවා සේම අපටත් අපගේ වෘත්තිය කරගෙන යන්නට ඉඩ දෙන්න කියා ඉල්ලා සිටිනවා.” යැයි නි. මා. ව්‍යපාරය සඳහන් කළේය.




2014-07-27
Advertisement

Find us on Facebook