English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


පවුල් 1040 ට ස්ථීර නිවාස !

යුද්ධයෙන් අනාථව නිවාස අහිමිව තැන තැන අවතැන් වෙමින් සිටී උතුරේ දමිළ ජනතාවගෙන් තවත් පවුල් 1040කට ස්ථිර නිවාස ලබාදෙන සැළසුමක් යාපනයේ තෙලිප්පලෙයි ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙන් වාර්තා විය.

යාපනයේ තෙලිප්පලෙයි ප‍්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ, පලාලි ප‍්‍රදේශයේ රජයේ ආරක්‍ෂක අංශ භාරයේ තිබී නිදහස්කර දෙනු ලැබු ගම්මානවල නැවත පදිංචිය සඳහා පැමිණි පවුල් 1040ක් සඳහා ස්ථිර නිවාස ඉදිකිරීම සඳහා මුල්ගල තැබීමේ උත්සවයක් ජුලි මස 01 වෙනිදා බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ පුනරුත්ථාපන හා නැවත පදිංචි කිරීමේ අමාත්‍ය ඞී එම් ස්වාමිනාදන් ගේ ප‍්‍රධානත්වයෙන් සිදුවී ඇත.  



ප‍්‍රතිසංස්කරණ පුනරුත්ථාපන හා නැවත පදිංචි කිරීමේ අමාත්‍යංශය මගින් ක‍්‍රියාත්මක කරනු ලබන මෙම නිවාස ව්‍යාපෘතිය යටතේ ඉඳිකරනු ලබන එක් නිවෙසක් සඳහා රුපියල් ලක්‍ෂ 08ක මුදලක් රජය වැයකරන අතර, ව්‍යාපෘතිය මගින් යාපනය දිස්ත‍්‍රික්කය තුළ ඉඳිකෙරෙන සමස්ත නිවාස ප‍්‍රමාණය 3265 කි.

නිවාස ව්‍යාපෘතියට මුල්ගල තැබීමේ උත්සවය සඳහා නිවාස අහිමිවු එහෙත් අනාගතයේදි නිවාස ලාභින් වන අවතැන්වු පවුල් විශාල සංඛ්‍යාවක් සහභාගිවු බව ද වාර්තා වෙයි.



තොරතුර හා ඡායාරූප  -  වන්නියේ සිට රොමේෂ් මධූෂංඛ

-  මෙලනි 



2016-07-05
Advertisement

Find us on Facebook