English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


ජෝර්ජ් ට නිදහස - දයා දෙසැම්බරේට !
එල් ටී ටී ඊ සංවිධානයේ හිටපු ක‍්‍රියාකාරි සාමාජිකයෙකු වු එහි භාෂා පරිවර්ථක ජෝර්ජ් මාස්ටර් නිදහස් කරමින් ඔහුට එරෙහිව ඇති නඩු කටයුතු අවසන්කර දමන මෙන් කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ගිහාන් පිලපිටිය අද එනම් ජුලි 04 වෙනිදා නියෝගකළ බව අධිකරණ ආරංචි මාර්ග සඳහන් කරයි.

මොහුට එරෙහිව පැවති පැමිණිල්ල අද කැඳවා ඇති අතර මොහුට එරෙහිව චෝදනා පත‍්‍රයක් ඉදිරිපත් කිරීමට තරම් ප‍්‍රමාණවත් කරුණු නොමැති බවත් ඒ අනුව ජෝර්ජ් මාස්ටර් නිදහස්කරන ලෙසට නීතිපති උපදෙස් දී ඇති බවත් පොලීසිය විසින් අධිකරණයට ප‍්‍රකාශ කර ඇත. එම ප‍්‍රකාශය පිළිගත් අධිකරණය ජෝර්ජ් මාස්ටර් නිදහස්කරන මෙන් නියෝග කොට ඇත.



මීට වසර 07කට පෙර එනම් 2009 වසරේ අවසන් යුද්ධය නිමවිමෙන් අනතුරුව රජයේ ආරක්‍ෂක අංශ විසින් උතුරේ වන්නි ප‍්‍රදේශයේදි ජෝර්ජ් මාස්ටර් අත්අඩංගුවට ගත් බව එවකට මාධ්‍ය වාර්තා ප‍්‍රකාශ කළේය.

අතීත වාර්තා වලට අනුව දෙමළ භාෂාව හැරුණු කොට ඉංගි‍්‍රසි හා සිංහල භාෂා ප‍්‍රවීණයෙකු හා පරිවර්ථනයෙහි අති දක්‍ෂයෙකු වු ජෝර්ජ් මාස්ටර්, සමස්ත කාලපරිච්ඡ්දය පුරාවට එල්ටීටීඊ සංවිධානයේ භාෂා පරිවර්ථක ලෙසට ක‍්‍රියා කර ඇත.  

ඒ අනුව, මෙරට දී සහ විදේශයන්හි දී ශ‍්‍රි ලංකා ආණ්ඩුව හා එල්ටීටීඊ සංවිධානය අතර පැවති සාම සාකච්ඡුා හි භාෂා පරිවර්ථක ලෙසට කටයුතු කරමින් ජෝර්ජ් මාස්ටර් සුවිශේෂි මෙහෙයක් ද සිදුකර ඇත.

මේ අතර එල්ටීටීඊ සංවිධානයේ හිටපු මාධ්‍ය ලේකම් දයා මාස්ටර් සම්බන්ධයෙන් නීතිපති උපදෙස් නොලැබීම හේතුවෙන් දෙසැම්බර් මස 05 වෙනිදා තෙක් අදාළ නඩුව කල් දමා ඇති බව ද වාර්තා වෙයි.

-    මෙලනි




2016-07-04
Advertisement

Find us on Facebook