English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


අවුල නිමයි - කුමාරස්වාමි නව අධිපති වෙයි !


පොදු රාජ්‍ය මණ්ඩලීය මහලේකම් කාර්යාලයේ ආර්ථීක කටයුතු භාර අධ්‍යක්‍ෂ පදවියෙහි කටයුතු කර ඇති ආචාර්ය ඉන්ද‍්‍රජිත් කුමාරස්වාමි ශ‍්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපති ලෙසට අද එනම් ජුලි 04 වෙනිදා පෙරවරුවේදි ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන අතින් සිය පත්වීමේ ලිපිය ලබා ගති.

මහ බැංකු අධිපති ධූරය වෙනුවෙන් පත්වන්නේ කවුද ? යන පැණයට පිළිතුරු සොයමින්  පසුගිය දින කිහිපයේදි දේශපාලන ක්‍ෂේත‍්‍රය තුළ සංසරණය වූ නොයෙකුත් ආකාරයේ යෝජනා ආරංචි මෙන්ම කටකතා වලින් මාධ්‍ය ක්‍ෂේත‍්‍රය විවිධ ආකාරයේ පුවත් මැව්වේය. ඒ සියල්ල අභිබවා පසුගිය සෙනසුරාදා එනම් ජූලි මස 02 වෙනිදා ජනාධිපතිවරයා විසින් ආර්ථීක විද්‍යඥයෙකු වන දමිළ ජාතික ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි ශ‍්‍රි ලංකා මහ බැංකුවේ නව අධිපති ධූරය සඳහා නම් කළේය. නව පදවියේ වැඩකටයුතු ආරම්භ කිරිම අදට තැබුවේය.

අර්ජුන් මහේන්ද්‍ර හිටපු මහ බැංකු අධිපතිගේ ධූර කාලය පසුගිය 30 වෙනිදායින් නිම වු අතර එහතේ ඊට පෙර සිට මී ලඟ අධිපතිවරයා කවුරුන්ද යන්න රට තුළ විශේෂයෙන් දේශපාලන ක්‍ෂේත‍්‍රය තුළ දැඩි කථා බහට ලක් විය. වරෙක දැනටමත් මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති, පුරප්පාඩු වන අධිපති ධුරය හොඹවන්නට සුදුසුම කෙනා ලෙසට පුවත් ගලා ආවේය. තවත් වරෙක ඒ ධුරය රජයේ අමාත්‍යවරයෙකු වන එරාන් වික‍්‍රමතුංගට ආදේශ කරමින් පුවත් ගලා ආවේය. තවත් වරෙක දේශපාලනඥයෙක් එවැනි ස්වාධින ආයතනයක අධිපතිත්වය හෙබවීමට නුසුදුසු බව දනවමින් පුවත් ගලා ආවේය.
 
කෙසේවෙතත් අවසානයේදි, එංගලන්තයේ කේම්බ‍්‍රිජ් සරසවියේ උපාධිධරයෙකු වන ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි පුරප්පාඩු වන ධුරයේ හිඩැස පිරවීමට පත්කෙරිණි.

1973 දී ආචාර්ය කුමාරස්වාමි ශ‍්‍රි ලංකා මහ බැංකුවට සම්බන්ධ වෙමින් මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ කටයුතු දෙපාර්තමේන්තුව සහ දත්ත සහ මහ බැංකු අධීක්‍ෂණ දෙපාර්තමේන්තුව යනාදි අංශවල 1989 වසර තෙක් සේවය කළ අතර 1981 සිට 1989 දක්වා කාලය තුළදී මුදල් හා සැලසුම් අමාත්‍යංශයේ ද යනාදි ආයතන කිහිපයකම සේවය කළ පළපුරුදු ජේ්‍යෂ්ඨ ආර්ථික විශේෂඥයෙකි.

හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් පිළිබඳව උද්ගත වුණු අර්බුදකාරි තත්ත්වය මත, නව මහ බැංකු අධිපති ලෙසට  නව පත්වීමක් සිදුකරන ලෙසටත් එම පත්වීම දේශපාලනයෙන් තොරවු පත්වීමක් විය යුතු බවටත් සිවිල් සංවීධාන විසින් වත්මන් ආණ්ඩුවට බලකර සිටියේය.

ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි ශ‍්‍රි ලංකා ව්‍යවස්ථාදායක කමිටුවේ සාමාජිකාවක් මෙන්ම මානව හිමිකම් ක‍්‍රියාධරනියක ද වන රාධිකා කුමාරස්වාමිගේ සහෝදරයා වෙයි.

-    මෙලනි



2016-07-04
Advertisement

Find us on Facebook