English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


දමිළ ජනමාධ්‍යකරුවන්ට නැවතත් බලපෑම් සහ අයුතු චෝදනා !



කොළඹ පුවත්පත් ආයතනයේ දී අද දින (ජුලී26) පවත්වන්නට නියමිත මාධ්‍ය පුහුණු වැඩමුළුවකට සහභාගිවීම සඳහා උතුරේ සිට පැමිණෙමින් සිටි දමිළ මාධ්‍යවේදීන් 12 දෙනෙකුට රජයේ ආරක්‍ෂක අංශ විසින් බාධා පමුණුවා ඇති අතර ඔවුන් සතුව ශ‍්‍රි ලංකාවේ තහනම් කරනු ලැබු නීතිවිරෝධි මත්ද්‍රව්‍ය තිබු බවට චෝදනා නගා ඇතැයි ”ශ‍්‍රි ලංකා බි‍්‍රෆ්” පුවත් මාධ්‍ය ජාලය වාර්තා කළේය.

උතුරේ මාධ්‍යවේදින් සඳහා කරනු ලබන පුහුණු වැඩමුළු සඳහා බලපෑම් එල්ල කිරිම සහ ඒවා කඩාකප්පල් කිරීම, මෙය පළමු අවස්ථාව නොවන අතර මීට පෙර ද මිහින්තලේ දි හා මීගමුවේදී ද ඔවුන්ගේ පුහුණු කටයුතුවලට බධා පමුණුවා කඩාකප්පල් කළේය.

අන්තවාදි බෞද්ධ කණ්ඩායම් විසින් සිදුකරනු ලබන හිංසාවාදි දාමරික ක‍්‍රියාවන් හා හමුදාකරණය පිළිබඳව හෙළිදරව් කිරීම්වල නිරතව සිටින ඒකී ජනමාධ්‍යකරුවන් පිරිස, ඊයේ එනම් ජූලි 25 වෙනිදා පස්වරුවේදී, අදාළ පුහුණුව සඳහා පෞද්ගලීක වැන් රථයකින් කොළඹ බලා ගමන් ආරම්භකර ඇත.
හමුදාවේ බුද්ධි අංශ පුද්ගලයින් යැයි සැකකළ හැකි කණ්ඩායමක් විසින් යාපනයේ නගරයේදි මොවුන් ප‍්‍රථම වරට ලූහුබැඳ ඇති අතර පසුව මාන්කුලම් හීදී පරික්‍ෂා කිරීම සඳහා නවතා ඇති’මුත් ඔවුන් පිටුපසින් හා ඉදිරියෙන් ගමන්ගත් වාහන පරික්‍ෂාව සඳහා නවතා නැති බව මාධ්‍යවේදින් ප‍්‍රකාශ කර ඇත.  

යළිත්වරක්  ඕමන්තේ හමුදා මුරපොලේදි සිවිල් ඇදුමින් සිටී පොලිස් නිළධාරීන් දෙදෙනෙකු හා නිල ඇදුමින් සැරසුණු හමුදා නිළධාරීන් තිදෙනෙකු විසින් වාහනය නවතා ඇත.  සිවිල් ඇදුමින් සැරසුණු පොලිස් නිළධාරීන් විසින්  ඕමන්ත මුර පොලෙහි මින් පෙර කිසිම දිනෙක රාජකාරි කටයුතු සිදුකර නැතැයි ජනමාධ්‍යවේදින් ප‍්‍රකාශකර ඇත. වාහනය පරික්‍ෂා කරන අතර දී එක් හමුදා සෙබළුකු විසින් වාහනයේ රියදුරු අසුන යට සුදු පැහැති කුඩා පාර්සලයක් තබනු එක් ජනමාධ්‍යවේදියෙක් දැක ඇති අතර මේ පිළිබඳව අනෙක් සඟයින් මෙන්ම රථයේ රියදුරු මහතාව ද දැනුවත් කර ඇත. ඒ සමඟම පොලීසිය මෙම පාර්සලය රැුගෙන එහි ශ‍්‍රි ලංකාවේ තහනම්කර ඇති නීතිවිරෝධී මත්ද්‍රව්‍යයක් වන කැනබි නැමති මත්ද්‍රව්‍ය තිබූ බවට චෝදනාකරමින් මාධ්‍යවේදීන් පිරිස සමඟ රියදුරු මහතාව අත්අඩංගුවට ගැනීමට සුදානම්වී ඇත.

එහෙත්, ජනමාධ්‍යවේදින් කථාකර ”ඔබලා අපව අත්අඩංගුවට ගන්නට සුදානම් වන්නේ නම්, අපට නඩුවක් පවරන්නට අරඅදිමින් මෙම සුදු පැහැති පාර්සලය රියදුරු අසුන යටට දැමු හමුදා සෙබළා කවුරුද යන්න හෙළිකරන්නට සිදුවන බවත් , තවදුරටත් ඇඟිලි සළකුණු ගෙන මෙය පරික්‍ෂා කරන්නට කියා උසාවියට හෝ අදාළ රජයේ ආයතනවලට දැණුම්දෙනවා.” යැයි තදින් ප‍්‍රකාශකර ඇත.

දෙපාර්ශවයන් අතර ඇතිවු උණුසුම් වචන හුවමාරුවකින් අනතුරුව,
ඕමන්ත පොලිසියේ ස්ථානාධිපති විසින් තවදුරටත් ප‍්‍රශ්න කිරීම සඳහා රථයේ රියදුරු මහතාව රඳවාගෙන මාධ්‍යකරුවන් පිරිස මුදාහැර ඇත.

පසුව මහජන බස් රථයක නැගුණු ජනමාධ්‍යවේදීන්, කොළඹ බලා පිටත්ව ඇති අතර ඔවුන්ගේ ආරක්‍ෂාව සහ  ඕමන්ත පොලීසියේ රඳවාගත් රියදුරු මහතාගේ ආරක්‍ෂාව පිළිබඳව අවධානය යොමුකරමින්, මෙම නවතම බොරු සාක්‍ෂි ගෙතුම පිළිබඳව හෙළිදරව් කරන ලෙසට මානව හිමිකම් ක‍්‍රියාධරයින්ගෙන් සහ ජනමාධ්‍යයෙන් ඉල්ලා සිටියේය.

ඕමන්තේ මුරපොල යළිත් වරක් සාහසික වධහිංසා පමුණුවන්නට හැකියාව ඇති මුරපොලක් ලෙසට ඔප්පුකොට පෙන්වා සිටියා යැයි මෙම අයුතු චෝදනාවට හා බලපෑමට ලක් වු දමිළ මාධ්‍යවේදිහු පෙන්වා දෙති.




2014-07-26
Advertisement

Find us on Facebook