English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


මාතර මානව හිමිකම් කි‍්‍රයාධරයන් වීදියට
මාතර දිස්ති‍්‍රක්කයේ මානව හිමිකම් කි‍්‍රයාධරයන් විශාල පිරිසක් අද මාතර දිස්ති‍්‍රක්කයේ ප‍්‍රධාන නගර කිහිපයක වීදි සංචාරයේ යෙදෙමින් ලබන 9වන දින මාතර විවෘත කෙරෙන මානව හිමිකම් ප‍්‍රථමාධාර සමිති පිළිබදව දැනුවත් කිරීමේ වැඩසටහනක් දියත් කරනු ලැබීය.


දිස්ති‍්‍රක්කයේ මානව හිමිකම් කි‍්‍රයාධරයන් 70 ට ආසන්න ප‍්‍රමාණයක් මාතර, වැලිගම, දෙනිපිටිය, වැලිපිටිය, අකුරැස්ස හා කඹුරුපිටිය යන නගරවල වීදි සංචාරයේ යෙදුනු අතර, එහි දී අත් පති‍්‍රකා 10,000 කට ආසන්න ප‍්‍රමාණයක් ජනතාව අතර බෙදා හරිනු ලැබූ අතර, ජනතාව දැනුවත් කිරීමේ පෝස්ටර් ඇලවීමේ ව්‍යාපාරයක්ද මෙම නගරවල සිදු කරනු ලැබීය.


ලබන 09 වන දින මාතර විවෘත වන මානව හිමිකම් ප‍්‍රථමාධාර සමිති මගින් මුල් පියවරේ දී ප‍්‍රදේශයේ සිදු වන මූලික අයිතිවාසිකම් කඩවීම් පිළිබදව සොයා බලා ඒ පිළිබදව කඩිනමින් ගත යුතු පියවරයන් වෙත අදාළ වින්දිතයන් යොමු කිරීමත්, ප‍්‍රාදේශීයව පිහිටුවා ඇති ස්වාධීන කොමිෂන් සභා වෙත මෙම පැමිණිලි විධිමත්ව යොමු කර, එහි කි‍්‍රයාකාරීත්වය මේ හරහා අධික්ෂණය, පොදුවේ මානව හිමිකම් පිළිබද දැනුම හා අවබෝධය පුලූල් කිරීමත් මෙම මානව හිමිකම් ප‍්‍රථමාධාර මධ්‍යස්ථාන හරහා සිදු කිරීමට නියමිතය.


මෙම කටයුතු ප‍්‍රදේශයේ ඇති මානව හා භෞතික සම්පත් ප‍්‍රයෝජනයට ගනිමින් ස්වේච්ඡුා පදනමින් සිදු කිරීමට සැලසුම් කර ඇති අතර, මෙම කාර්යාලයේ කටයුතු දැනටමත් පුහුණු කරණු ලැබූ මානව හිමිකම් ආරක්ෂකයින් විසින් සිදු කිරීමට සැලසුම් කර තිබේ. මෙම මධ්‍යස්ථානය විවෘත කිරීමේ උත්සවය මාතර දිස්ති‍්‍රක් ලේකම්වරියේ මූලිකත්වයෙන් ජුලි 09 වන දින උදේ 9.30ට මාතර, කඹුරුගමුව, ගැමි පියස මධ්‍යස්ථානය දී පැවැත් වේ.

ජුලි 03 වන දින මෙවැනිම දැනුවත් කිරීමේ වීදි සංචාරයක් හම්බන්තොට දිස්ති‍්‍රක්කයේ ද පැවැත්වීමට සැලසුම්කර ඇත. හම්බන්තොට මානව හිමිකම් ප‍්‍රථමාධාර සමිතිය ජූලි 10 සවස 2.30 එක්කස්ස බහුකාරය මධ්‍යස්ථානයේ දී විවෘත කිරීමට නියමිතය.

උපුටා ගැනීම - http://www.right2lifelanka.org



2016-07-02
Advertisement

Find us on Facebook