English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


වධහිංසා පැමිණවීම අතින් පොලීසිය ඉදිරියෙන් !
"වධහිංසාව පිළිබඳව පසුගිය වසරේදි 2015 පැමිණිලි 413ක් ලැබුනා. ඒ හැම එකක්ම වගේ පොලිසියේ අත්අඩංගුවේ සිටින අය විසින් එවන ලද පැමිණිලි. නමුත් අපිට නොලැබෙන පැමිණිලිත් විශාල සංඛ්‍යාවක් තිබෙන බව අපි දන්නවා. එය අද දවසේ තිබෙන ප‍්‍රබල ප‍්‍රශ්නයක්. ඒ වගේම අතුරුදහන්වීම් පිළිබඳව අපට වාර්තා වෙන්නෙම නැහැ. විශේෂයෙන්ම පොලිස් දෙපාර්තමේන්තුවේ වෘත්තිකත්වය ඉහළ මට්ටමකට ගෙන ගොස් , අපට ආඩම්බර විය හැකි ආකාරයේ පොලිස් දෙපාර්තමේන්තුවක් නිර්මාණය කරලා ඒවගේම ප‍්‍රචණ්ඩත්වයට පිටුපාන සමාජයක් බිහිකරන්න අපිට යම්කිසි විධියක අඩිතාලමක් දමන්න පුළුවන්නම්, ඒක අතීශයින් ම වැදගත් පියවරක් කියල හිතනවා." යැයි මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිනි ආචාර්ය දීපිකා උඩුගම ප‍්‍රකාශ කළේය.

ඇය මෙසේ අදහස් දැක්වුයේ වධහිංසාවට පාත‍්‍රවුවන්ට සහය පලකිරීමේ ජාත්‍යන්තර දිනය වෙනුවෙන් මානව හිමිකම් කොමිෂන් සභාව විසින් සංවිධානයකර ඊයේ පෙරවරුවේදි - ජුනි 30 වනදා, පවත්වන්නට යෙදුණු පාගමන අවසථාවේ දී මාධ්‍යයට අදහස් දක්වමිනි.



වධහිංසාවට මුළුමනින්ම තිත තබමු යන තේමාව ඔස්සේ පවත්වන්නට යෙදුණු මෙම පාගමනට, එහි නිර්මාතෘ, මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිනිය සමඟින් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මෙන්ම නීතිය හා සාමය භාර ඇමති සාගල රත්නායක ද සහභාගි වුහ. මානව හිමිකම් කොමිෂන් සභාවේ සියලූ කොමසාරිස්වරුන් ද ආරක්‍ෂ අංශ නියෝ්ජිතයින්ද ,පාසැල් ළමුන් හා තරුණ පිරිස් ඇතුළු මානව හිමිකම් ක‍්‍රියාධරයින් මෙම පාගමනට සහභාගි වුහ.  

"අපි ස්වාධීන කොමිෂන් සභාවක් හැටියට අපේ විශ්වාසයක් නැහැ, ශිතල කාමරවලට සීමාවෙලා නීති ක‍්‍රියාමාර්ග තුලින් ම පමණක් රටේ මානව හිමිකම් පිළිබඳ තත්ත්වය ඉහළ මට්ටමකට නගාසිටුවන්න පුළුවන් වෙයි කියලා. මේ සිටින තරුණ පරම්පරාව මේ පාගමනට සහභාගිකර ගත්තේ ඒ අරමුණින්." යනුවෙන් මානව හිිමිකම් කොමිෂන් සභාවේ සභාපතිනි ආචාර්ය දීපිකා උඩුගම වැඩිදුරටත් සඳහන් කළේය.

බොරැල්ල කිංසි පාරේ පිහිටා ඇති මානව හිමිකම් කොමිෂන් සභා මධ්‍යස්ථානයේ සිට නිදහස් චතුරශ‍්‍රය තෙක් පාගමන සංවිධානයකර තිබිණි.

-    මෙලනි



2016-07-01
Advertisement

Find us on Facebook