English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


අනාථ කඳවුරක් ගම්මානයක් බවට පත්වු වගයි !

යහපාලන ආණ්ඩුවේ විශේෂයෙන් ම එහි ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන විසින් මීට පෙර ප‍්‍රකාශකර ඇති පරිදි යුද්ධයෙන් අනාථව ඉඩම් නිවාස අහිමිව සිටින පුද්ගලයින් විටෙන් විට නැවත පදිංචි කරනවාය යන වචනයේ පිහිටමින් ඊයේ ජුනි මස 30 වෙනිදා තවත් යුධ අනාථයින් පිරිසකට භුුමියේ අයිිතියක් ලබා දී ඇතැයි උතුරේ ආරංචි මාර්ග වාර්තා කළා.
 
පුරා වසර 25ක කාලසීමාවක් තුළ, යුද්ධය නිසා අනාථවු දමිළ මිනිසුන් ජීවත්වුණු යාපනයේ සිදම්බරපුරම් අනාථ කඳවුර සිදම්බරපුරම් නගර් ලෙසින් නව ගම්මානයක් බවට පරිවර්ථනයකර ඊයේ එනම් ජුනි 30 වෙනිදා ජනතා අයිතියට පත්කර ඇත.



1991 වසරේ සිට යුද්දය අවසානය තෙක් මෙම කඳවුර තුළ අනාථවුණු පවුල් 10 000කට ආසන්න පිරිසක් ජිවත්ව සිට ඇති බවත් යුද්ධය නිමාවීමෙන් පසුව විටෙන් විට කඳවුරු වැසියන් ඔවුන්ගේ මුල් ගම්බිම්වල පදිංචිකළ බවත් එසේ නිවෙසක් භුමියක් සතුව නොසිටි පවුල් 193ක් මෙම කඳවුරේම ජිවත් ව සිටී බවත් වන්නියේ වාර්තාකරු රොමේෂ් මධුෂංඛ අයිතියට පැවසීය.





තමන් මෙතක් කාලයක් තුළ අනාථ වැසියන් ලෙසට, අනාථ කඳවුරක ජීවත්වුව ද මෙතැන් පටන් තමන්ගේම ගමේ ජීවත්වන මානසිකත්වයෙන් යුතුව ජීවත්වීමට අවස්ථාව ලැබුණු බව ඉඩම් ඔප්පු ලබාගැනීමෙන් අනතුරුව ඇතැම් දමිළ වැසියන් ප‍්‍රකාශකර ඇත.



මෙම කඳවුර තුළ වසර 25ක කාලසීමාවක් ජීවත්වුණු දමිළ වැසියන් හට අදාළ ඔප්පු ප‍්‍රදානය කිරීම, උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සි වී විග්නේශ්වරන් සහ අමාත්‍ය ඞී එම් ස්වාමිනාදන් යන  රජයේ නිළධාරීන් විසින් සිදුකර ඇත.

ඡායාරූප සමගින් තොරතුරු සැපයීම  -   රොමේෂ් මධුෂංඛ

-  මෙලනි



2016-07-01
Advertisement

Find us on Facebook