English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


රාජ්‍ය මැදිහත් වීමෙන් “වධ හිංසාවට තිත”.
ජුනි 26 දිනට යෙදෙන වධ හිංසාවට ලක්වුවන් සඳහා වූ ජාත්‍යන්තර දිනයට සමගාමීව “වධ හිංසාවට තිත” මැයෙන් පාගමනක් ඉතිහාසයේ ප්‍රථම වරට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් සංවිධානය කර තිබුණි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හා නීතිය හා සාමය පිලිබඳ අමාත්‍ය සාගල රත්නායක මහතාගේ  සහභාගීත්වයෙන් මානව හිමිකම් කොමිෂන් සභාව අසලින් ආරම්භ වූ මෙම පා ගමන නිදහස් චතුරශ්‍රය අසලින් අවසන් කෙරිණි. 

මෙම පා ගමන සඳහා ශ්‍රී ලංකා පොලිසිය, යුධ හමුදාව, නාවික හමුදාව හා සිවිල් ආරක්ෂක අංශය හා පාසල් ළමුන් ඇතුළුව සිවිල් සංවිධාන කිහිපයක්ද සහභාගී කරගැනීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව කටයුතු කිරීම අගය කල යුතු අතර ඉතිහාසයේ ප්‍රථම වරට රාජ්‍ය මැදිහත් වීමක් සහිතව වධ හිංසාව තුරන් කිරීම සඳහා වගකියයුතු අංශයන් ගේ අවධානය යොමු වීම වධ හිංසාව තුරන් කිරීම කෙරෙහි ඇති වන්නාවූ යම් ප්‍රගතියක් වශයෙන් සැලකිය හැක.

පසුගිය පාලන කාලයන් තුල මෙවැනි වැඩසටහන් සවිංධානය කිරීම හා සැමරීම සිවිල් සංවිධාන වලට පමණක් සීමා විය. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව හා අනෙකුත් කොමිෂන් සභා කිසිඳු ක්‍රියා කාරීත්වයක් නොමැතිව නාමිකව පවත්වා ගෙන ගිය අතර ඒවාට ස්වාධීනව කටයුතු කරගෙන යාමට ඇති ඉඩ ප්‍රස්තාව පසුගිය රජයන් විසින් අවම කර තිබුණි.

කෙසේ වෙතත් මෙම අවස්ථාවට සහභාගී වෙමින් නීතිය හා සාමය පිලිබඳ අමාත්‍ය සාගල රත්නායක මහතා ප්‍රකාශ කර සිටියේ වධ හිංසාව වැලැක්වීම සඳහා රජයේ අවධානය යොමුවී ඇති බවත්, ශ්‍රී ලංකා පොලිසියද මේ සඳහා කැපවීමට එකඟවී ඒ සම්බන්ධයෙන් පුහුණු කටයුතුද ආරම්භ කර ඇති බවත්ය. තවද ත්‍රස්තවාදය වැළක්වීමේ පනත වෙනත් නමකින් සංසෝධනය කර ඇති බවත්, සංවිධානාත්මකව සිදුකරන අපරාධ මැඩපැවැත්වීම සඳහා නව පනතක් ඉදිරිපත් කිරීමට නියමිත බවත්,  කාලීන නීති ඇති කරමින් සාධාරණ නීතියක් රට තුල ස්ථාපිත කරන බවටත් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

උපුටා ගැනීම - http://www.right2lifelanka.org



2016-06-30
Advertisement

Find us on Facebook