English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


ඇසුනා ......... ! හිමිකම් දඩයම් වෙනවාලූ !!
                                                       
රටේ 33 වන පොලිස්පතිවරයාගේ හිමිකම් කප්පාදුවක් පිළිබඳව අයිතියට ඇසුණා.
ශ‍්‍රි ලංකා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් එසේත් නැතිනම් ආණ්ඩුව විසින් පත් කළ වර්තමාන පොලිස්පති, එන් කේ ඉලංගකෝන් මහතා, සිය ධූර කාලය තවත් වසර දෙකක් තිබිය දී, නියමිත කලට පෙර විශ‍්‍රාම ගැන්විමට ආණ්ඩුව ම කටයුතු සුදානම් කරමින් සිටින්නේ යැයි ඇසුණා.

පසුගිය දිනෙක ජනාධිපති මන්දීරය වෙත ආරක්‍ෂක අංශ ප‍්‍රධානින් කැඳවු අවස්ථාවේදි පොලිස්පති ඉලංගකෝන් මහතා ඔවුන් අතර නොසිටියේ යැයි ද ඇසුණා.

2015 එනම් ලබන වසරේදි පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය ඉලක්ක කරමින් වර්තමානයේදි සියලූම රාජ්‍ය පරිපාලන කටයුතු පරිපාලනය වෙමින් පවතින කාලයකදී, තමන්ට අවනත නොවන රාජ්‍ය නිළධාරීන් සහ ආරක්‍ෂක අංශ ප‍්‍රධානීන් ස්ථාන මාරු කිරීම් හෝ බලහත්කාරයෙන් විශ‍්‍රාම ගැන්වීමට සුදානමක්  පවතින බව ඇසුනා. එහි නවමු ඉලක්කය පොලිස්පතිවරයා බවද ඇසුණා.

ජාතිවාදි කණ්ඩායම් විසින් ඇතිකිරීමට ගිය ජාතිවාදි ගැටුම් පාලනය කිරීමට ක‍්‍රියාත්මක වෙමින් බේරුවල හා අලූත්ගම ප‍්‍රදේශවලදී ඇතිවු සිද්ධීන්වලදි ඊට සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගනිමින් අපක්‍ෂපාතිව නීතිය ක‍්‍රියාත්මක කිරීමට උත්සාහා කිරිමත්, බස්නාහිර හා දකුණු පළාත් මැතිවරණයේදි ද ආණ්ඩුවේ මැතිවරණ කටයුතු වෙනුවෙන් ද පොලීසිය යෙදවීමට විරුද්ධ වීම හා ආණ්ඩුවේ ප‍්‍රබලයින්ගේ නීති විරෝධි ව්‍යාපාර මර්ධනය කිරීමට පොලීසිය යොදවා ගැනීම ද පොලිස්පති ඉලංගකෝන් මහතාගේ කඩිනම් විශ‍්‍රාම ගැන්වීමට හේතු ලෙස බලපා ඇති කරුණු යැයි ඇසුණා.

කරුණු එසේවන කල, 2016 වන තුරු සිය ධුරයේ සේවය කරන්නට අවකාශ තිබෙන පොලිස්පතිවරයා විශ‍්‍රාම ගන්වන්නට ආණ්ඩුව සුදානම් වන අතර, ආණ්ඩුවට විරුද්ධව කොළඹ නගරයේ පැවැත්වෙන ජනතා විරෝධතාවලට ඇස් එළියට එනතුරු පහර දීමට අණකරන නියෝජ්‍ය පොලිස්පතිවරයා විශ‍්‍රාම ගතයුතු වුවත්, මේ වන විටත්, තෙවන වරටත් සේවා දිගුවක් ලබාදීම මගින් ආණ්ඩුවේ අවශ්‍යතාවය කුමක්ද යන්න පැහැදිළි වන්නේ යැයි දේශපාලන විශ්ලේෂකයින් පවසන්නේ යැයි ද ඇසුණා.  

ශී‍්‍ර ලංකා පොලීසියේ සමස්ත පිරිස් බලය 85000ක් වන බවත් ඉන් 75000 ක් ම දෙනා ආණ්ඩු විරෝධීන් බවත් ජනමාධ්‍ය විසින් මෑතකදි හෙළිදරව් කර තිබුණි යැයි ද අයිතියට ඇසුණා.  

2011 ජුලි මසේ 04 වෙනිදා 33 වන පොලිස්පති ලෙසට වැඩ භාරගත් පොලිස්පති එන් කේ ඉලංගකෝන් මහතා  18000ක් පොලිස් නිළධාරීන් හට පුහුණු පාඨමාලා සඳහා අවස්ථා ලබාදිමත් , පොලිස් බලකාය තුල ඉතා ඛේදනීය ලෙසට ඌනවෙමින් පවතින ශික්ෂණය යළි ඇති කිරීමටත් පියවර ගන්නා බව සිය ධූරයේ දිවුරුම් දීමෙන් අනතුරුව ප‍්‍රකාශ කළා. එමෙන්ම, ජනතාව හා පොලීසිය අතර විශ්වාසනීයත්වය යළි වර්ධනය කරගැනීම සඳහා  උචිත පුහුණු ලබාදෙන බවත්, විශේෂයෙන්ම ගැටුම්කාරි අවස්ථාවන් කෙසේ පාලනය කළ යුතුද යන්න පිළිබඳවත් පුහුණු ලබාදෙන්නට පියවර ගන්නා බවත් 33 වන පොලිස්පතිවරයා එදින,2011.07.04 වන දින ප‍්‍රකාශ කළා.



2014-07-25
Advertisement

Find us on Facebook