English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


උතුරේ ඉඩම් හිමියන්ට නාවික හමුදා තග !

රාජ්‍ය ආරක්‍ෂාව යන අවශ්‍යතාවය යටතේ ශ‍්‍රි ලංකා රජයේ හමුදාවන් විසින් වසර ගණනාවක් තිස්සේ පරිහරණය කළ උතුරේ සහ නැගෙනහිර දමිළ ජනතාවට අයත් ඇතැම් ඉඩම්, වර්ථමානයේදි පෞද්ගලීක පරිහරණය සඳහා අත්පත්කර ගැනීමේ චේතනාවෙන් යුුතුව අදාළ ඉඩම් හිමියන්ට ඇතැම් නාවික හමුදා නිළධාරීන් විසින් සිය වෘත්තියේ බලයේ පිහිටමින් තර්ජනය කරන බවට උතුරු ආරංචි මාර්ග සඳහන් කරයි.

 අති විශාල වටිනාකමකින් යුතු තමන්ගේ භුමිය, තුට්ටු දෙකේ මිලකට තමන්ට අලෙවි කරන ලෙසට නාවික හමුදාවේ ඇතැම් නිළධාරි බලපෑම් එල්ලකරන බවට දමිළ ඉඩම් හිමියන් විසින් තමන්ට දන්වා සිටි බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රිවරයෙකු විසින්
න පුවත් හා ප‍්‍රකාශකර ඇත.

"මන්නාරම වංගාලේ ග්‍රාමයේ මුහුද පැත්තට වන්නට පිහිටා ඇති අක්කරයක ඉඩමක් වසර පහකට අධික කාලයක් බලහත්කාරයෙන් තබා ගෙන සිටි නාවික හමුදාව විසින් ඉඩම රුපියල් ලක්ෂ 20 ක මුදලකට අලෙවි කරන ලෙස ඉඩම් හිමියාට බලපෑම් කරන බවයි දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චාර්ස්ල් නිර්මලනාදන් ගගන හා කියා සිටියේ."

"එම ඉඩමේ මැනීමේ කටයුතු සිදු කිරීම සදහා පසුගිය දිනක නාවික හමුදාව විසින් උත්සාහ කළ බවට ඉඩම් හිමියා විසින් දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරයා වෙත පැමිණිලි කර ඇත."

මේ සම්බන්ධයෙන් දමිළ ඉඩම් හිමියා විසින් මන්නාරම දිස්ත‍්‍රික් ලේකම් එම් වයි එස් දේශප‍්‍රිය වෙත සහ නානාටාන් ප‍්‍රාදේශිය ලේකම් පරමදාස් වෙත ද දැනුම්දී ඇත.

මෙකී අවශ්‍යතාවය මුල්කර ගනිමින් පසුගිය 26 වෙනිදා අදාළ ඉඩම් හිමියා සහ තෙලෙයි මන්නාරම් සහ වන්ගාලෙයි නාවික හමුදා නිළධාරින්් දෙදෙනෙකු සාකච්ඡ පවත්වා ඇති අතර, නාවික හමුදා නිළධාරීන් නියමකරන මුදලට තමන්ගේ ඉඩම ඔවුන්ට පැවරීමට තමන් අකමැති වු බවත් එසේ අකමැති වන්නේ නම් , මුදලූත් ඉඩමත් දෙකම අහිමිවන බවට ඉඩම් හිමි දෙමළ මිනිහාට  සිංහල නාවික හමුදාවේ සිංහල නිළධාරීන් දෙදෙනා තර්ජනය කළ බව ඉඩම් හිමියා විසින් ප‍්‍රකාශකර ඇත.

මෙවැනි තග් තර්ජන, විශේෂයෙන් ම විනය හා සාමය රකින හමුදාවන්ගෙන්ම සිදුවීම යහපාලන ආණ්ඩුව විසින් සිදුකිරීමට නියමිත තවමත් මන්දගාමිව සිදුවෙමින් පවතින ජාතීන් දෙපිරිස අතර සංහිදියාවට මොනවාට උත්තර බදිනු ඇත් ද ?

තොරතුරු මුලාශ‍්‍රය -  පුවත්

-    මෙලනි



2016-06-29
Advertisement

Find us on Facebook