English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


නිල මට්ටමේ වධහිංසාව නවත්වන්න ඔබත් දායක විය යුතුයි – ආචාර්ය දීපිකා උඩුගම
නිල මට්ටමෙන් මෙරට සිදුකරන වධහිංසාව සම්පුර්ණ වශයෙන් නැවැත්විමට බල කෙරෙන, ඒ සඳහා අනුබල දෙමින් කොළඹ මානව හිමිකම් කොමිෂන් සභාව විසින් සංවිධානයකර පවත්වනු ලබන පා ගමනක්, හෙට එනම් ජුනි 30 වෙනිදා පෙරවරුවේදි ආරම්භකරන බව මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිනි ආචාර්ය දීපිකා උඩුගම ප‍්‍රකාශ කළේය.

මෙම කර්තව්‍යය සඳහා ජනතා පෙළගැස්ම අතීශය වැදගත්වන බව පෙන්වා දුන් ඇය, මෙම පාගමනින් අවධාරණය කරන්නට උත්සාහා කරනු ලබන්නේ නිල මට්ටමෙන් සිදුවන වධහිංසාවට සම්පුර්ණ වශයෙන්ම තිත තැබිය යුතුය යන්න බව පැහැදිළි කළේය.


ආචාර්ය දීපිකා උඩුගම
 
"වධහිංසාවට තිත - Stop Torture" යන මැයෙන් සංවිධානයකර ඇති මෙම පාගමන, බොරැල්ල , අංක 165, කින්සි පාරේ පිහිටා තිබෙන මානව හිමිකම් කොමිෂන් සභා මුලස්ථානයෙන් ආරම්භ කරන අතර නිදහස් චතුරශ‍්‍රය කරා ගමන්කරන බවත් එම අවස්ථාවට සහභාගිවන මෙන් මහජනතාවට ආරාධනා කරන බවත් ඇය ප‍්‍රකාශ කළේය.


මෙම පාගමන පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වු ඇය කියා සිටියේ, "නිල මට්ටමින් සිදුවන වධහිංසාවට තිති තැබිය යුතුයි යන්න, කිසිම ප‍්‍රශ්නයක් නැහැ. අපි එය අවිවාධයෙන් පිළිගන්න දෙයක්. නමුත් අපි මේ පාගමන තුළින් බොහෝ දුරට අවධාරණය කරන්නේ, සමාජයට පෙන්නුම් කරන්න අපි අවම මට්ටමකින් හරි ප‍්‍රචණ්ඩත්වයට අනුබල දෙනවානම්, එවැනි සමාජයක නිල වශයෙන් තිබෙන වධහිංසාව අපට නවත්වන්නත් බැහැ කියලා. වධහිංසාවට යම්කිසි ප‍්‍රමාණයකින් හරි තමන් අනුබල දෙනවානම්, එය තමන්ටම ආපසු හැරිල එනව කියන එක පෙන්වන්න. මට පෙනෙන විධියට නම් , අපේ සමාජය තවම සූදානම් නැහැ ප‍්‍රචණ්ඩත්වය ප‍්‍රතික්‍ෂේප කරන්න."යනුවෙනි.  

ආචාර්ය උඩුගම මෙසේ ප‍්‍රකාශ කළේ, වධහිංසාවට පාත‍්‍රවුවන්ට සහය දැක්වීම සඳහා වු ජාත්‍යන්තර දිනය සිහිකරනු වස් රයිට් ටු ලයිෆ් මානව හිමිකම් සංවිධානය විසින් ජුනි 27 වෙනිදා, කොළඹ ඔලිම්පික් හවුස් ශ‍්‍රවණාගාරයේ දී පවත්වන්නට යෙදුනු සැමරුම් උත්සවයේ ආරධිත දේශනයක් පවත්වමිනි.

-  මෙලනි



2016-06-29
Advertisement

Find us on Facebook