English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


වධහිංසාවට පාත‍්‍රවූවන් මතකයට නැගේ


රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය විසින් සංවිධානය කරනු ලැබු වධහිංසාවට පාත‍්‍රවුවන් හට සහය දැක්වීමට එක්වෙමු යන විශේෂ වැඩසටහනක් ඊයේ (27) පස්වරුවේදි කොළඹ ඔලිම්පික් හවුස් ශ‍්‍රවණාගාරයේදි පැවැත්විණි.

"කළාපීය සියලූම රටවල වධහිංසාව වැළැක්වීම පිළිබඳව කිසිඳු ක‍්‍රියාමාර්ගයන් ගෙන නොමැති බවත් ඒ සඳහා ක‍්‍රියාත්මක විය යුතු බවත්, වධහිංසා සිදුවන බවට ප‍්‍රතමයෙන් රජයයන් පිළිගත යුතු බවත් , වධහිංසා වැළක්වීම සඳහා කටයුතු කිරීම එක් පාර්ශවයකට සංවිධානයකට හෝ ආයතනයකට පමණක් සීමාකිරීමට නොහැකි බවත් ඒ සඳහා සමස්ත සමාජයම ඒකරාශිවි ක‍්‍රියාමාර්ග ගතයුතු බව" ට මෙම වැඩසටහන තුළින් ප‍්‍රතිරාවය විය.

වැඩසටහනෙහි ප‍්‍රධාන ආරාධිතයින් වුයේ ආසියානු මානව හිමිකම් කොමිෂමේ විධායක අධ්‍යක්‍ෂක, නීතිඥ බි‍්‍රජෝ ෆ‍්‍රැන්සිස්, ශ‍්‍රි ලංකා මානව හිමිකම් කොමිෂම් සභාවේ සභාපතිනි ආචාර්ය දීපිකා උඩුගම, ජාතික පොලිස් කොමිෂන් සභාවේ මාධ්‍ය ප‍්‍රකාශක ප‍්‍රියන්සි ලියනාරච්චි යන අය වු අතර ඔවුන් විසින් පිළිවෙලින් වධහිංසාව වැළැක්වීමේ යාන්ත‍්‍රණය මෙරට තුළ ක‍්‍රියාවට නංවන්නේ කෙසේද?, වධහිංසාව පිළිබඳව මැන්ෆ්රඞ් නොවැක්ගේ නිර්දේශ  ක‍්‍රියාත්මක කිරීම හා වධහිංසාව වැළැක්වීම සඳහා මානව හිමිකම් කොමිෂන් සභාව ගත් පියවරයන් , වධහිංසාව වැළැක්වීම සඳහා ගත් පියවරයන් සහ ඊට පොලිස් කොමිෂන් සභාව සතු බලතල යන මැයෙන් දේශන පැවැත්වුහ. 





විනිසුරුවරුන් හා වින්ධිතයින් අතර පවතින ගනුදෙණුවේදි හටගන්නා ඇතැම් කර්කශක, සාහසික විනය හා වෘත්තීය විරෝධි අවස්ථාවන් නිරූපනය කරමින් ප‍්‍රවින සිනමාධර ප‍්‍රසන්න විතානගේ විසින් නිෂ්පාදිත "උසාවිය නිහඬයි" වාර්තාමය සිනමාපටය ප‍්‍රදර්ශනය කළ අතර ඒ සම්බන්ධයෙන් සංවාදයක් ද ගොඩනැගුණි.  

ශ‍්‍රි ලංකාව තුළ මානව හිමිකම් සුරැකීම වෙනුවෙන් දිවිහිමියෙන් කැපවී කටයුතු කළ නීතිඥවරුන් තිදෙනෙක් මෙදිනදී රයිට් ටු ලයිෆ් මානව හමිකම් උත්තමාචාරයෙන් පිදුම් ලැබුහ. ඔවුන්, ආසියානු මානව හිමිකම් කොමිෂමේ ප‍්‍රතිපත්ති සහ වැඩසටහන් අංශයේ අධ්‍යෂක ජේ්‍යෂ්ඨ නීතිඥ බැසිල් ප‍්‍රනාන්දු , නීතිඥ උපුල් කුමාරප්පෙරුම සහ නීතිඥ ලක්සාන් ඩයස් වෙති.   


නීතිඥ ලක්සාන් ඩයස්

වධහිංසාවට පාත‍්‍රවුවන්ට සහය දැක්වීමට එක්වෙමු වැඩසටහනේ තවත් එක් සුවිශේෂි අවස්ථාවක් වුයේ වධහිංසාවට පාත‍්‍රවුවන්ගේ සජීවී අත්දැකීම් ඉදිරිපත් කිරීමයි. ඒ අනුව බදුල්ලේ සිට පැමිණි ගෝවින්දසාමී රජිනකාන්ත ද දිවුලපිටියේ සිට පැමිණි ලීලා පතිරත්න ද අම්බලන්තොට සිට පැමිණි අශෝක නන්දන යන තිදෙනා සිය අත්දැකීම් ඉදිරිපත් කළෝය.


ලීලා පතිරත්න



රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ සභාපති බි‍්‍රටෝ ප‍්‍රනාන්දු සහ විධායක ලේකම් පිලිප් දිසානායක විසින් ද විශේෂිත දේශන පැවැත්වුහ.

හරබර ගීත කිහිපයක් ඉදිරිපත් කරමින් ප‍්‍රවීන කලාකරු මානව හිතාධර ජයතිලක බණ්ඩාරයන් ඇතුළු පිරිස විසින් මෙම අවස්ථාව විචිත‍්‍රවත් කළේය. 



මෙම වැඩසටහනේ සියලූ විශේෂිත දේ්ශන සහ වින්ධිත අත්දැකීම් ඉදිරි දිනවලදි පළකරනු ඇත. එසේම සියලූ ඡායාරූපය ද, ඡායාරූපය තීරුවෙන් දැකිය හැක.


සටහන සහ ඡායාරූප -  මෙලනි මානෙල් පෙරේරා



2016-06-28
Advertisement

Find us on Facebook