English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


”සාධාරණය ඉටු වෙනකොට, බියක් සැකක් නොමැතිව ආදරෙන් ,සහෝදරත්වයෙන් අපිට ජීවත් වෙන්න පුළුවන්.” - පූජ්‍ය මාඳුළුවාවේ සෝභිත හිමි


විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරිම සඳහා නවමු කථිකාවකට ජාති ආගම් පක්‍ෂ භේදයකින් තොරව එ්කාරාශි වී ක‍්‍රියාකළ යතුය යන්න සඳහා ඊයේ (ජුලි 24)දා කොළඹ නව නගර ශාලාවේදි පැවති විද්වත් හමුවේදි පුජ්‍ය මාඳුළුවාවේ සෝභිත හිමි සිදුකළ කෙටි දෙසුමයි.

”මෙික අපේ රට අපට සාධාරණ සමාජයක් අවශ්‍යයි. ඒකට පක්‍ෂක් නැහැ. ජාතියක් නැහැ. ඒකට ආගමක් නැහැ. අන්න ඒ උදාර අරමුණ ඉෂ්ටකර ගැනීමට නම්, සියල්ලෝම එ්කරාශි වෙන්න  ඕනෙ. ලංකාවේ ක‍්‍රියාත්මක වෙන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව මුළු රටම දවසින් දවස ප‍්‍රතික්‍ෂේප කරන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක්. ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂයේ ප‍්‍රතිපත්තියක් හැටියටම, මේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව රටේ සම්මත කරනකොට, සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය දැඩිසේ විරෝධය ප‍්‍රකාශ කරලා කිව්වා මේක ආඥදායකයෙක් බිහිකරන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් කියලා. ඩඞ්ලි සේනානායක මහත්තයා කිව්වේ මේකෙන් සීසර් කෙනෙක් හදනවා කියලා. ජනාධිපතිතුමා මේකට විරුද්ධයි. එතුමා කොළඹ ඉඳලා කතරගමට පයින් ගියා. පළමුවෙනි මාර්තෘකාව වුනේ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කළ යුතුයි. 2005 ඡුන්දෙදි ජනතා විමුක්ති පෙරමුණත් එක්ක ගිවිසුමක් ගැහුවා, බලයට පත්වුනාම විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරනවා කියලා. මහින්ද චින්තනයේ පැහැදිළි වගන්තියක් තිබෙනවා තමන් බලයට පත්වුණාම පාර්ලිමේන්තුවට වගකියන අගමැති වරයෙක් පත්කරනවා කියලා. විධාක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමේ නායකත්වය ගන්නට  ඕනේ ජනාධිපතිතුමයි. එතුමා තරම් උචිත වෙනකවුරුත් නැහැ. මේකෙ නිර්මාතෘවරු හැටියට එක්සත් ජාතික පක්‍ෂය, පූර්ණ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් කරා යන්නයි කියන, විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසිකළ යුතු කියන තැනට ඇවිත් තිබෙනවා. සියලූම පක්‍ෂවල අප‍්‍රසාදය මේකට පලවෙමින් පවතිනවා. පලවෙලා තිබෙනවා. කථානායක තුමත් කියා තිබෙනවා විධායක ජනාධිපති ක‍්‍රමය වහාම වෙනස් කළ යුතුයි කියලා. අධිකරණය එහෙම පිටින්ම ජනාධිපතිවරයාගේ අණසක යටතේ පවතිනවා, එතුමා අධිකරණයට ඉහළින් ඉන්නවා. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව කියන්නෙ ශුද්ධවු නීතියක්. එ් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් හදන්න  ඕනේ විධායක ව්‍යවස්ථාදායක අධිකරණ බලතල ඉතාමත්ම පිරිසිදුව වෙන්කරලා. නුමත් මේ විධායක ජනාධිපතිවරයාට සමාන  ලෝකෙ කිසිම රටක නැහැ. ව්‍යවස්ථාදායක සභාවත් එහෙමපිටින්ම දුර්වල කරලා තිබෙනවා. සභාවෙන් වැඩක් නැහැ. කොල්වින් ආර් ද සිල්වා මහත්මයා කිව්වා මේ ව්‍යවස්ථාව ආපු වෙලාවේ, මේකට වගන්තියක් දාලා තියන්න ජනාධිපති ඉන්න කාලේ පිස්සු හැදුනොත් මේ පිස්සව එලවන්න කට්ටියක් දාලා තියන්න කියලා. එතකොට එලව ගන්න පුළුවන්. දැන් එලවා ගන්නත් බැහැනේ අපිට. එ් තරමටම විනාශයක් සිදුවෙලා තියෙනවා. කෝටි ප‍්‍රකෝටි ධනස්කන්දයක් නාස්ති කරනවා කිසිම වග විභාගයක් නැහැ. අල්ලස් හා දුෂණ වලින් මේ රට පිරිලා තිබෙනවා. එ්වා විභාග කරන්නෙ නැහැ. කෝප් වාර්තා ගණනාවක් ආවා එ්ත් එ් එකක්වත් විභාග කරන්නෙ නැහැ.”

”මේ රටේ සංවර්ධනයක් ගැන කථා කරනවා, අද වතුර නැතුව මුළු මහත් ජනතාවක් දුක් විඳිනවා. විශේෂයෙන් රජරටේ. මේ විධායක ජනාධිපති ක‍්‍රමය යටතේ අපි කුඩුවලින් ස්වයංපෝෂිතයි. අපේ ප‍්‍රධාන ආහාරය කුඩු. කුඩුවලින් ස්වයංපෝෂිත වෙච්ච රාජ්‍යයක් හැටියට අපිට මහා ගෞරවයක් තිබෙනවා. අල්ලනවා කුඩු. දඬුවම් නැහැ. වෙච්චදේකුත් නැහැ. කුඩු වාෂ්ප වෙලා යනවා. නීතියක් නැති රටක් කොහොමද සංවර්ධනය වෙන්නේ? අද ජනතාව දුක්විඳින්නේ ඇයි? ඇයි මේ දුෂණ ? තෙල්වල මිල, කිරිපිටිවල මිල, මෙ සියලූ දෙයක් ගත්තොත් මේ සියල්ලක්ම දඩ ගහන්නේ ජනතාවගෙන්, ජනතාවගේ කරපිට දාලා, නාස්තිය දුෂණ රජවෙනවා. එ් නිසා විශේෂයෙන් විද්වතුන් , විශේෂයෙන් බුද්ධිමතුන් , මේවා ගැන කථාකරන්න  ඕනේ. ජනතාවට ඇත්ත පැහැදිළි කරන්න  ඕනේ. විවිධ ක්‍ෂේත‍්‍රවල ඉහළටම ගිය ඉතා හොඳ විද්වත් පිරිසක් අද මෙතන එකතුවෙලා ඉන්නවා, එ් නිසා අපි සියලූම දෙනා එකතුවෙලා ඉතා හොඳ මැතිවරණ ක‍්‍රමයක් හදා ගනිමු. විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරමු. එ් වගේම 17 වෙනි සංශෝධනය නැවත බලගන්වලා දෙමළ ජනතාවටත්, මුස්ලිම් ජනතාවටත් , අනෙක් සෙසු ජනතාවටත් සාධාරණය ඉටුකරමු. එ් සාධාරණය ඉටු වෙනකොට බියක් සැකක් නොමැතිව ආදරෙන් සහෝදරත්වයෙන් අපිට ජීවත් වෙන්න පුළුවන්. එබඳු රටක් නිර්මාණයකර ගැනීම සඳහා පක්‍ෂ ආගම් ජාති භේද අමතක කරලා සියල්ලෝම එක වේදිකාවකට එකතු වෙන්න කියන එකයි අද මේ විද්වත් සභාවේ අරමුණ.”



2014-07-24
Advertisement

Find us on Facebook