English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


පුරවැසි බලයට අමතක වුනාද..?
ජනවාරි 8 පැතු යහපාලනය මේකද? යන මැයෙන් වූ සම්මන්ත්‍රණයක් ඊයේ (21) පුරවැසි බලය සංවිධානය හා සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය එක්ව කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාඝාරයෙදී සංවිධානය කර තිබුණි. මෙහි දී  මහාචාර්ය සරත් විජේසුරිය, සමන් රත්නප්‍රිය, නීතිඥ K W ජනරංජන, ආචාර්ය නිර්මාල් රන්ජිත් දේවසිරි, ගායන ශිල්පී සුනිල් පෙරේරා, නීතිඥ J. C වැලිඅමුණ හා ගාමිණි වියන්ගොඩ යන  මහත්වරුන් අදහස් දැක්වීය. මෙම සම්මන්ත්‍රණය සදහා විවිධ ප්‍රදේශ නියෝජනය කරමින් විශාල පිරිසක් සහභාගී වී සිටි අතර වේදිකාවේ කලාකරැවන්, සිවිල් සමාජ නියෝජිතයින්, පුජකයින් ඇතුලු සෑහෙන පිරිසක් අසුන් ගෙන ද සිටියහ.


මෙම සම්මන්ත්‍රණයේ දී ප්‍රධාන වශයෙන් සාකච්ඡාවට බදුන් වුයේ මහ බැංකු අධිපතිගේ ගැටලුව ඇතුලු අනෙකුත් දුෂණ, වංචා හා අපරාධ සම්බන්ධ කාරණා පමණක් වීම විශේෂත්වයකි. බලය බෙදා ජාතික සංහිදියාව ගොඩනැගීම, විධායක ජනාධිපති ක්‍රමය අහෝසිකර ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමය ස්ථාපිත කිරීම පිළිබදව කාරණා පිළිබදව අදහස් කිසිදු කථිකයෙකුගෙන් විධිමත්ව ඉදිරිපත් නොවීම මෙහි කැපී පෙනෙන අඩුවක්ව පැවතුනි.

උපුටා ගැනීම - http://www.right2lifelanka.org



2016-06-22
Advertisement

Find us on Facebook