English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


සාමය සංහිදියාව ගොඩනැගීම සඳහා රජය, සිවිල් සංවිධාන හා එ.ජා සංවිධානය එක්වේ
ශ්‍රී ලංකාව තුල ස්ථිර සාමයක් ගොඩනැගීම සදහා එක්සත් ජාතීන්ගේ සාමය ගොඩනැගීමේ අරමුදලේ නියෝජිතයින්ගේ හා මෙරට ක්‍රියාත්මක සිවිල් සංවිධාන නියෝජිතයින්ගේ  මූලික සාකච්ඡාවක් ඊයේ (21) කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ මුලස්ථානයෙදී පැවැත් විය


අවරුදු 3 ක වැඩසටහනක් වන මෙම සාමය ගොඩනැගීමේ වැඩසටහන එක්සත් ජාතීන්ගේ සංවිධානය, ශ්‍රී ලංකා රජය හා සිවිල් සංවිධාන යන පාර්ශව තුනේම නියෝජිතයින්ගෙන් සමන්විත විශේෂ මණ්ඩලයක් මඟින් ක්‍රියාත්මක කිරීමට නියමිතයි. මෙම විශේෂ මණ්ඩලය සඳහා සිවිල් සංවිධාන නියෝජිතයින් වශයෙන් බ්‍රිටෝ ප්‍රනාන්දු, මිරාක් රහීම් හා සුරේඛා යන මහත්ම මහත්මීන් පත්වී තිබේ.

මේ වන විට රජය විසින් ඉදිරිපත් කර තිබෙන වගවීම හා සංක්‍රාන්ති යුක්තිය ගොඩනැගීම, සංහිදියාව හා යහපාලනය ගොඩනැගීම, නැවත පදිංචි කිරීම හා නැවත ඇති නොවීම යන මූලික  කාරණා සම්බන්ධයෙන් රජය, සිවිල් සමාජය හා එක්සත් ජාතීන්ගේ සංවිධාන යන ත්‍රිත්වය එක්ව ක්‍රියාත්මක විය යුතු ආකාරය මෙහි දී සාකච්ඡා විය. මෙම මුලික වටයේ සාකච්ඡාව සඳහා සිවිල් සංවිධාන 40 ක් පමණ නියෝජිතයින් සහාභාගී විය.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයින්ගෙන් සමග පැවති සාකච්ඡාවෙන් පසුව පැවැති සිවිල් සමාජ නියෝජිතයින් පමණක් සහභාගී වූ සාකච්ඡාවේ දී ලබන ජුලි මාසයේ සිට ඇරඹෙන මෙම ක්‍රියාවලිය සදහා විධිමත් වැඩපිලිවෙලක් සැකසීම සඳහා සිවිල් සංවිධාන  නියෝජිතයින් 100 ක ගේ සහභාගීත්වයෙන් විශේෂ සමුළුවක් පැවැත්වීමට මෙහිදී තීරණය විය. එය ජුනි 30 වනදා කොළඹදී පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇත.

උපුටා ගැනීම - http://www.right2lifelanka.org




2016-06-22
Advertisement

Find us on Facebook